අපේ තරුණයකු නිසා යහමගට ආ අයා‍ලේ ගිය ඉතාලි තරුණියක්

by October 27, 2014 0 comments
උප්පත්තියෙන්ම බෞද්ධ වූ ශ‍්‍රී ලාංකිකයන්ටත් වඩා විදේශිකයන් සමහරක් බුද්ධ ධර්මයට හදවතින් ඇළුම් කරන බව ඔබ නොදන්නවා විය හැක. ඉතාලියේ වෙසෙන අපට ඒ බව පෙනී යන්නේ
ඇතැමෙක්ගේ ක‍්‍රියාවන් දුටු විටය. හදිසියේ දිනෙක අතරමගදී හමුවූ ශ‍්‍රී ලාංකික තරුණයෙකු හා විවාහ වූ ඉතාලි ජාතික තරුණියක් දුටු විට ඔවුන් ගැන සොයා බැලීමට සිතුණේ ඉතා තරුණ වයසක පසුවුවද ඔවුන් තුළ වූ බුදු දහමට ඇති අධික ලැදියාව නිසාමය.

ඇතැම් ලාංකික තරුණයන් යුරෝපයට පැමිණ ජීවිතය වරද්දා ගනිද්දී ඔහු තම බිරිඳ පමණක් නොව ඇගේ මුළු පවුලම ධර්මය වෙත යොමු කරවීමට තරම් පින්වන්ත වීම එක අතකින් වාසනාවකි.

හිතවතියකගේ නිවසක සිද්ධ වුණු ආගමික වැඩසටහනකදී ඔවුන් දෙදෙනාද ඔවුන්ගේ සුරතල් පුතණුවන් දුටු විට සිතට දැනුණේ අපමණ සතුටකි. ඇය නමින් කියාරාය. ඇගේ සැමියා ශ‍්‍රී ලාංකික තරුණයෙකු වන අතර ලංකාවේ දකුණු පළාතේ අයෙකි. ජීවිතයේ සමහර සිදුවීම් නිසා ජීවිතය වරදාගෙන සිටි කියාරාට

ජීවිතය අලූතෙන් ආරම්භ කර ඒ සියලූ වැරදිවලින් මිදී අලූත් ජීවිතයක් පවත්වා ගැනීම සඳහා උදව් වී ඇත්තේ මේ ලාංකික තරුණයාය.

යෙහෙළියගේ නිවසේදී හිතවත් වූ කියාරාගෙන් ඇය මෙසේ බුද්ධ ධර්මයට නැඹුරුවීම හා ලාංකික තරුණයෙකු හා විවාහ වී ආගමානුකූල දිවියක් ගත කිරීම පිළිබඳව මා ඇගෙන් අසා සිටියේ ඇය අතිශයින් කාරුණික හා මිත‍්‍රශීලී තරුණියක නිසාවෙනි. ඇය කැමැත්තෙන්ම මා හා ඇගේ පවු‍ලේ තොරතුරු කියා සිටියාය. කියාරා පවු‍ලේ එකම දියණියයි. ඇයට බාල සහෝදරයන් දෙදෙනකි. ඇගේ දෙමව්පියන් උසස් රැුකියාවන්වල නියැළුණු ධනවත් අය වන අතර ඔවුන් ගත කර ඇත්තේ ඉතා කාර්යබහුල ජීවිතයකි.

අපේ දෙමව්පියන්ට අපි ගැන හොයලා බලන්න වෙලාවක් තිබ්බේ නෑ. සේවිකාවන් ගෙදර වැඩ හැම දෙයක්ම කළා. අම්මයි තාත්තයි දෙන්නම ගෙදර එන්නේ ගොඩක් ? වෙලා. සමහර දවස්වල දවස් ගණන් අම්මයි තාත්තයි මම දැක්කෙත් නෑ. කතා බහ කළේ දුරකථනයෙන්. මොකද එයාල ? වෙලා ඇවිත් උදේම යනවා. අපි එක්ක ගත කරන්න අවස්ථාවක් එයාලට ලැබුණේ කලාතුරකින්. හැබැයි එහෙම ලැබුණත් අම්මත් තාත්තත් වාද කර කර එයාලගෙන් මගහැරෙන යුතුකම් ගැන එකිනෙකාට චෝදනා කරගත්තා ඇරෙන්න දෙන්නගෙන් කවුරුත් ඒ වැරදි හදාගන්න උත්සහ කළේ නෑ. මේ නිසාම මටත් මල්ලිලා දෙන්නටත් ගෙදර ජීවිතය අප‍්‍රසන්න වෙලයි තිබ්බේ.

ගෙදරින් ඒ තරම්ම අනුබලයක් නැති නිසා මම ඉගෙනීමටත් ඒ තරම් උනන්දුවක් දැක්වූයේ නෑ. පාස‍ලේ මගේ හැසිරීමට අම්මට හරි තාත්තට හරි පාසලෙන් එන්න කියලා අවවාද කළාම එයාලා ඒකටත් එකිනෙකාට දොස් පවරා ගත්තා මිසක් මට අවවාද කළේ නෑ. මගේ පළවෙනි පෙම්වතාව මට හමුවෙනකොට මට අවුරුදු දහහතරයි. ඔහුත් එක්ක පටන් ගත්ත ඇසුර හුගක් දුරදිග ගියා. ඒ ඇසුරෙන් පස්සේ මට පෙම්වතුන් විශාල ප‍්‍රමාණයක් හිටියා. ඇත්තෙන්ම මම ගෙදරින් හොයාගන්න බැරි වුණු සතුට එක එක දේවල්වලින් හොයන්න උත්සාහ කළා. මම පාසල් අධ්‍යාපනයෙන් පස්සේ උසස් අධ්‍යාපනයට යොමු වුණේ නෑ. අම්මයි තාත්තයි ඒකට දුක් වුණත් එයාලට කරන්න දෙයක් තිබ්බේ නෑ.

පාසල් අධ්‍යාපනයෙන් පස්සේ මම ගෙදර නැවතුණාට මම එක මොහොතක් ගෙදර හිටියේ නෑ. ? එළිවෙනකන් මම රාත‍්‍රී සමාජ ශාලාවල ගත කරා. එතනදී තමයි මම ඉස්සෙල්ලම මත්පැන් බොන්න පුරුදු වුණේ. පෙම්වතාගේ අනුබලයත් යාළුවන්ගේ බලකිරීමටත් මුලින් මුලින් අකමැත්තෙන් මත්පැන් බොන්න ගත්ත මට අන්තිමේ මත්පැන් සිගරට් නොබි ඉන්න බැරි තැනටම ආවා. ? එළිවෙනකන් ක්ලබ් එකේ නටලා නටලා පාන්දර වෙලා ගෙදර ආපු මම දවස පුරාම කළේ නිදාගන්න එක.

අම්මයි තාත්තයි මේ දේවල්වලට මට දොස් කියන්න පටන් ගත්තත් ඒ වෙනකොට එයාලට හදන්න පුළුවන් මට්ටමේ නමෛයි මම හිටියේ. මම ජීවිතේ හොඳටම
වරද්දගෙන ඉවරයි ඒ වෙද්දී. ඒත් මට මගේ ගැන නමෛයි දුක තිබ්බේ මගේ මල්ලි ගැන. බාල මල්ලි නම් වයසින් අඩු නිසා එයාගේ පාඩුවෙ හිටියත් අනික් මල්ලි මටත් වඩා වැරදි පාරේ ගිහින් කියලා මට තේරෙන කොට ගොඩක් දේවල් වෙලා. මල්ලි මත්ද‍්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා හිටියේ පුදුම ඉක්මනට. මම පවා මත්ද‍්‍රව්‍ය පාවිච්චි කළත් මල්ලි හෙරොයින් පාවිච්චිය දක්වාම දුරගිහින් හිටියා.

අම්මටයි තාත්තටයි ඇස් ඇරුණේ මල්ලි සල්ලි ඉල්ල ඉල්ල කරදර කරන්නයි ගෙදර කලබල කරන්නයි පටන් ගත්තට පස්සෙ. සමහර දවස් වලට මල්ලි අම්මට ගහන්න පවා ආවා. සල්ලි ඉල්ලල නොදුන්නම. මමත් බිමතින් ඔහේ වැටිලා හිටියා මිසක් කිසිම දෙයකට මැදිහත් වෙන්න ගියේ නෑ. ‍පොඩි මල්ලි බය වුණ හාපැටියෙක් වගේ මේ දේවල් දිහා බලන් හිටියා. මගේ පෙම්වතා පවා මගේ මුදල් වලින් මත්පැන් බොන්න පුරුදු වෙලා හිටිය නිසා මටත් සිද්ධ වුණේ අම්මට කරදර කර කර සල්ලි හොයාගන්න.

මේ දේවල් මෙහෙම සිද්ධ වෙන කොට අම්මා ඇත්තටම අසීමිතව දුක්වෙන්න ගත්තා. සමහර වෙලාවට මාව බදාගෙන ඇඩුවා. අපි මේ දේවල් කළේ

සල්ලි හොයන්න ගියේ ඔයාල නිසා නේද ? ඇයි ඔයාල අපිට මෙහෙම කළේ කියලා ඒත් ඒවා අහන්නවත් මම හොඳ සිහියෙන් හිටියේ නෑ.

ඔය අතරේ තමයි මෝටර් බයිසිකල් අනතුරකින් මගේ වැඩිමහල් මල්ලි මිය ගියේ. ඒ සිද්ධියෙන් පස්සේ අපේ ජීවිත හොඳටම වෙනස් වුණා. අම්මා රැුකියාවෙන් අයින් වෙලා ගෙදර නැවතුණා. තාත්තා දවස් ගාණක් ඇඩුවා. එයාටම දොස් පවරා ගත්තා. අම්මයි තාත්තයි දෙන්නම ගොඩක් වෙනස් වුණා. මමත් මේ කා‍ලේ තේරුම් අරන් හිටියේ මම යන්නේ ජීවිතේ විනාශය කරාද කියලා. හදිසියේම දවසක යාළුවෙක් මාර්ගයෙන් මට මගේ සැමියාව මුණ ගැහුණේ.

ඇයගේ වර්තමාන සැමියා වන මේ ශ‍්‍රී ලාංකික තරුණයා සමගින් ඇසුරු කිරීමට ගත් පසු ඇය පවසන ආකාරයට ඇයගේ ජීවිතයේ විශාල වෙනසක් සිදුව ඇත. ඔහු ඉතාලි භාෂාව මැනවින් උගත් අයෙකු වූ නිසා බුද්ධ ධර්මය පිළිඳවත් එහි ඇති සැනසීම ගැනත් ඇයට බොහෝ කරුණු කියා දී ඇත. එලෙසම ඇය පවසන අයුරින් ඇය ගත කළ නිසරු ජීවිතය ගැනද එයින් මිදෙන අයුරුද ටික කලක් යද්දී ඇයට පහදා දීමට එම තරුණයාට හැකි වී ඇත.

අම්මටයි තාත්තටයි පවා මගේ වෙනස ඇති කළේ ලොකු සතුටක්. එයාලටත්  ඕනේ වුණා මගේ පෙම්වතාව අඳුනා ගන්න. එයාල ඔහුට හොඳටම කැමති වුණා. අපි ලංකාවට ගිහින් පුංචි උත්සවයක් අරන් විවාහ වුණා. දැන් අපිට පුංචි පුතෙක් ඉන්නවා. එයා ඉපදෙන්න ඉන්න කොටත් අපි දෙන්නම පන්ස‍ලේ සිල් ගත්තා. අපේ අම්මයි තාත්තයි අවුරුද්දකට පාරක් ලංකාවට යනවා. එයාලත් ඉන්නේ ගොඩක් සැනසීමෙන්. අපේ ගෙදර දාන දුන්න, පිරිත් කිව්වා. ඇත්තටම අපි දැන් හොඳ බෞද්ධයෝ. මේ සැනසීම ලබා දුන්න මගේ සැමියාට අපේ පවු‍ලේ හැමෝම ණය ගැතියි

ජීවිතය වැරදි මංමුලා වුවද කිසිවෙකුගේ මග පෙන්වීමකින් නියම මාර්ගයට පැමි”මට හැකිවූයේ නම් ඇත්තෙන්ම එය ඔවුන්ගේ භාග්‍යයකි. එසේම මංමුලාවූවන්ට නිවැරදි පාර සොයාගැනීමට උපකාරි වීමද විශාල පුණ්‍ය කර්මයකි. එහෙයින් මේ ශ‍්‍රී ලාංකික තරුණයාට ඒ පින නොඅඩුවම අත්වෙනු ඇතැයි මට සිතේ.

ලක්මිණි වෙදමුල්ල ඉතාලියේ මිලානෝ සිට

Dating Local Club

Developer

Cras justo odio, dapibus ac facilisis in, egestas eget quam. Curabitur blandit tempus porttitor. Vivamus sagittis lacus vel augue laoreet rutrum faucibus dolor auctor.

0 comments:

Post a Comment