රාජපක්ෂ පවුලටම අල්ලස් චෝදනා
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, නාමල් රාජපක්ෂ සහ මහබැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් ඇතුළු පිරිසකට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ අද (13) අල්ලස් කොමිසම හමුවේ පැමිණිලි ඉදිරිපත් කළා.
ඒ, පසුගිය කාලය තුළ ජනතා දේපළ අයථා ලෙස භාවිත කළ බවට චෝදනා කරමින්. එමෙන්ම විමර්ශන පවත්වා අවසන් තීන්දුව දෙනතුරු අදාළ පැමිණිල්ලෙන් චෝදනා ලබන පුද්ගලයන්ට රටින් පිටවීම තහනම් කරන ලෙස ද තමන් අල්ලස් කොමිසමෙන් ඉල්ලීමක් කළ බවයි ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් වැඩිදුරටත් කියා සිටියේ.
ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණ විසින් අල්ලස් කොමිසමට ඉදිරිපත් කළ පැමිණිල්ලේ පුද්ගලයන් සහ ආයතන 12ක නම් සදහන් වනවා.
ඊට හිටපු අමාත්‍යවරුන් වන රෝහිත අබේගුණවර්ධන, හා ජොන්ස්ටන් ප‍්‍රනාන්දු ද ඇතුළත්. මීට අමතරව කාල්ටන් සුපර් ස්පෝට්ස් ක්ලබ් ආයතනයට එරෙහිව සහ සංචාරක මණ්ඩලයේ සභාපති සේනාංක ගුණරත්න, සංචාරක ප‍්‍රවර්ධන කාර්යාංශයේ කළමනාකාර අධ්‍යක්ෂ රූමි ජවුෆර්, ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති සහ හිටපු සමෘද්ධි අධ්‍යක්ෂවරයාට එරෙහිව අල්ලස් කොමිසම හමුවේ පැමිණිලි ගොනු කර තිබෙනවා.
අල්ලස් කොමිසම හමුවේ ගොනු කරනු ලැබූ පැමිණිල්ල පහත පරිදිය.

0 comments:
Post a Comment