
එල්.ටී.ටී.ඊ. සංවිධානයට පනවා තිබූ තහනමට අදාළ රෙගුලාසි ලිහිල් කිරීමට අදාළ නියෝගය නීතිමය තීරණයක් බව යුරෝපා සංගමය පවසනවා
. නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කළේ තහනම ඉවත් කිරීම පිටුපස දේශපාලන හෝ අන් කිසිදු බලපෑමක් නොමැති බවයි.
එල්.ටී.ටී.ඊ. සංවිධානයට පනවා තිබූ තහනම සම්බන්ධයෙන් වන රෙගුලාසි ලිහිල් කිරීමට යුරෝපා අධිකරණය පසුගිය සිකුරාදා නියෝග කළා. කෙසේ වෙතත් මීට අදාළව යුරෝපා අධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීමටයි ලක් රජය තීරණය කර ඇත්තේ.
මේ අතර එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මංගල සමරවීරද මේ සම්බන්ධයෙන් අද නිවේදනයක් නිකුත් කර තිබුණා. ඔහු පෙන්වා දෙන්නේ තමන් විදේශ අමාත්‍ය ධුරය දැරූ කාලයේ යුරෝපා සංගමය තුළ එල්.ටී.ටී.ඊ. සංවිධානය තහනම් කරමින් ලබාගත් නියෝගය වත්මන් රජයට තවදුරටත් පවත්වාගෙන යාමට නොහැකිවීම විශ්මයට කරුණක් බවයි.


0 comments:
Post a Comment