කළුතර ප‍්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන 15 හැවිරිදි රූමත් ශිෂ්‍යාවක් දොඩංගොඩ ලැගුම්හලකට රැුගෙන ගොස් ¥ෂණය කිරීම, දැරිය ¥ෂණය කරන ආකාරය වීඩියෝගත කර එම වීඩියෝ පට අලෙවි කිරීම සම්බන්ධයෙන් ඊයේ (14 දා* දහවල් වන විට තරුණයන් 6 දෙනකුකළුතර කොට්‌ඨාස ළමා හා කාන්තා කාර්යාංශය හා දොඩන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.
මෙම ශිෂ්‍යාව සිය පෙම්වතා සම`ග සිටින ඡුායාරූපයක් ඇයට පෙන්වූ තරුණයන් ඇයව බියගන්වා සිය මිතුරන් සම`ග අවන්හලකට රැුගෙන ගොස් ¥ෂණය කර ඇත. ඇය තරුණයන් සම`ග ගතකරන ආකාරය වීඩියෝගත කර ඇතැයි ද පොලිසිය කියයි.
මෙම ශිෂ්‍යාවගේ මව විදේශගත වී ඇති අතර පියා පාසල් බස් රථ රියෑදුරකු වන අතර දැරිය සිය ආච්චිගේ රැුකවරණය යටතේ පසුවන බව ද පොලිසිය පවසයි.
මෙම දැරිය ¥ෂණය කළ තරුණයන් තිදෙනා අවුරුදු 18 හා 19 වයසේ පසුවන අතර සැකකරුවන් අතර දැරිය හා තරුණයන් එකට ගතකරන නිරුවත් ඡුායාරූප ගත් තරුණයා ද ලැගුම්හල් කළමනාකරු ද නිරුවත් වීඩියෝ පට ළ`ග තබාගත් තරුණයා ද ඊයේ දහවල් වන විට අත්අඩංගුවට ගෙන තිබිණි.
ලැගුම්හල් හිමියා පොලිසිය මගහරිමින් සිටින අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්‌ඩායමක් යොදවා ඇතැයි ද පොලිසිය පවසයි..
මෙම දැරියට සිය මව විසින් පරිගණක ඇතුළු විද්යුත් උපකරණ රැුසක් එවා ඇතැයි ද පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණය විය.
කළුතර නියෝජ්‍ය පොලිස්‌පති සුමිත් එදිරිසිංහ, කළුතර කොට්‌ඨාස භාර පොලිස් අධිකාරි රංජිත් කොඩිතුවක්‌කු යන මහත්වරුන්ගේ උපදෙස් පිට පෙරේදා (13 දා* සහකාර පොලිස් අධිකාරි සුගත් ගලගමගේ මහතා පරීක්‍ෂණ පැවැත්වූ අතර සුගත් ගලගමගේ මහතා ඊයේ (14 දා* සිට මොනරාගලට මාරුවීමෙන් පසු සහකාර පොලිස් අධිකාරි සමන්ත වෙදගේ මහතාගේ උපදෙස් පිට කළුතර කොට්‌ඨාස භාර ළමා හා කාන්තා කාර්යාංශයේ ස්‌ථානාධිපති පොලිස් පරීක්‍ෂිකා මල්කා තුෂාරි, දොඩංගොඩ පොලිස් ස්‌ථානාධිපති පොලිස් පරීක්‍ෂක ලසන්ත බුද්ධික යන මහත්ම මහත්මීහු ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් පරීක්‍ෂණ පවත්වති.
අතවරයට ලක් වූ දැරිය වෛද්‍ය ප‍්‍රතිකාර ලබන අතර සැකකරුවන් ඊයේ (14 දා* මතුගම මහෙස්‌ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.


0 comments:
Post a Comment