බාලිකා විද්‍යාලවල ශිෂ්‍යාවන් අපයෝජනය කල ෆේස්බුක් කාමාතුරයෙක් දැලේ...

by October 21, 2014 0 comments
ෆේස්බුක් හරහා සිදුවන අපරාධයක් පිළිබ`ද හා අත්අඩංගුවට ගැනුණු අපරාධකරුවෙක්   පිළිබද පොලිස් මූලස්ථානය මගින් ජනතාව දැනුවත් කිරීම
ස`දහා මාධ්‍ය වෙත නිකුත් කළ නිවේදනය.. පහත දක්වා ඇත.
තවත් ෆේස්බුක් අපරාධකරුවකු අත්අඩංගුවට...
 ඕස්ටේ‍්‍රලියාවේ අධ්‍යාපනය ලබන ශි‍්‍ර ලාංකීක තරුණියක් දැනට මාස කිහිපයකට පෙර නිවාඩුව සඳහා ලංකාවට පැමිණ ඇත...
ඇයගේ ෆේස්බුක් ගිණුමට පණිවුඩයක් යමෙකු එවා තිබු අතර එහි සදහන්ව ඇත්තේ ඇගේ නිරුවත් පින්තුර තමා (සැකකරු* සතුව ඇති බවත් එවා අන්තර්ජාලයට මුදා නොහැරිමට නම් තමා හමුවීමට පැමිණෙන ලෙසත්ය...
මෙම ගිණුමෙන්ම තවත් ශිෂ්‍යාවකට ද මේ ආකාරයෙන්ම පණිවිඩයක් ලැබි තිබිණි... මෙම පැමිණිලි 02ක අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලැබීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර අදාළ ෆේස්බුක් ගිණුම හිමි පුද්ගලයා සොයාගත් අතර ඔහු පානදුර ප‍්‍රදේශයේ 22 හැවිරිදි තරුණයෙකි.
මොහුගේ පියා විසින් මොහුට වයස අවුරුදු 17 දි පමණ රුපියල් 50000/-ක් වටිනා ජංගම දුරකථනයක් මිලදි ගෙන ලබා දී ඇත... පසුව පියා සතු ඉඩමක් විකුණා එයින් ලබා ගත් මුදලින් කොටසක් වියදම් කර ලැප්ටොප් පරිඝනයක් ද ලබා දී ඇත.
සැකකරු පරිඝනකය හා ජංගම දුරකථනය භාවිතයෙන් ෆේස්බුක් හරහා චැට් කර සම්බන්ධ කරගැනීමෙන් අනතුරුව තරුණියන් අපයෝජනයට ලක් කරනු ලබයි. මොහුගේ දත්ත රඳවනයක (පෙන් ඩ‍්‍රයිව්* කොළඹ ප‍්‍රධාන බාලිකා විද්‍යාලවල ශිෂ්‍යාවන් ඔහු විසින් ෆේස්බුක් හරහා සම්බන්ධ කර අපයෝජනය කරන දර්ශන ඇතුලත් වේ...
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය 20 වැනිදා සැකකරු උපක්‍‍්‍රමයක් මගින් අත්අඩංගුවට ගත් අතර කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ලබන 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
ෆේස්බුක් හරහා තමන් වෙත පණිවිඩ එවන නොහදුනන මිතුන්ට තොරතුරු ලබාදීමේදි     ප‍්‍රවේශම් වන්න. ෆේස්බුක් හෝ සමාජ වෙබ් අඩවිවලින් හමුවන සෑම මිතුරන් සැබැ මිතුරන් නොවන බව වටහා ගත යුතුය... ඒ අතර වංචනිකයන්, අපරාධකරුවන්, කාම අපරාධකරුවන් සිටිය හැක...දෙමාපියන් විසින් තම දරුවන් (විශේෂයෙන් තරුණ ගැහැණු දරුවන්* සමාජ වෙබ් අඩවි හරහා සම්බන්ධ වන නොහදුනන මිතුරන් ගැන විමසිල්ලෙන් සිටිය යුතුය.
රිවිර

Dating Local Club

Developer

Cras justo odio, dapibus ac facilisis in, egestas eget quam. Curabitur blandit tempus porttitor. Vivamus sagittis lacus vel augue laoreet rutrum faucibus dolor auctor.

0 comments:

Post a Comment