බිරිද සලෙලූ‍න්ට විකිණූ සැමියා

by October 31, 2014 0 comments
සිව් වසරක පේ‍්‍රම සම්බන්ධයකින් පසුව විවාහ කරගන්නා තම ආදරණීය බිරිඳ වෙළෙඳ භාණ්‌ඩයක්‌ බවට පත්කර සලෙලූ‍න්ට විකුණා මුදල් ඉපයූ සැමියකු පිළිබඳ අවාසනාවන්ත කතාවක්‌ පසුගියදා
පෝද්දල පොලිස්‌ වසමෙන් අසන්නට ලැබිණි.

මේ කතාව හෙළිවන්නේ තම බිරිඳට අමතරව තවත් කාන්තාවක ගණිකා සේවයට යොදවා ගැනීමට ගත් උත්සාහයක්‌ සමඟය.අප ඇයට සමන්ති යෑයි කියමු. සමන්ති පෝද්දල පදිංචි එක්‌දරු මවකි. සමන්තිගේ සැමියා රජයේ ආයතනයක සේවය කළ අතර සමන්ති දරුවා බලාගෙන ගේ දොර වැඩ පළ කරගෙන සිටියාය.සමන්තිගේ සැමියා උදැසන සේවයට ගිය පසුව ආපසු එන්නේ ? නවයටත් පසුවය. පසුගිය ජුනි මස 18 වැනි දින රාත‍්‍රී 7.00 ට පමණ නව පන්නයේ යතුරු පැදියකින් සමන්තිගේ නිවසට තරුණ යුවළක්‌ ආවෝය.

ඔවුන් පැමිණෙන්නේ මේසන් බාස්‌ කෙනෙකු සොයා ගෙනය. කාන්තාව සමන්තිගේ සැමියා මේසන් වැඩ කරන්නේ දැයි විමසුවාය.


අනේ නෑ අක්‌කේ. මගේ මහත්තයා මේසන් වැඩ කරන්නෙ නෑ. ඔයාල කවුද? සමන්ති නාඳුනන යුවළගෙන් විමසුවාය.

”‍අපි මේ මේසන් බාස්‌ උන්නැහෙ කෙනෙක්‌ සොයාගෙන යන ගමන්. අනේ නංගි එහෙම කෙනෙක්‌ ඉන්නවානම් හොයල දෙන්න කෝ”‍. කාන්තාව සමන්තිට කීවාය. කාන්තාවන් දෙදෙනාගේ කතාව දුර දිග යන අතර වාරයේ දෙදෙනාගේ ජංගම දුරකථන අංක හුවමාරු කරගෙන තිබූ අතර නාඳුනන ෙඡ්ත්තුකාර කාන්තාව තමා නිෂානි ලෙසින් කුමාරිට හඳුන්වා දී තිබිණි.

නිෂානි හා ඇගේ සැමියා සමඟ සමන්තිගෙන් සමුගත්තේ දිගු කලක්‌ ඇසුරුකළ මිතුරියකගෙන් සමුගන්නා පරිද්දෙනි.

පසුදා දුරකථනයෙන් නිෂානි සමන්තිව ඇමතුවාය.


”‍නංගි මම නිෂානි අක්‌කා. ඔයා මොකද කරන්නේ”‍. ඇය කතා කරන්නෙ ලෙන්ගතුකම උතුරා ගිය සිතින් බව සමන්තිට සිතිනි.

”‍ගෙදරට වෙලා දරුවන් බලාගෙන ගෙදර වැඩ පලකරගෙන ඉන්නවා අක්‌කා.”‍ සමන්ති නිෂානිට පිළිතුරු බැන්දාය.

”‍ඔහොම ඉඳල හරියන්නෙ නෑ නංගි. කැමැති නම් හොඳ ගණනක්‌ හොයාගන්න පුළුවන් පාට්‌ ටයිම් ජොබ් එකක්‌ හොයල දෙන්නම්. මම එදා ආපු ස්‌කූටි එක ගත්තෙත් මම හම්බ කරපු සල්ලි වලින්.

නිෂානි කීවාය.

”‍මොකද්ද අක්‌කේ ඔයා කියන ඔය ජොබ් එක”‍. සමන්ති විපිලිසරව විමසුවාය.

”‍ඔන්න එහෙනම් අයියගෙන්ම අහගන්න”‍. නිෂානි සිය සැමියාට ජංගම දුරකථනය දුන්නාය.


”‍නංගි මේක අමාරු දෙයක්‌ නොවෙයි. ඔයාට තියෙන්නෙ උදේට ගාල්ලට යන්න විතරයි. අපි ඔයාට කස්‌ටමර් කෙනෙක්‌ හොයල දෙනවා. එක්‌කෙනෙක්‌ ගෙන් දාහක්‌ අපි ඔයාට දෙනවා. දවසට හතරදෙනෙක්‌ උනත් සොයා දෙන්න පුළුවන්. ඔයාට මහත්තය එන්න කලින් රුපියල් තුන් හාරදාහක්‌ හොයාගෙන ගෙදර එන්නත් පුළුවන්”‍. නිෂානි ගේ සැමියා කියාගෙන යන්නට විනි.

තමා කිසිසේත් බලාපොරොත්තු නොවූ මේ කතාව ඇසීමත් සමඟ බියපත් වූ සමන්ති දුරකථනය විසන්ධි කළාය. දිගින් දිගටම නිෂානි ගේ දුරකථනයෙන් ඇමතුම් ලැබුනද සමන්ති ඊට ප‍්‍රතිචාර දැක්‌වූයේ නැත. සිය සැමියා පැමිණි වහාම ඔහුට සිදුවූ සියලූ‍ පුවත් පැවසූ සමන්ති සැමියා සමඟ කතිකා කර මේ පිළිබඳ පොලිසියට දැන්වීමට තීරණය කර තිබිණි.


මේ අනුව පෝද්දල පොලිස්‌ ස්‌ථානාධිපති කීර්තිසිංහ ලියනගේ මහතාගේ මෙහෙයවීමෙන් මෙම සිද්ධියට සම්බන්ධ පොලිස්‌ පරීක්‍ෂණ ඇරඹී තිබිණි.

පොලිස්‌ කොස්‌තාපල්වරයකු උපාය ¥තයෙක්‌ ලෙසින් යොදාගන්නා පොලිස්‌ පරීක්‍ෂක කීර්තිසිංහ ඔහු ලවා නිෂානිගේ සැමියාගේ දුරකථනයට ඇමතුමක්‌ ගනු ලැබුවේය.

නිශානිගේ සැමියා අමතන පොලිස්‌ කොස්‌තාපල්වරයා තමාට ගණිකාවකගේ සේවය අවශ්‍ය බැව් පවසා තිබිණි.

නිශානිගේ සැමියා මුලින් ගණිකාවක සැපයීමට රුපියල් 2500 ක්‌ ඉල්ලා සිටි අතර හෙට්‌ටු කිරීම් වලින් පසුව රුපියල් 1500 කට එම මුදල අඩුකරගෙන තිබිණි.

හරි මල්ලි ඔයා පෝද්දල හන්දියට එන්න හවස 2.00 ට. මම මල්ලිව තැනට ගෙනියන්නම්. නිශානිගේ සැමියා පොලිස්‌ උපාය ¥තයාට පවසා තිබිණි.

කොට කලිසමක්‌ හැඳ කනේ කරාබුවක්‌ පැළැඳි හැඩි දැඩි තරුණයකු නියමිත වේලාවට පෝද්දල මං සන්ධියට පැමිණ සිටියේය. තරුණයා නිශානිගේ සැමියාට දුරකථන ඇමතුමක්‌ ගත්තේය.

”‍අය්යා මම ඇවිල්ලා ඉන්නේ”‍.

හරි මල්ලි. මම විනාඩි දෙකෙන් ඔතනට එනවා.

වැඩි වේලාවක්‌ ගත වූයේ නැත. වේගයෙන් පැමිණි යතුරු පැදියක්‌ පොලිස්‌ උපාය ¥තයා අසල නැවතිනි. තමා පොලිසියේ දැලට කොටුවෙමින් පවතින බව නිශානිගේ සැමියා දැනසිටියේ නැත.

තරුණයා ගෙන්වාගත් ඔහු කෙලින්ම ගියේ තමන්ගේ ගෙදරටය. ඇය තරුණයාට තම බිරිඳ හඳුන්වා දුන්නේය. ඒ තරුණයාගෙන් තම ගාස්‌තුව ලෙස රුපියල් 1500 ක මුදල ඉල්ලා සිටි අතර අදාළ ගාස්‌තුව ගෙවනවාත් සමඟම කිසිවෙකුට නොදැනෙන්නට ඔහු පසුපසින් පැමිණි පෝද්දල පොලිසියේ නිලධාරීන් විසින් නිෂානි හා ඇයගේ සැමියා අත්අඩංගුවට ගනු ලැබිණි.

නිශානිගේ සැමියා ගාල්ල නගරයේ ජනප‍්‍රිය පාසලකද නිෂානි පෝද්දල ආශ‍්‍රිත පාසලකද අධ්‍යාපනය හදාරා තිබූ අතර ඔවුන් දෙදෙනා උසස්‌ පෙළ සිසුන් ලෙස අධ්‍යාපනය හදාරාමින් සිටි අවධියේ පෙම් සබඳතාවයක්‌ අරඹා තිබිණි.

සිව් වසරක කාලයක්‌ පෙම්වතුන්ව සිටි ඔවුන් විවාහ වී ඇත්තේ නිවසේ අයගේ විරෝධය නොතකමිනි. ගාල්ලේත් ආශ‍්‍රිත ප‍්‍රදේශ කීපයකත් නිශානිත් ඇගේ සැමියාත් රැුකියා කර ඇතත් ඔවුන් කරන කියන කිසි දෙයක්‌ සාර්ථක වී නොතිබුණි.

මේ නිසාම රැුකියාවෙන් ඉවත්ව නිශානිගේ සැමියා තේ කොළ පාර්සල් කර විකිණීමේ ව්‍යාපාරයක්‌ අරඹා තිබිණි. නමුත් එයද එතරම් සාර්ථක වී නොතිබිණි. මීට වසර හතරකට පෙර වරෙක නිශානිගේ දුරකථනයට පැමිණි ඇමතුමක්‌ ඔස්‌සේ කතා බස්‌කර සැමියා සමඟ ගාල්ලේ ස්‌ථානයකට යන නිශානිට සිදු වනුයේ එහි සිටි වයස්‌ගත පුද්ගලයකුගේ  ඕනෑ එපාකම් පිරිමසාලීමටය.

මීට සිව් වසරකට පමණ පෙර එසේ ඇරඹෙන නිෂානිගේ රැුකියාව මෙන්ම සැමියාගේ තැරැුව්කාර රැුකියාව දිනෙන් දින සරු වන තත්ත්වයක්‌ නිර්මාණය වී තිබිණි. ගාල්ල කරාපිටිය ගාල්ල නගරය ආශ‍්‍රිත හෝටල කීපයකට තම බිරිඳ ගෙනගොස්‌ දීමේ රැුකියාව දියුණු කර ගැනීමට තවත් කාන්තාවන් සිටී නම් හොඳ යයි සැමියාට සිතෙන්නට ඇත. මේ අනුව මේසන් බාස්‌ කෙනෙකු සොයමින් සමන්තිගේ නිවසට යන්නේ තමන්ගේ ගනුදෙනු කාරයින්ගේ අවශ්‍යතා සැපිරීමට තවත් කාන්තාවක සම්බන්ධ කර ගැනීමටය.

නමුත් මේ දෙපළගේ කුරුමානම වැරදී ගොස්‌ තිබිණි. සමන්ති නිවැරදිව අනතුර තේරුම්ගෙන ඒ පිළිබඳ පොලිසියට පැමිණිලි කිරීමත් සමඟ නිශාන්තිත් සැමියාත් නීතියේ රැුහැනට කොටුකර ගැනීමට පෝද්දල පොලිසියට හැකිවිය.

සිව් වසක්‌ පෙම්කර විවාපත් තම ආදරණීය බිරිඳ කාමාතුරයන්ට විකිණීමට ඇගේ සැමියාට හැකිවී තිබූ අතර සැමියා ඉදිරිපිටම සළෙලූ‍න්ගේ ආශාවන් සන්තර්පණය කිරීමට යැමට නිෂානිට හැකිවූයේ කවර මානසිකත්වයක සිටදැයි අපි නොදනිමු.

සමාජ රීතීන් නොසලකා කටයුතු කළ මෙම යුවල අද පොලිස්‌ අත්අඩංගුවේය. මොවුන්ට මිනිස්‌ ජාවාරම හා කුම්ඨනය යන චෝදනා යටතේ නඩු පැවරීමට නියමිතව ඇත.

දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති චන්දන වික‍්‍රමරත්න සහ ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරී බන්දුල විෙඡ්සේකරගේ යන මහත්වරුන්ගේ උපදෙස්‌ පරිදි ගාල්ල සහකාර පොලිස්‌ අධිකාරී රොෂාන් රාජපක්‍ෂ මහතාගේ මෙහෙයවීමෙන් පොද්දල පොලිස්‌ ස්‌ථානාධිපති කීර්තිසිංහ ලියනගේ මහතා ඇතුළු නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.

Dating Local Club

Developer

Cras justo odio, dapibus ac facilisis in, egestas eget quam. Curabitur blandit tempus porttitor. Vivamus sagittis lacus vel augue laoreet rutrum faucibus dolor auctor.

0 comments:

Post a Comment