මිනිසාගේ හොඳම මිතුරා ලෙස සැලකෙන සුනඛයන් කුරිරු අන්දමින් ඝාතනයකොට මසට අලෙවි කිරීම සම්බන්ධව වියට්නාමය ඉතා ප‍්‍රසිද්ධය. සත්ව අයිතිවාසිකම් පිලිබඳ ක‍්‍රියාකාරිකයෙකු වියට්නාමයේදී මුහුණදුන් අත්දැකීම් සම්බන්ධව විදෙස් මාධ්‍ය වාර්තාකොට තිබුනේ මෙලෙසිනි.
සුරතලයට ඇති කල බල්ලන් දෙදෙනෙකු නිවෙස් වලින් පැහැර ගෙන විත්, බියට පත් වී සිටි අසරණයින් දෙදෙනාගේ උගුරු දණ්ඩ පලා ලේ වැගිරීමට ඉඩ හැර පණ පිටින්, නටන ජලය බඳුනකට මා ඉදිරියේම විසි කළහ.යකඩ පොල්ලකින් හිසට පහර දී උතුරන ජලයේ තම්බන සුනඛ සුරතලූන් මොහොතකින් පවුම් 30 ක් වටිනා සුපිරි ආහාර වේලක් බවට පත් වනු මා දෑසින් දුටු අතර මිනිසුන් තිරිසනුන්ට වඩා අන්ත බව මට සිතුනි.
වියට්නාමයේ හැනෝයි අගනුවරට කිලෝ මීටර් 3 ක් නුදුරින් ඇති බලූ මස් අවන්හලක් පිටුපස සුනඛ ඝාතනාගාරයක් තුළ සිදු වූ අමානුෂික ඝාතන දැක මා හද කම්පා විය
මේ සුනඛයින් සොරකම් කල සුරතලූන් නොවේදැයි ඇසු විට කෝපයට පත් මස් කඩ හිමිකරු යකඩ පටියක් ආධාරයෙන් කුඩුවෙන් ඉවතට ගත් බියපත් දෑසින් සිටි සුරතලකුට වියරුවෙන් පහර දී ඉන්පසු පණපිටින් ඌ හම ගසන්නට තම සහයකයා වෙතට විසි කළේය. උගුරුදණ්ඩ කපනු ලැබූ බල්ලන් මරු විකල්ලෙන් ද`ගලන විට විදින රුධිරයෙන් ඒ බිම නැහැවී තිබුණි.
හම ගසනු ලැබූ සතුන්ගේ සිරුරු බියට පත් වී කූඩු වල සිරවී සිටින සතුන් ඉදිරියේ දමා තිබුණේ ඉතා අමානුෂික ආකාරයට ය.
සුනඛයන් කුඩූ වල දමා මරණ දඬුවම දෙනතෙක් රඳවා ගන්නා අයුරු.
ෘදට-පැ්එ-එර්ාැර-ඉමඑජයැරුා-එඅද-රෙසටයඑැබැා-චැඑි-*-එයැබ-ඉදසකැා-එයැප-්කසඩැ-ඨදිිසච-ඛ්බන්-භැඅි-අඅඅගටදිිසචිසබය්ක්බැඅිගජදප
වියට්නාමයේ හා තායිලන්තය යන රටවල බලූ මස් සඳහා අධික ඉල්ලූමක් ඇත්තේ පුරුෂ ලිංගික ශක්තිය වඩවන ආහාරයක් ලෙස එරට වැසියන් විශ්වාස කරන නිසාවෙනි.



0 comments:
Post a Comment