මම නිලූෂී. මගේ අම්මයි තාත්තයි දෙන්නම පෞද්ගලික ආයතන දෙකක වැඩ ක්‍ළේ. මට ඉන්නේ එක මල්ලි කෙනෙක් විතරයි. මම පුංචි කාලේ ඉදලා දහම් පාසල් ගිහින් ලැජ්ජා බයඇතුව හැදුන ගෑනු ළමයෙක් ඉස්කෝලේ විනය කණ්ඩායමෙත් නායිකාව වුණේ මම. මං වානිජ අංශයෙන් උසස් පෙළ ක්‍ළේ.
විභාගය හොදට පාස් වුණා. ඒ හින්දා අම්මලා මට ලැප්ටොප් එකක් අරගෙන දුන්නා. අම්මයි, තාත්තයි හැමදාම වැඩට ගියා. මල්ලි ඉස්කෝලේ ගියා. මම තනියමයි ගෙදර හිටියේ. ඉස්කෝලෙන් අස් උනාට පස්සේ ගෙදර තනියම ඉද්දි ලොකු පාළුවක් දැනෙනවා. ඒ නිසා මම පරිගණකය මගේ යාළුවා කරගත්තා.
ගෙදර හැමෝම ගියාට පස්සේ මම ෆිල්ම් බැලූවා. මට ෆෙස්බුක් ගිණුමක් තිබුණා. ඒකෙන් යාළුවොත් එක්ක චැට් කළා. කාලය ගෙවලා දැම්මේ ඒ විදිහට. මගේ ජීවිතය අපායක් උනේ ෆේස්බුක් එකෙන්. දවසක් මම යාළුවොත් එක්ක චැට් කර කර ඉද්දී මගේ ත්‍ඊ එකට පිරිමි ළමයෙක් රික්වෙස්ට් එකක් දැම්මා. මුලින්ම මම එයාව ත්‍ඊ එකට එකතු කර ගත්තේ නෑ. මම එයාගේ ත්‍ඊ එකට ගිහින් බැලූවා. ඇත්තටම එයාගේ ත්‍ඊ එකේ නරක කිසිම දෙයක් තිබුණේ නෑ. එයා ලස්සනට ඞීසන්ට් විදියට ඇදගෙන ගත්ත පින්තූර කීපයක් තිබුණා. ඒ නිසා මම එයාව මගේ ත්‍ඊ එකට ඇඞ් කර ගත්තා.
මුලින්ම එයා මට කතා ක්‍ළේ යාළුවෙක් වගේ. පස්සේ එයාගේ ජීවිතේ දුක හිතෙන කතාවක් කිව්වා. එයාගේ අම්මා එයාට පුංචි කාලේ දාල ගියාලූ. එයාට ගෙදරින් ආදරයක් ලැබිලා නෑ. ඉස්කොලේ යද්දි එයා ගෑනු ළමයකුට ආදරය කළාලූ. ඒ දැන දැනම එයාගේ හොදම යාළුවා ඒ ගෑනු ළමයව යාළු කරගත්තලූ. එයාට කවදාවත් කාගෙවත් ආදරයක් අනුකම්පාවක් ලැබිලා නෑලූ. ඒ කතා අහගෙන හිටපු මට එයා ගැන ගොඩක් දුක හිතුනා. ඒ නිසා මම එයාගේ හිත රිදෙන විදියේ කිසිම දෙයක් කිව්වේ නෑ.
හැමදාම එයා මාත් එක්ක ත්‍ඊ එකෙන් චැට් කළා. එයා මොන දේ කළත් ඒ හැමදේම මට කියන්න පුරුදු වුණා. දවසක් එයා මගේ ෆෝන් නම්බර් එක ඉල්ලූවා. මුලින්ම ඒක දෙන්න මම අකමැති වුණත් මට එයා ගැන දුක හිතුණු නිසා ඒක දුන්නා. පස්සේ එයා මාත් එක්ක නිතර නිතර කතා කළා. මං එයාව කවදාවත් සැක ක්‍ළේ නෑ. කාලයක් යද්දි අපි ආදරවන්තයන් වුණා. කෙල්ලන්ගේ කුළුදුල් ආදර හරි ලස්සනයි. ඒ ආදරය ඇතුළේ තියෙන ප‍්‍රාර්ථනා ගොඩක් සුන්දරයි. මමත් ඒ වගේ හීන ලෝකයක තනිවුණා. එයා මට මගේ ලෝකයම වුණා. එයාගේ කට හඩ අහන්නැතුව ඉන්න බැරිවුණා. ඒ නිසා අප දෙන්නා ලැබෙන හැම වෙලාවකම කතා කළා. මම ඒ පව්කාරයාට රැුවටෙයි කියලා හිතුවේ නෑ ඒ වෙලාවේ.
අම්මලා උදේ ගිහින් හවස ඒන්නේ. මල්ලිත් එයාගේ ඉස්කොලේ වැඩ කරනවා. හවස පංතිවලට යනවා. එයාලට මන් ගැන හොයන්න වෙලාවක් තිබුණේ නෑ. ඒක මට ලැබුණු ලොකු නිදහසක් කියලයි මම හිතුවේ. අම්මලා හොයා නොබලන එක ගැන මම ගොඩක් සතුටු වුණා. මගේ ජීවිතේ වරදින්න එකත් හේතුවක් වුණා. දවසක් මට කිව්වා ස්කයිප් එන්න එයාට මාව බලන්න ආසයි කියලා. මටත් එයාව දකින්න ඕනෑ වුණා. ඒ නිසා ගෙදර කවුරුත් නැති වෙලාවට එයත් එක්ක ස්කයිප් එකෙන් කතා කරන්න මම පුරුදු වුණා. ඒ ආදරේට දවසින් දවස මම පිස්සියක් වගේ ආදරේ කළා. එයා ආදරේ ආදරේ කියලා මාව රැුවට්ටුවා. එක දවසක් එයාගේ කීමට මම ස්කයිප් එක ඉස්සරහ එයාට පේන විදිහට නිරුවතින් හිටියා. ඒ තමයි මගේ ජිවිතේ මූසලම දවස. මම ගොඩක් ලැජ්ජාවෙන් එයා කියන දේ ක්‍ළේ.
ටික දවසකින් එයා වෙනස් වුණා. මට ආදරය කරනවා කියපු. මම ආරක්ෂා කරනවා කියපු එයා පොටෝ අන්තර්ජාලයට දානවා කියලා මාව බය කරලා හෝටල්වලට ගෙන්න ගත්තා. මම වැදගත් පවුලක කෙලලෙක්. පව ගැන මම ඉගෙන ගෙන තියනවා. ඒත් මම මගේ ජීවිතය වරද්දා ගත්තා. මගේ හිත නිතරම කිව්වා මම කරන්නේ වැරැුද්දක් කියලා. ඒ මිනිහා වල් මිනිහෙක් කියලා මට තේරුණා. ඒ හැමදේම තේරුම් ගද්දි මම පරක්කු වැඩියි. මම කරපු ලොකුම මෝඩකම ඉන්නේ කොහෙද? කාගේ කවුද? කරන්නේ මොනවද කියලා නොදන්න මනුස්සයෙක් විශ්වාස කරපු එක.
ගෑනු ළමයෙක් රැුක ගත යුතුම දේවල් නැති කර ගත්ත එක. ඒ ආදරයට මුලා වෙච්ච මම අන්තර්ජාලයේ තියෙන භයානකකම ගැන හිතුවේ නෑ. මගේ ජීවිතය වැරදුනා. අද මම ඒ ගැන දස දහස් වතාවක් පසුතැවිලි වෙනවා. මේ දේවල් මම ඔබට කියන්නෙ ජීවිතයේ කවදාවත් මේ වගේ දේවල්වලට යොමු වෙන්න එපා කියන එක. මට වුණ දේ ඔයාල කර ගන්න එපා. මට කියන්න තියෙන්නෙ එච්චරයි.


0 comments:
Post a Comment