ගාල්ල බෝගහගොඩ ප‍්‍රදේශයට ආසන්න පාසලක කාමරයක අසභ්‍ය විඩියෝ පට තිබීම සම්බන්ධයෙන් පාසල් සංවර්ධන සමිතියේ පැමිණිලක්මත විදුහල්පතිවරයා පරික්ෂණයක් ආරම්භ කර තිබේ.
මෙම විද්‍යාලයේ කෘෂිකර්මය උගන්වන බව කියන ගුරුවරයෙක් පාසලේ බාහිර අධ්‍යාපන කටයුතු සඳහා අදාල විෂය දැනුමට නැරඹිය යුතුව ඇති විඩියෝ පට කිහිපයක් පාසලේ අදාළ නැරඹුම් ශාලාවේදී ගුරුවරියකට හා සිසුවියන්ට ලබා දී ඇත.
පසුව හදිසි අවශ්‍යතාවයකට ඔහු පාසලින් බැහැර ගොස් තිබේ.
මේ අවස්ථාවේ දී අදාළ වීඩියෝ නැරබීමට අදාළ ගුරුවරිය හා සිසුවියෝ කටයුතු කරද්දී තැටි ධාවනය සඳහා යොදවනු ලැබු පසුව එහි ඇත්තේ කෘෂිකර්මයට අදාළ දර්ශන නොවන බවත් එහි ඇත්තේ අසභ්‍ය දර්ශන සහිත දසුන් බව වටහාගත් එම ගුරුවරිය එය විකාශය වීම වහා නතරකර මේ සම්බන්ධයෙන් විදුහල්පතිවරයාට දන්වා තිබේ.


0 comments:
Post a Comment