සබරගමුව සිසුන්ගේ දෙමව්පියන් සරසවියට කැදවයි.

by October 21, 2014 0 comments

ලබන 24 වැනිදා සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන්ගේ දෙමව්පියගේ විශේෂ රැස්වීමක් පැවැත්වෙන බව  එම විශ්වවිද්‍යාලයේ ආචාර්ය සංගමය පවසනවා.  එහි සභාපති ආචාර්ය හිනිදුම
සුනිල් සෙනෙවි හිරු ප‍්‍රවෘත්ති අංශයට සඳහන් කළේ තම සංගමය සහ උපකුලපතිවරයා සමග පැවති සාකච්ඡුාවකදී මෙම තීරණයට පැමිණි බවයි. ඒ අනුව සබරගමුව විශ්වවිද්‍යාලය  නැවත විවෘත කරන දිනය පිළිබඳව ලබන 24 වැනිදා පැවැත්වෙන දෙමව්පිය රැුස්වීමේදී තිරණය කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

සබරගමුව විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දැමීමට එහි පාලනාධිකාරිය පියවර ගත්තේ පසුගිය 5 වැනිදායි. එ් උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී.දිසානායක විසින් විවෘත කළ කාන්තා නේවාසිකාගාර දෙකක් ප‍්‍රමිතියෙන් තොර බවට පවසමින් එහි සිසුවියන් පිරිසක් සිංහරාජ පිරිමි නේවාසිකාගාරයේ බලහත්කාරයෙන් ඇතුළුවීම හේතුවෙන්්.

මේ අතර ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය ඊයේ සංවිධාන කළ විරෝධතා පා ගමන අතරතුරදී කදුළු ගෑස් සහ ජල ප‍්‍රහාර එල්ලවීමෙන් සිසුන් 12 දෙනෙකු රෝහල්් ගතව ප‍්‍රතිකාර ලබන බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය ප‍්‍රකාශ කළා.

Dating Local Club

Developer

Cras justo odio, dapibus ac facilisis in, egestas eget quam. Curabitur blandit tempus porttitor. Vivamus sagittis lacus vel augue laoreet rutrum faucibus dolor auctor.

0 comments:

Post a Comment