ගම්පහ අස්ගිරියේ හොල්මන් කත ගැටවරයන් පස්සේ පන්නය

by October 27, 2014 0 comments
රාත‍්‍රියේ සැරි සරන අද්භූත කාන්තාවක් නිසා මේ දිනවල ගම්පහ අස්ගිරිය ප‍්‍රදේශවාසීහු දැඩි භීතියට පත්වී සිටිති.

රාත‍්‍රී කාලයේදී අස්ගිරිය ඇනිකට් පාරේ ගමන් කළ තරුණයින් කීප දෙනෙකුටම අපිළිවෙළට ඇඳ පැළඳ කොණ්ඩය කඩා ගත් කාන්තාවක් දක්නට ලැබි තිබේ. මේ නිසා ඇඳිරි වැටීමෙන් පසු අදාළ මාර්ගයේ ගමන්
කිරීමට බොහෝ දෙනෙක් බිය වෙති.

මේ පිළිබඳව පළ වූ ඇතැම් මාධ්‍ය වාර්තාවල සඳහන් වූයේ මෙම අවතාරය දුටු කිසිවෙකු හෝ මාධ්‍ය ඉදිරියට පැමිණ තම අදහස් ඵල නොකළ බවයි.

එබැවින් මෙම අවතාරය හුදෙක් කටකතාවක් විය හැකි බවටද මත ඵල වී තිබුණි.

පළාතක් භීතියෙන් භීතියට පත් කළ අස්ගිරියේ අත්භූත කතා සොයා අපි පසුගියදා ප‍්‍රදේශයේ සංචාරය කළෙමු.

එහිදී හමුවූ ප‍්‍රදේශවාසීන් පවසා සිටියේ මෙම කාන්තා අවතාරය දැන් මාස කීපයක සිට ඇනිකට් පාරේ ඇති ඇනිකට් එක අසල ගැවසෙන බවයි. මෙම අවතාරය වැඩිපුර මුණ ගැසෙනුයේ තරුණයින්ට බවත් ඔවුහු පැවසුවෝය. මේ වන විට තරුණයින් 13ක් පමණ මෙම අවතාරයට බියවී ඇති බවක් ඔවුහු වැඩිදුරටත් පැවසූහ.

මෙම අද්භූත සිදුවීමට මුලින්ම මුහුණ දුන් තරුණයා සොයා අපි ඔහුගේ නිවසට ගොඩ වැදුනෙමු. ඔහු 16 හැවිරිදි පාසල් සිසුවෙකි. නමින් චාමික දිල්ෂාන්ය.

එදා වෙසක් දාට පසුවදා වෙලාව ? 11.30 විතර ඇති. අපි පස් දෙනෙක් බයිසිකල් දෙකකින් වෙසක් බලන්න ගියා. මම හිටියේ එක බයික් එකක මැද. ඔය ඇනිකට් එක උඩින් යන කොට මම නිකමට වගේ පහළින් තිබුණු ඇළ දිහා බැලූවා. ඒ එක්කම ඈතින් සුදුපාට ඡුායාවක් වගේ මට පෙනුණා. එතකොටම මුළු ඇගම සීතල වෙලා පණ නැතිව වගේ ගියා. මම දන්නේ එච්චරයි. ආයිත් මට සිහි ආවේ පන්ස‍ලේ හාමුදුරුවෝ ඇප නූල දාන වෙලාවේ.

ඒ මොහොතේ සිට සිදුවූ දෙය අප හමුවේ විස්තර කළේ චාමික සමග එකම යතුරු පැදියේ ගමන් කළ ඔහුගේ මිතුරාය.

මමයි බයික් එක පැදගෙන ආවේ. ඇනිකට් එකඋඩට එන කොටම අමුතු හීතල හුළගක් හමන්න වුණා. වටේ තිබුණ ගස් හුළගට ඇඹරෙනවා. අපි ඇහැටම දැක්කා. ඒ එක්කම ඈතින් බලූ රංචුවක් උඩුබුරන හඩ ඇහුනා.

එතකොටම මගේ පිටිපස්සේ වාඩිවෙලා හිටපු චාමික එක පාරම කීවා බයික් එක නවත්තපන්, නවත්තපන් කියලා. ඒ පාර මම බයික් එක නැවැත්තුවහම එයා කීවා ඇනිකට් එකට බහින්න  ඕනෑ කියලා අපිට පුදුමත් හිතුණා. ඒත් එයාගෙ වෙනසක් දැක්ක නිසා මම එයාව තදින් අල්ල ගත්තා. චාමික හදන්නෙම පහළින් තියෙන ඇනිකට් එකට බහින්න. අපි එයාවත් අල්ලගෙන ආයිත් බයික් ස්ටාට් කරන්න හැදුවත් බයිසිකල් දෙකම ස්ටාට් වුණේ නැහැ. ඒත් ඇනිකට් එක පහු කරළා ඇවිත් ස්ටාට් කළා විතරයි හරි ගියා. චාමිකගේ දැගලිල්ල එන්න එන්නම වැඩි වුණා. අපි අමාරුවෙන් එයාව ගේ ගාවට ගෙනාවාම එයා ගැන හඩකින් හූ තුනක් කීවා. අපි හතර දෙනාටම එයාව මෙල්ල කර ගන්න බැරි නිසා ගෙදර ඇඳට දාලා ලණුවලින් බැන්දා.

චාමිකගේ නැන්දණිය වූ නාලිකා ප‍්‍රියංගනී මහත්මිය සිද්ධිය මෙසේ විස්තර කළාය.

චාමික පුතා ගේ යාළුවා හූ කියන කොට අපිට පුදුම හිතුනා. එයා මේ පාර සා.පෙළ කරන්න ඉන්න ළමයෙක්. කවදාවත් ඔහොම හැසිරිලා නැහැ. යාළුවො තමා මේ විස්තරේ කීවේ. එයා ගෙදර ආපු වෙලාවේ ඉඳන් ගෑනියෙක් වගේ හැසිරුනේ. කොයි වෙලාවෙත් ඇනිකට් එක ළගට යන්න  ඕන කියනවා. අපි ළමයා පාන්දරම බෝධි පූජාරාමයේ හාමුදුරුවො ළගට අරන් ගිහින් ඇප නූලක් දැම්මා. එතකොට තමයි එයාට සිහිය ආවේ.

ඒත් සමහර මාධ්‍යවල පළවුණා ළමයි මෙහෙම හැසිරෙන්නේ මත්කුඩු ගහල කියලා. ඒක අමූලිකම බොරුවක්.

අප බෝධිපූජාරාමයේ නාහිමියන් මුණ ගැසීමට උත්සහ කළද උන්වහන්සේ විහාරස්ථානයේ වැඩ නොසිටියා. ඇතැම් දෙනා පවසා සිටියේ මීට වසර කීපයකට පෙර එම ඇනිකට් එකේ දිය නෑමට ගොස් මියගිය කාන්තාවකගේ ආත්මය මෙසේ ප‍්‍රදේශයේ සැරිසරන බවයි. නමුත් අවතාරය දුටු බව කියන කිසිවෙකු හෝ එම කාන්තාව හරි හැටි හඳුනා ගෙන නොතිබුණි.

ඇනිකට් එක ආසන්නයේම පදිංචිකරුවෙකු පැවසුවේ ගම්පළ සිට පැමිණි ඔහුගේ ඥාතියෙකි. මෙම සිද්ධිය නොදැන එම ස්ථානයෙන් පැමිණෙමින් සිටියදී හදිසියේම ඔහුගේ යතුරු පැදිය ක‍්‍රියා විරහිත වූ බවයි. ඔහු ඒ න තෙක් අවතාරය පිළිබඳ නොදැන සිටි නිසා බියට පත් වී නැත. එහෙත් එම මොහොතේ බියකරු හඬක් සමග දැඩි සීතලක් දැනුණු බවට ඔහු පවසා තිබේ.

දැන් මාසයක පමණ කාලයක සිට අවතාරය දක්නට නොමැති බවටද රාවයක් පවතී.

12 වැනි ළමයා බය කළාට පස්සේ වෙද මහත්තයෙක් ඇවිත් භූතයා අල්ලලා බෝත‍ලේකට දාන් ගියා. ප‍්‍රදේශවාසී කාන්තාවක් අප සමග පැවසුවාය.
අපට අවසන් වරට අවතාරය මුණ ගැසුණු බව කියන තරුණයාද හමු වීමට හැකිවිය.

පාසල් සිසුවෙකු වන 16 හැවිරිදි පැතුම් කාවින්ද තමන් මුහුණ දුන් බියකරු සිදුවීම මෙසේ විස්තර කළේය.

මම එදා ගියේ බණ ගෙදරකට යන්න. මේ අවතාර කතාව අහල තිබුණට මම ඒව විශ්වාස කළේ නැහැ. මම මේ කියන්නේ මට ඇත්තටම සිද්ධ වුණදේ. මම ඇනිකට් පාර දිගේ බයික් එකේ ගියා. හරියටම ඇනිකට් එක ගාව පේර ගහක් තියනවා. ඔය ගහ යට කවුද ඉන්නවා මට ලයිට් එළියෙන් පෙනුණා. ඒත් මම ගණන් ගන්නේ නැහැ. කිට්ටුවට යන කොට මම දැක්කා ඒ ගෑනු කෙනෙක් කියලා. එයා වැරහැලි වගේ ඇඳගෙන කොණ්ඩෙ කඩා ගෙනයි හිටියේ. හැබැයි මූණ අඳුර ගන්න බැහැ. එයා මට කතා කරලා ඉස්සරහින් දාගෙන යන්න කීවා එතකොට මට මේ සිද්ධිය මතක් වුන නිසා මම කුණුහරුපෙන් බැන්නා.

එතකොටම ඒ ගෑනි අතුරුදන් වුණා. ඒ එක්කම ඉස්සරහ හැරිල බලන කොට ආපහු මීදුමක් මැද ගෑනි ඉන්නව දැක්කා. එයා බයිසික්‍ලේ හැප්පෙනව වගේ දැක්කේ මට මතක එච්චරයි.

ඉදිරි විස්තරය පැවසුවේ ඔහුගේ මිතුරා කවිඳු සහන්ය.

අපි බණ ගෙදර ඉන්න කොට පැතුම් බයිසික්‍ලේ ඇවිත් එතන ඇදගෙන වැටුණා. අපි එයා උස්සලා ත‍්‍රීවිල් එකකට දාගත්තා. එතකොට එයා ගෑනු හඬකින් හූ
තුනක් කියලා ඇනිකට් එකට යන්න  ඕන කියලා දැගලූවා. අපි හය දෙනෙක් එයාව ගොඩක් අමාරුවෙන් අල්ලගෙන ගෙදර අරගෙන ගියා. පැතුම් හැසිරුණේ ගෑනු කෙනෙක් වගේ. වෙලාවකට ගෑනියෙක් වගේ අඬනවා. ආයිත් ඇනිකට් එකට යන්න  ඕනා කියනවා. කීප වතාවක් අපේ බෙල්ල මිරිකන්නත් උත්සහ කළා.

නිවසට ගෙන ගිය පැතුම් හැසිරුණ ආකාරය ඔහුගේ මව වයි. ඒ. ප‍්‍රියන්ති මහත්මිය මෙසේ විස්තර කළාය.

පුතා ගෙදර ගෙනාපු වෙ‍ලේ ඉඳන් ගෑනු හඬකින් කෑගැහුවා. ගෙදර බඩු විසි කළා. බනිස් ගෙඩි හතරක් කාගෙන කාගෙන ගියා. එක පාරටම වතුර බෝතලයක් විතර බිගෙන ගියා. අපි පිරිත් කියන කොට එයාට නින්ද ගියා. පහුවදා වෙද මහත්තයෙක් ගෙන්නලා ශාන්ති කර්මයක් කළාම තමා පුතා සනීප වුණේ. ඒ වෙද මහත්තයා අපිට කිව්වේ ළමය මැරුණු මලගිය ආත්මය එයා අල්ල ගත්ත. ආයිත් කාටවත් කරදරයක් වෙන්නෙ නැහැ කියලා. ඊට පස්සෙ නම් ගමේ කවුරුවත් බය වෙලා නැහැ.

උඩුගම්පල කොරස ප‍්‍රදේශයේදී අපට එම වෙද මහතා මුණ ගැසීමටද හැකි විය. ඔහු නමින් හර්ෂ වනසිංහය.

මම දන්න සාත්තරේ හැටියට මේ ළමයට වැහිල තිබුණේ මළ ගිය කාන්තාවකගේ ආත්මයක්. එයා කවුද කියල හොයන්න මම උත්සහ කළේ නැහැ. මම ඒ ආත්මය හිර කළෙත් නැහැ. මම කරන්නේ ඒ ආත්මය එතැනින් මුදා ගත් එක. දැන් ඒක ඉවරයි ආයිත් කවුරුවත් බය වෙන්න  ඕනේ නැහැ. මම ඉල්ලන්නේ කවුරුත් එකතුවෙලා මේ මළගිය ආත්මයට පින් අනුමෝදන් කරන්න කියලයි.

චින්තක ජයසේකර - වැලිවේරිය

Dating Local Club

Developer

Cras justo odio, dapibus ac facilisis in, egestas eget quam. Curabitur blandit tempus porttitor. Vivamus sagittis lacus vel augue laoreet rutrum faucibus dolor auctor.

0 comments:

Post a Comment