රොමේෂ් කරන්න තියන හැමදේම කරලා මාව දාලා ගියා

by October 30, 2014 0 comments
රොමේෂ් කරන්න තියන 
හැමදේම කරලා 
මාව දාලා ගියා

පෙම්වතා නිසා ජීවිතය විනාශ කරගත් වත්සලා

වත්සලායි රොමේෂුයි එකම පාස‍ලේ එක පන්තියෙ ඉගෙන ගත්තේ. ඔවුන් දෙදෙනා අතරෙ පේ‍්‍රම සම්බන්ධයක් ඇතිවුණේ සාමාන්‍ය පෙළ
පන්තියෙ ඉගෙන ගනිද්දීමයි.වත්සලාගෙ අම්මා හිටියෙ පිටරට. ඇය මැද පෙරදිග රටක ඇගලූම් කම්හලක රැුකියාවක් කළා. වත්සලාගෙ තාත්තා ජීවතුන් අතර හිටියෙ නෑ. ඔහු හදිසි අනතුරකින් මියගියාට පස්සෙ තමයි වත්සලාගෙ අම්මා විදේශ රටක රැුකියාවට ගියේ.

වත්සලාව බලා ගත්තෙ මාමා. ඒ කියන්නෙ අම්මගෙ මල්ලි. වත්සලාට මාමා ආදරේ වුණත්, නැන්දා නම් කිසිම ලෙන්ගතුකමක් දැක්වූයේ නෑ. ඇයට හිටියෙත් දියණියන්ම දෙදෙනෙක්. ඒ නිසා තමන්ගේ ¥ වරුන්ට වඩා වත්සලා මොන අතකින්වත් ඉහළ යනව දකින්න ප‍්‍රිය නොකළ නැන්දා වත්සලාට එළිපිටම නැතත් රහසේම වගේ නොයෙකුත් වෙනස්කම් කළා. වත්සලාට මේ හැමදෙයක්ම තේරුණත් ඒ ගැන තමන්ගේ මවට හෝ මාමාට පැමිණිලි කර ඔවුන් අපහසුතාවයට පත් කරන්න වත්සලා හිතුවෙ නෑ. ඉතා ඉක්මනින් ළාබාල වයසකදීම පේ‍්‍රම සම්බන්ධයකට එළඹෙන්න වත්සලා යොමු වුණේත් පවුලෙ තිබුණු මේ අසුන්දර වටපිටාව නිසයි.

රොමේෂ්ට වත්සලා ගොඩක් ආදරේ කළා. ඇගේ ජීවිතයට තිබූ ලොකුම සැනසුම වුණේත් රොමේෂ්ගෙ ආදරය. මොනතරම් රහසෙ මේ සම්බන්ධය ගෙනගියත් ඔවුන් උසස් පෙළ පන්තියෙ ඉගෙන ගනිද්දී මේ ගැන නැන්දගෙ කන වැකිලා තිබුණා.

වත්සලාගෙ වැරදි අල්ලන්නම බලා හිටපු නැන්දාට මේක පනින රිලවුන්ට ඉනිමං බැන්දා වගේ වැඩක් වුණා. වත්සලා සාපරාධී වරදක් කරපු ගාණටයි එදා නැන්දා හැසිරුණේ. වත්සලාගෙ අම්මටත් එදාම දුරකථන ඇමතුමක් දීලා මේ ගැන කිව්වා. ඊට පස්සේ අම්මාගෙ අනුදැනුමකින් පවා තොරව වත්සලාගෙ පාසල් ගමන නතර කරලා ගෙදරට කොටු කර ගත්තෙ. 

ඔය ළමයා මොකක් හරි දෙයක් කර ගත්තොත්, ඔය ළමයාගෙ අම්මාගෙන් අපටයි දොස් අහන්න වෙන්නෙ. ඒ හින්දා අම්මා එනකල් ඔය ළමයා ගෙදර නතර වෙන්න” කියමිනුයි. උසස් පෙළ විභාගෙට තිබුණෙ මාස තුනයි. ඒත් වත්සලාට උසස් පෙළ ලියන්නවත් නැන්දා ඉඩ දුන්නෙ නෑ. ඒ විතරක් නෙමේ රොමේෂ්ගෙ ගෙදර අයටත් මේ සම්බන්ධය ගැන දන්වලා තිබුණා.

කරන්න වෙන කිසිම දෙයක් නොවුණු තැන උසස් පෙළ ඉවර වුණු ගමන්ම රොමේෂ් වත්සලාව බොහොම අමාරුවෙන් ගෙදරින් පිට කරගෙන එක්ක ගිහින් රහසේම විවාහ කර ගත්තා. විවාහ වෙනකොට දෙන්නගෙම වයස අවුරුදු විස්සයි.

ජීවත් වෙන්න ආදායම් මාර්ගයක්වත්, ඉන්න හිටින්න තැනක්වත් මේ දෙන්නට තිබුණෙ නෑ. ඒත් සිද්ධ වුණු හැමදෙයක් ගැනමත්, තමන් මාමලගෙ ගෙදරදී විඳි මානසික පීඩනයත්, වත්සලා තමන්ගේ අම්මාට දුරකථනයෙන් විස්තර කළා. අම්මාට තමන්ගෙ එකම දරුවා ගැන විශාල වේදනාවක් දැනෙන්න ඇති.

මම පුළුවන් ඉක්මනින් ලංකාවට එන්නම්. එතකල් මම සල්ලි ටිකක් දාන්නම් ඔය දෙන්නට ජීවත් වෙන්න. ඒ අතරෙ දෙන්නම මොනව හරි රස්සාවල් හොයාගන්න  ඕනෙ. තේරුණාද?” අම්මා කිව්වෙ අවවාදාත්මකව. මුල් සති දෙක තුනේ රොමේෂ්ගෙ නෑදෑ ගෙදරක ගත කරලා ඊට පස්සෙ ඔවුන් අම්මා එවපු මුදල්වලින් කුලියට කාමරයක් ගත්තා. රොමේෂ් සාප්පුවක රැුකියාවක් හොයා ගත්තෙ මොකක් හරි ස්ථිර ආදායම් මාර්ගයක් සොයා ගන්නා තුරුයි.

මේ අතරෙ වත්සලාගෙ අම්මා පිටරට ඉඳල ඇවිත් ටිකක් දුර පළාතකින් පුංචි ගේකුයි, ඉඩමකුයි මිලදී අරන් වත්සලාවත් රොමේෂ්වත් ඒකෙ පදිංචි කළා. මහ ලොකු සැප සම්පත් නොතිබුණත් වත්සලා මතක ඇති කාලෙකට පස්සෙ සතුටින් ජීවත් වුණේ රොමේෂ් එක්ක ආවමයි. ඒත් ඒක සීමා වුණේ අවුරුද්දක් වැනි කෙටි කාලෙකටයි. දවසක් නොහිතූ විදිහට රොමේෂ්ගෙ දෙමව්පියො ඔහු රැුකියාව කරන තැනට ඇවිත් රොමේෂ්ව හමුවෙලා තිබුණා. ඒත් රොමේෂ් වත්සලාට ඒ කිසි දෙයක් කිව්වෙ නෑ. 

නමුත් රොමේෂ් ටික දවසක ඉඳන් අමුතු බව වත්සලාට දැනෙමින් තිබුණා. ඔහු ගෙදර හිටියෙත් නිතරම තනිවම කල්පනා කරමින්. මූණෙ කිසිම සතුටක් තිබුණේ නෑ. සමහර වෙලාවට වත්සලා එක්ක කතා කළෙත් නොරිස්සුමකින්. සෑහෙන දවසකට පස්සෙ රොමේෂ් කිව්වා එයාට අම්මවයි තාත්තවයි බලල එන්න  ඕනෙ කියලා. අම්මා තමා නැති වේදනාව නිසා අසනීපයෙන් ඉන්න බව තමයි රොමේෂ් කිව්වෙ. නමුත් මේ ගමනට වත්සලාව එක්ක යන්න ඔහු කැමති වුණේ නෑ. රොමේෂ්ගෙ අම්මා අසනීපෙන් කියපු නිසා මේ ගමනට විරුද්ධ වෙන්න හැකියාවක් වත්සලාට තිබුණෙත් නෑ. 

රොමේෂ් එක දවසක වත්සලාගෙන් සමුඅරන් පිටත් වෙලා ගියා. එදාම හැන්දෑවෙ ආපහු එනව කිව්වත් පහුවදා හැන්දෑවෙවත් රොමේෂ් ආපහු පැමි”මක් සිද්ධ වුණේ නෑ. වත්සලා හොඳටම බය වුණා. රොමේෂ්ගෙ ජංගම දුරකථනයත් ක‍්‍රියාවිරහිත වෙලා තිබුණා. අන්තිමේ වත්සලා රොමේෂ්ගෙ ගෙදරට දුරකථන ඇමතුමක් ගත්තා. පිළිතුරු දුන්නේ රොමේෂ්ගෙ අම්මා. දුරකථනයෙන් කතා කරන්නෙ වත්සලා බව දැන ගත්තම රොමේෂ්ගෙ අම්මා කතා කළේ ලොකු ද්වේෂයකින්.

 ර්‍ණඔය ළමයා මගෙ පුතාව රවට්ටගෙන ඒ දරුවට යන එනමං නැති කරන්නනෙ හැදුවෙ. ඔන්න අපි පුතාව ගෙන්න ගත්තා. පුතාට තාත්තගෙ බිස්නස් එක බාර දුන්නා. ළÛදීම අපි ඔය ළමයව දික්කසාද කරන්න නඩු දානවා. රොමේෂ් ඒකට කැමතියි. ඔය ළමයා වෙන අතක් බලා ගන්න” රොමේෂ්ගෙ අම්මා එහෙම කිව්වම වත්සලාට දැනුණෙ තමන්ගෙ පියවි සිහිය නැති වෙනව වගෙයි. දුරකථනය අතින් බිමට වැටුණා. වත්සලා ඇඳේ එහෙම්මම ඇල වුණා.

වත්සලා පැය ගණනකට පස්සෙ නින්දෙන් ඇහැරුණා වගේ නැගිට්ටා. කිසි දෙයක් පෙනෙන්නෙ නෑ. හොඳටම අන්ධකාරයි. ඒ රාත‍්‍රිය බව වත්සලා අවබෝධ කර ගත්තෙ ඉන්පසුවයි.මේ තරම් අන්ත අසරණ හැ`ගීමක් වත්සලාට ජීවිතේ ඉන් පෙර කිසිම දවසක දැනිල තිබුණෙ නෑ. රැුය පුරා නිදි නැතුව කල්පනා කරපු වත්සලා අන්තිමේ අම්මාට දුරකථන ඇමතුමක් අරන් සියලූම විස්තර කිව්වා. අම්මා ‍පොරොන්දු වුණා ඉක්මනින්ම වත්සලාව ඒ රටට ගෙන්න ගන්නව කියලා.

හැමදේම අහිමි වුණත් ඒ තුළින්ම හිතට ධෛර්යයක් අරන් නැගී සිටීමේ ආත්ම ශක්තියක් වත්සලාට තිබුණ. පුංචි කාලෙ ඉඳන්ම විඳපු කරදර කම්කටොලූ ඒකට හේතු වෙන්න ඇති. අන්තිමේ වත්සලා මවගෙ උපකාරයෙන් මව හිටපු රටේම රැුකියාවකට ගියා.

අවුරුදු පහක් එක දිගට ඒ රටේ රැුකියාව කළ වත්සලා ඊට පස්සේ නිවාඩුවකට ලංකාවට ආවා. රොමේෂ් බිමට ඇබ්බැහි වෙලා කරමින් හිටපු ව්‍යාපාරයත් කඩා වැටිලා බව වත්සලා දැන ගත්තෙ ලංකාවට ආවමයි. රොමේෂ් අනුව බැලූවම ඊට වඩා ගොඩක් හොඳ ජීවිතයක් වත්සලා ගත කරනවා. රොමේෂ් පිළිබඳ අනුකම්පාවක්වත්, කලකිරීමක්වත් දැන් වත්සලාට නෑ. දුක අතරින් තමන් ජීවිතය ජය ගත්තා නේද කියලා හිතමින් වත්සලා සතුටු වෙනවා.

Dating Local Club

Developer

Cras justo odio, dapibus ac facilisis in, egestas eget quam. Curabitur blandit tempus porttitor. Vivamus sagittis lacus vel augue laoreet rutrum faucibus dolor auctor.

0 comments:

Post a Comment