නොදැන සහෝදරයාව විවාහ කරගත් කාන්තාවක් වසර 7ක් දීග කාලා

by October 31, 2014 0 comments
බ‍්‍රසීලයේ වෙසෙන ඒඩ‍්‍රියානා සහ ලෙන්ඩ්‍රෝ යුවල කුඩා කාලයේදී ඔවුන්ගෙ මව්වරුන් විසින් අත්හැර දමනු ලැබ ඇති අතර දෙදෙනා බොහෝ කාලයක්
පුරා ඔවුන්ගෙ මව්වරුන් සොයා ගැනීමට උත්සාහ දරා තිබේ.

දෙදෙනාගේම මව්වරුන්ගේ නම මරියා බව ඔවුන් දැන සිටියත් එය හුදෙක් අහඹුවක් බවයි ඔවුන් විශ්වාස කර තිබෙන්නේ.

සිය මව සොයා ගැනීම සඳහා බ‍්‍රසීලයේ ගුවන් විදුලි වැඩසටනක් හා එක්වූ ඒඩ‍්‍රියානා පසුකාලීනව ඇගේ මව සොයා ගැනීමට සමත් තිබේ.

කෙසේවෙතත්, එම හමුවීම ඒඩ‍්‍රියානා සහ ඇගේ සැමියාගේ ජීවිත මුළුමණින්ම වෙනස් කිරීමට සමත් විය.ඒ ඔවුන් දෙදෙනාගේම මව එක් කාන්තාවක් බව හඳුනාගැනීමට ලැබීම හේතුවෙනි.

ඒඩ‍්‍රියානා සහ ලෙන්ඩ්‍රෝ විවාහ වී මේ වනවිට වසර 7ක් ගතවී තිබෙන අතර ඔවුන්ගේ දියණියගේ වයස අවුරුදු 6කි. 

කෙසේවෙතත්, අදාළ සිදුවීම ඔවුන්ගේ විවාහය කෙරෙහි බලපාන්නේ නැති බව පවසන මෙම යුවල විවාහය තවදුරටත් ආරක්ෂා කරගන්නා බව පවසා තිබේ.

Dating Local Club

Developer

Cras justo odio, dapibus ac facilisis in, egestas eget quam. Curabitur blandit tempus porttitor. Vivamus sagittis lacus vel augue laoreet rutrum faucibus dolor auctor.

0 comments:

Post a Comment