ඒ ලෙවල් අන්තිම දවසේ අතුරුදන්වූ සිසුවිය මාසෙකට පසු මහරගමින් මතුවෙයි

by October 30, 2014 1 comments
පසුගිය අගොස්තු මස උසස් පෙළ විභාගය අවසන්වූ දිනයේ සිට නිවසින් අතුරුදන්ව සිටි සිසුවියක මාසයකට පසු මහරගම ප‍්‍රදේශයේ නාඳුනන කුලී නිවසක සිටියදී හමුවීමේ පුවතක් වාර්තා වනවා. මාලඹේ පදිංචිව සිටි මෙම
සිසුවිය අතුරුදන් බවට ඇගේ නිවසේ අය පොලිසියට පැමිණිලි කර තිබුනේ ඇය පසුගිය අගොස්තු 29 වනදා උසස් පෙළ විභාගය ලියා අවසන්කර නිවසට යළි නොපැමිණි නිසාය.

නමුත් ඇය ඇගේ කැමැත්තෙන්ම නිවසින් පැනගොස් තිබුණ අතර මාලඹේ පාසලකට ගිය ඇය විභාගය අවසන් වූ දිනයේ නිවසට නොයා මහරගමට පැමිණ කුලී නවාතැන් ස්ථානයක නතරවී පසුදා සිට රහසිගත සැලසුමකට අනුව රැුකියාවකටද ගොස් ඇත. ඇය නිමි ඇඳුම් අලෙවි කරන ස්ථානයක සේවිකාවක ලෙස රැුකියාව කර තිබුණා.

ඇයගේ මිතුරියන් සමග පවත්වාගෙන ගිය සම්බන්ධතා සහ ඇයගේ දුරකථන ඇමතුම් ගැන ලැබුණ තොරතුරු ඔස්සේ මිරිහාන පොලිසිය සිදු කළ විමර්ශනයකින් පසුව ඇය නතරවී සිටි කුලී නිවස සොයාගත් අතර එය මේ ආකාරයේ සේවිකාවන් නතර කර සිටින බෝඩිම් නිවාසයක් බව අනාවරණය වුණා. ඇය මේ අකාරයට ක‍්‍රියා කර ඇත්තේ ඇය ඉගෙනුම ලැබූ මාලඹේ පිහිටි ප‍්‍රසිද්ධ බාලිකා පාසලේ ගුරුවරියකගේ උපදෙස් හා උදව් නිසාය. මේ ආකාරයට ඇය රඳවා තබාගැනීමේ යටි අරමුණ පිළිබඳ විමර්ශන තවම අවසන්ව නැති අතර ඇගේ නිරුවත් ඡුායාරූප ලබාගෙන ඇති බවට හා ඇයට අපචාර සඳහා යොදාගෙන ඇති බවට සැකකටයුතු කරුණු මතුව ඇති බවත් ඒ ගැන වැඩිදුර පරීක්ෂණ සිදුකරන බවත් පොලිසිය වාර්තා කරනවා. ඇයට මේ ආකාරයට නිවසින් පැනයන්නට උදව් කර ඇති පාසල් ගුරුවරියගේ වයස අවුරුදු 34 ක් වන අතර විවාහක දෙදරු මවකි.

ගුරුවරිය තමාට මහරගමට පැමිණෙන ලෙස දන්වා රෙදි සාප්පුවක රැුකියාවකට යොමුකර මහරගම බෝඩිමක නවතා ගිය බව සිසුවිය විසින් ප‍්‍රකාශ කළද ගුරුවරිය මේ සියල්ල ප‍්‍රතික්ෂේප කිරීම නිසා පොලිස් පරීක්ෂණ සිදුකිරීම අසීරුවී ඇත. නමුත් සිසුවිය මෙම ගුරුවරියකගේ පෙලඹවීම මත මාසයක කාලයක් නිවසින් අතුරුදන් කර ඇති බව මිරිහාන මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට ලැබී ඇති තොරතුරු වලින් අනාවරණයවී ඇත. මෙම කාලය තුළ කලකී දෑ සම්බන්ධයෙන් විමසද්දී සිසුවිය ගොළුවීමද පොලිසියට සැකයට කරුණු මතුකර ඇත. අතුරුදන්ව සිටි සිසුවිය මේවනවිට පොලිසිය මගින් ඇගේ මවට භාර දී ඇත.සිසුවියට වැඩිමල් සොයුරෙකු සිටින අතර පියා මියගොස්ය.

සිසුවිය මෙලෙස සිටි මසක කාලය තුළ ඇයව අපචාර ක‍්‍රියා සඳහා ගුරුවරිය යොදාගත්තේ ද යන්න සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බවත් සිසුවිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ඊයේ (07 වැනිදා* කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමුකළ බවත් පොලිසිය ප‍්‍රකාශ කළා.

Dating Local Club

Developer

Cras justo odio, dapibus ac facilisis in, egestas eget quam. Curabitur blandit tempus porttitor. Vivamus sagittis lacus vel augue laoreet rutrum faucibus dolor auctor.

1 comment:

  1. ;(( ;(( ;(( ;(( ;(( ;(( ;(( ;(( ;(( ;(( ;(( ;(( ;(( ;(( ;(( ;(( ;(( ;(( ;(( ;(( ;(( ;(( ;(( ;(( ;((

    ReplyDelete