මගෙන් ආදරය ඉල්ලූවට වැඩක් නැහැ...යොෂිනි උමංගාසම්පූර්ණ නම.. - යොෂිනි උමංගා අබේසේකර
ගම... - කොළඹ
උපන්දිනය... - ජනවාරි 27
පාසැල් ගියේ... - කොළඹ කාන්තා විදුහල
වෘත්තිය... - ජාත්‍යන්තර පාසල් ගුරුවරියක්
පවුලේ විස්තර... - තාත්තා ජීවතුන් අතර නැහැ. අම්මයි, මල්ලියි.
සිනමාවට දවසින් දවස අලූත් මුහුණු එනවා යනවා. මේ දිනවල රිදී තිරයේ අලූත් මුහුණක් ගැවසෙනවා. කේසෙරා සිනමා නිර්මාණයත් සමගම යොෂිනි අබේසේකරටත් සිනමා නිළියක් වීමේ අවස්ථාව උදාවුණා. ඒ අත්දැකීම ගැන මීවිත යොෂිනිගෙන් අහපු ප‍්‍රශ්නවලට ලැබුණ පිළිතුරු මෙලෙස සටහන් කළා.
යොෂිනිට සිනමාවට එන්න ලැබුණේ මාමා නිසා නේද..?
ඔව්. මාමා නිසා තමයි. හැබැයි මීට පෙරත් මට ආරාධනා ලැබුණා.... අධ්‍යාපනයට බාධාවක් වෙන හින්දා රගපෑමට වැඩි කැමැත්තක් දැක්වූයේ නැහැ...
කේසෙරා නිර්මාණයට කැමැති වුණේ මාමාගේ වචනය අහක දාන්න බැරි හින්දාද..?
එහෙම නැහැ. මම කොහොමටත් වෙනස් වැඩක් කරන්න කැමැත්තෙන් හිටියේ.... මාමා තිරපිටපත ලියනකාලේ ඉඳන් මට ඒ ගැන ලොකු ආසාවක් තිබුණා...
කේසෙරා තුළින් ඔබ බලාපොරොත්තු වුණ දේ කරන්න පුළුවන් වුණාද...?
අනිවාර්යයෙන්ම. ලැබෙන ප‍්‍රතිචාර බැලූවහම මගේ සිහිනය සැබෑවුණා කියලා හිතනවා....
ඔබටත් මෙතැනට එන්න පුංචි කාලේ ඉඳන් සිහිනයක් තිබුණාද...?
පැහැදිලිවම. මගේ මුළු පවුලම පුංචි කාලේ පටන් කලාවට ලැදියි.... ඒක හින්දා පුංචි කාලේ ඉඳන් කලාවට එන්න ඕනෑ කියලා ආසාවක් තිබුණා....
මුලින්ම සිනමාවට අඩිය තියන්න තරම් ඔබට දැනුමක් තියෙනවා කියලා හිතනවාද..?
දැනට කළ දේ අනුව නම් යම්කිසි දැනුමක් තියෙනවා කියලා හිතනවා.... ඉදිරියේදී ලැබෙන ආරාධනා අනුව තමයි, ඒ ගැන වැඩිපුර දැනගන්න පුළුවන් වෙන්නේ...
මාමා නිසා දුව නිළියක් වුණා නේද..?
මගේ රංගන හැකියාව වෙනස්... චිත‍්‍රපට අධ්‍යක්ෂවරයෙකුගේ හැකියාව ඊට වඩා වෙනස්.
මාමා මේ වැඬේට කතා නොකළා නම්... දුව තාමත් පුංචි දරුවන්ට උගන්වනවා. එහෙමනේ?
එහෙම වෙන්නත් තිබුණා.... මීට කලිනුත් මට ආරාධනා ලැබුණා. හැබැයි දායක වුණේ නැහැ.
ඒ ආරාධනා භාරගත්තේ නැත්තේ ඇයි ?
මම එතකොට ගොඩක් පුංචි වයසේ සිටියේ.... ඒ වෙලාවේ මම රංගනයට එනවාද නැතිද කියලා තීරණය කරලා තිබුණේ නැහැ...
ඉදිරියේදී වෘත්තීය නිළියක් වෙන්නද සූදානම... ?
ඔව්. මම වෘත්තීය නිළියක් වෙන්න සූදානම්...
ටෙලිනාට්‍ය රංගනයට ආරාධනාවක් ලැබුණොත් භාරගන්නවාද...?
රංගනයේදී මම කැමැති එක් අංශයකට.... දිගටම චිත‍්‍රපට රංගනයේ නියෑළෙන්න තමයි කැමැති. මම ටෙලිනාට්‍යයි, සිනමාවයි පටලවා ගන්න කැමැති නැහැ....
ඇයි මේ ටෙලිනාට්‍ය නිළියක් වෙන්න අකැමැතිද...?
එහෙම අකැමැත්තක් නැහැ... සිනමා නිළියකට ජාත්‍යන්තරයට පවා යන්නට පුළුවන්. අනික වැඩි කාර්යබහුලත්වයකුත් නැහැනේ.
ටෙලිනාට්‍ය නිළියක් වැඩිය ගණන් ගන්නේ නැතිද...?
අපොයි එහෙම දෙයක් නෙමෙයි මම කිව්වේ... තම තමන්ගේ පෞද්ගලික කැමැත්ත අනුවනේ වැඩකරන්නේ. මම ටෙලිනාට්‍ය බලනවා.... හැබැයි රගපාන්න ආසාවක් නැහැ.
රගපාන්න ගිහින් පුංචි දරුවන්ට උගන්වන වැඬේ හරියට කරන්න පුළුවන් වෙයිද?
දැනට නම් කිසි ප‍්‍රශ්නයක් වෙලා නැහැ. ඉදිරියේදී මම මොකක්ද කරන්නේ කියලා හරියට තෝරාබේරා ගන්න ඕනෑ. උගන්වන එකයි, රගපාන එකයි දෙකම එකවර කරන්න අමාරුයි. මේ අවුරුද්ද අන්තිමේ ඒ ගැන තීරණයක් ගන්නවා...
ඒ හින්දා ටිකක් ආඩම්බරයෙන් ඉන්නවා කියලත් ආරංචියි... ?
අපොයි මම එහෙම ආඩම්බර චරිතයක් නෙමෙයි... මම බොහොම සැහැල්ලූවෙන් ජීවත්වෙන චරිතයක්.
සිනමා නිළියකට ආදර යෝජනා එහෙමත් ගලාගෙන එනවා නේද..?
මට ආදර යෝජනා කළාට වැඩක් නැහැ. පෙම්වතෙක් ඉන්නවා...
යොෂිනි නිළියක් වීම ගැන පෙම්වතාගේ විරුද්ධත්වයක් නැතිද..?
මම රගපානවට පෙම්වතා අකැමැති නැහැ... ඔහු දන්නවා මම හරි දේවල් තෝරාගන්නවා කියලා.
පෙම්වතාගේ විස්තර ටිකකුත් කියමු නේද..?
නම ප‍්‍රවීන් ගුණසේකර. වෘත්තියෙන් ඉංජිනේරුවෙක්....
දිනේෂ් විතාන
උපුටා ගැන්ම දිවයින


0 comments:
Post a Comment