මෙරට එච්.අයි.වී ආසාදිතයන්ගේ සංඛ්‍යාව සාමාන්‍ය පුද්ගලයින් අතර එච්.අයි.වී ආසාදිතයන්ගේ සංඛ්‍යාවට වඩා සමලිංගික පිරිමින්අතර දහ ගුණයක් වැඩි බව එච්අයිවී ඒඕස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂක වෛද්‍ය සිසිර ලියනගේ මහතා සදහන් කරයි.
ඒ මහතා පෙන්වා දෙන්නේ ඒඕස් රෝගය පිළිබදව සම ලිංගිකයන් දැනුවත් කිරීම හා ඔවුන් අතර කොන්ඩම් ජනප‍්‍රිය කරලීම සදහා ඉදිරිපත් වන කණ්ඩායම් වලට පොලීසියෙන් විවිධ බලපෑම් එල්ල වන බැවින් ඒවා වළක්වා ගැනීමේ අදහසින් පොලිස් නිලධාරීන් දැනුවත් කිරීමේ විශේෂ වැඩ පිළිවෙළක් මේ වන විටත් ආරම්භ කර ඇති බවයි.
2014 වසරේ තුන්වන කාර්තුව අවසාන වන විට එච්.අයි.වී වෛරසය ආසාදිත වූ පුද්ගලයින් 110 දෙනෙකු හ`දුනාගෙන ඇති අතර ඉන් සියයට 20ක් පමණ පිරිමි සම ලිංගිකයන් බවද තහවුරු වී ඇත.


0 comments:
Post a Comment