සමිතා පසුගියදාක එක්තරා රූපවාහිනී වැඩසටහනකදී ක‍්‍රිකට් ක‍්‍රීඩක ඩිල්ෂාන්ට ඔයාගේ රූප රචනාවක රගපාන්න ආරාධනා කළා නේද..?
වැඩසටහනේදී නිකමට වගේ කියපු කතාවක් ඒක...
නමුත් ඩිල්ෂාන්ට සමිතා සැබෑවටම ආරාධනා කළ බවයි බොහෝ අය හිතන්නේ....
නිකමට කතාකළා කිව්වට මම ඇත්තටම කැමතියි ඩිල්ෂාන් මගේ විෂුවල් එකක රගපානවට.
ඔබේ ඒ ආරාධනය ඩිල්ෂාන් පිළිගත්තද?
දැනට නම් පිළිතුරක් ලැබුණෙ නැහැ.
ඩිල්ෂාන් ඔබේ රූප රචනයට එකතු වෙනවට ඔබ කැමතියිනේ...?
ගොඩක් ආසයි.
ඔබ එදා කළ යෝජනාව ඩිල්ෂාන් සැබෑවටම පිළිගත්තොත්...?
එහෙම නම් මම ගොඩක් සතුටුයි... එහෙම වුණොත් මම ඩිල්ෂාන්ව යොදාගෙන බොහොම ලස්සන විෂුවල් එකක් කරනවා...එහෙම වුණොත් ඒක රසිකයන්ට අලූත් අත්දැකීමක් වේවි.....තිලකරත්න ඩිල්ෂාන් වගේ සුපිරි ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙක් විෂුවල් එකකට ආවොත් ඒක රසිකයන්ට සුවිශේෂ අත්දැකීමක් වේවි.
සැබෑවටම ඒ අවස්ථාව උදාකරවන්න කැමති නැද්ද?
බලමු...
එහෙම වුණොත් ඩිල්ෂාන්ව යොදාගන්නේ කුමන ගීතයටද..?
මම අලූතින් කරපු ගීත කිහිපයක්ම තියෙනවා... ඒ සිංදු ටික ඔක්කොම ඩිල්ෂාන්ටයි මංජුලාටයි දීලා හොඳ එකක් තෝරාගන්න කියනවා... ඊට පස්සේ ඒ සිංදුව ඩිල්ෂාන්ව දාලා විෂුවල් කරනවා...
ඒ විෂුවල් එකේදි ඩිල්ෂාන්ගෙ පෙම්වතියගෙ චරිතයට තෝරගන්නේ කාවද...?
මංජුලා තිළිණි...
මංජුලා දැන් රගපෑමෙන් දුරස්වෙලා නේද..?
මංජුලා දැන් දරු තුන්දෙනකුගේ මවක්... ඒත් මට නම් හිතෙන්නේ මංජුලා ඉස්සරටත් වඩා ලස්සන වෙලා කියලා... මංජුලා දැනට වුණත් රගපෑමට ඉතාම සුදුසුයි. ඒත් එයා දරුවන්ටම කැපවෙලා හින්දයි රගපෑමෙන් දුරස්වෙලා ඉන්නේ...
ඒ හින්දා සමිතගේ රූප රචනයේ ඩිල්ෂාන්ගේ පෙම්වතියගේ චරිතය මංජුලා ප‍්‍රතික්ෂේප කළොත්....?
එහෙම වුණොත් ඒ චරිතය මම රගපානවා...
ිඉරපායා’ වැනි ටෙලි නාට්‍යවල සමිතා කළ රගපෑම අපිට තවම මතකයි. මංජුලා වගේම සමිතත් තවම ලස්සනයි. සමිතා ආයෙම රගපෑමට එනවා නම් ඒකත් හොඳ ප‍්‍රවෘත්තියක්.
මුල් කාලයේ රගපෑවට පස්සේ කාලේ මම එයින් දුරස්වෙලා සංගීතයටම යොමුවුණා. රගපානවට වඩා සංගීතය තුළ ඉන්නයි මගෙ අදහස. මගේ විෂුවල්වලට මම එකතුවෙයි. හැබැයි ඉන් එහා ටෙලි නාට්‍ය, චිත‍්‍රපට වැනි නිර්මාණවලට නම් රගපෑමෙන් එකතුවන්නේ නැහැ.
සාමාන්‍ය ජීවිතය ගවෛන්නේ කොයි විදියටද?
දුවට දැන් වයස අවුරුදු 18යි. පුතාට 12යි. ඒ දෙන්නගෙ කටයුතුවලට තමයි කාලය යෙදෙන්නේ. ඒ වගේම මගෙ සංගීත කටයුතුත් කෙරෙනවා.
සමිතගෙ ¥ කාවින්ද්‍යා නිවේදිකාවක් ලෙස අප දකිනවා. ඇය ගැනත් තොරතුරු ටිකක් කියන්න...
දුව කොළඹ බෞද්ධ කාන්තා විද්‍යාලයේ උසස් පෙළ හදාරනවා. සිරස ටී.වී. තුළින් ර්‍ණ16 තභඵ..” වැඩසටහන ඉදිරිපත් කරනවා.
කාවින්ද්‍යා නිවේදිකාවක් වගේම ගායිකාවක්.
ඔව්. ඇය ගායනයටත් සම්බන්ධයි.
අමිල පෙරේරා සමග ගායනා කළ හංගාගෙන සිටියා ගීතයෙන් කාවින්ද්‍යා ලොකු පේ‍්‍රක්ෂක
පිරිසකගේ ආකර්ෂණය දිනූ ගායිකාවක් වුණා...
ඔව්. දුව ගායනයට..දක්ෂතාවයක් වගේම ආශාවක් දක්වනවා. දිගටම ඇය සංගීතය තුළ රැුඳී සිටීවි...
කාවින්ද්‍යා නිළියකට සුදුසුයි.
මේ වෙද්දිත් ටෙලි නාට්‍ය කිහිපයකින්ම ඇයට ආරාධනා ලැබුණා... ඒත් ප‍්‍රශ්නෙ තියෙන්නේ දුව රගපාන්න අකමැති වීම... එයා සංගීතය තුළ නිවේදනය තුළ රැුඳී ඉඳීවි... ඒත් රගපෑමෙන් නම් ඉදිරියට යන එකක් නැහැ..
ආරියවංශ කුලතිලක
උපුටා ගැන්ම ලක්බිම


0 comments:
Post a Comment