?ට ?ට හොරෙන් ගෙට රිංගා පාසල් සිසුවිය ගැබිණියක් කරලා

by October 21, 2014 0 comments
වයස අවුරුදු 15 යි මාස 07 ක පාසල් සිසුවියක සමග පේ‍්‍රම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගොස් ඇය ගැබිණියක් බවට පත් කර පලා ගොස් ඇති තරුණයෙකු
අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ සිදු කරන බව මාරවිල පොලීසිය කියයි.

අතවරයට ලක්ව ගැබිණියක බවට පත්ව ඇත්තේ මාරවිල පොලිස් වසමේ කටුනේරිය, ගල් බොක්ක වත්ත පදිංචිව සිටි පාසල් සිසුවියකි. ඇය ප‍්‍රදේශයේ පාසලක 11 වන වසර පන්තියේ ඉගෙනුම ලබමින් සිට ඇත.

පලා ගොස් ඇති සැකකරු අතවරයට පත්ව ඇති දැරියගේ පෙම්වතා බවත්,ඔහු කටුනේරියේ පදිංචි 25 හැවිරිදි අයෙකු බවට හඳුනා ගෙන ඇති බවත් පොලීසිය කියයි.

තම දියණිය නිතර රෝගී වීම හේතුවෙන් ඇයව ප‍්‍රතිකාර සඳහා පුද්ගලික වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කිරීමට දැරියගේ මව්පියන් කටයුතු කර ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ ඇය සත් (07* මස් ගැබිණියක බවය.

ඒ අනුව මව්පියන් විසින් දැරියගෙන් මේ සම්බන්ධයෙන් විමසා තිබේ.

තම පෙම්වතා 2012 වසරේ අපේ‍්‍රල් මාසයේ දිනක පළමු වරට රාත‍්‍රී කාලයේ මව්පියන්ට හොර රහසේ තම නිවසට පැමිණි බවත්,එදින පළමු වරට ඔහු හා තමන් අඹු සැමි ඇසුරක් පැවැත්වූ බවත් දැරිය මව්පියන් හමුවේ පවසා ඇත.

එදින සිට අවස්ථාව ලැබෙන සෑම දිනකම රාත‍්‍රී කාලයේ තම නිවසට මව්පියන්ට හොර රහසේ ඇතුළු වන පෙම්වතා තමා සමග අඹු සැමි ඇසුරක් පැවැත්වූ බවද ඇය වැඩිදුරටත් පවසා තිබේ.

ඒ අනුව දැරිවියගේ මව්පියන් සැකකාර පෙම්වතා සොයා ගියත් ඔහු ඒ වන විට ප‍්‍රදේශය අතහැර ගොස් තිබී ඇති බවට පොලීසියට පැමිණිලි ලැබී ඇත.

දැරිය මේ වන විට මාරවිල මූලික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියි.

සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත.

මාරවිල පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන ය

Dating Local Club

Developer

Cras justo odio, dapibus ac facilisis in, egestas eget quam. Curabitur blandit tempus porttitor. Vivamus sagittis lacus vel augue laoreet rutrum faucibus dolor auctor.

0 comments:

Post a Comment