මට නම් ජීවත් වෙන්න ලිංගිකත්වය අත්‍යාවශ්‍යයි - බිපාෂා බාසු

by January 16, 2015 0 comments


බිපාෂා බාසු - ලෝකය ඇයව හඳුන්වන්නේ අංක එකේ සරාගී නිළියක හැටියටයි. ෆිල්ම් ෆෙයාර් සගරාව ඇය සමග කළ සංවාද සටහනක්
මේ.

ඔබේ රංගන ජීවිතයේ උච්ඡුතම රංගනයන් මොනවද?

මම කරන හැම රංගනයක්ම උනන්දුවෙන් කරනවා. එහෙම කිසිම විශේෂයක් නැහැ. පේ‍්‍රක්ෂකයොත් එදා වගේම හෙටත් මගේ රංගනයන් අගයාවි කියලා මං බලා‍පොරොත්තු වෙනවා.

ඕපදුප ඔබව රිදවනවද?

අ‍පොයි නෑ. ඒ කතා හදන්නේ මට හිතවත් නැති සමීප නැති අය. ඉතින් ඇයි මං ඒවට හිත රිද්ද ගන්නේ.

ජීවිතේ යම් යම් තීරණ ගැන ඔබ පසුතැවිලි වෙනවද?

නැහැ. ජීවිතේ කියන්නේ ඉවර නොවන පාඩමක්. අත්වැරදීම්වලින් මිනිස්සු ඉගෙන ගන්නවා. ලෝකේ කවුරුත් දේව ආත්ම ‍නෙවෙයි. අත්වැරදීම්වලින් මං ඒ බව ඉගෙන ගත්තා.

බිපාෂා පේ‍්‍රමණීය කෙනෙක්ද?




ඔව්. මං හරි රොමෑන්ටික් කෙනෙක්.

ආදරයේදී ඔබ ඒකාධිපතිද?

හැම වෙලාවෙම නැහැ.

ඔහුත් ඒකාධිපතියෙක් වුණොත්?

ඒක සම කරගන්න වෙනවා.

ජීවිතේ මුහුණ දුන් දරුණුම ප‍්‍රතික්ෂේප වීම මොකක්ද?

මං හිතන්නේ නෑ කවුරුවත් මාව ප‍්‍රතික්ෂේප කළැයි කියලා.

ගැහැනු ළමුන්ගෙන් සමලිංගික ආරාධනා ලැබිලා නැද්ද?

අ‍පෝ මේ කට්ටිය අහන ප‍්‍රශ්න

උත්තර දෙන්න අකැමැතිද?

එක වතාවක් එහෙම වුණා. නිව්යෝක්වල ඉන්න වේෂ නිරූපණ ශිල්පිණියක් වන කැරි හියු වැලන්ටයින් දවසක මට දියමන්ති පෙන්ඩන්ට් එකක් දුන්නා. මං ඒක අරගත්තා.

මේ දිනවල ඔබට පෙම්වතෙක් නැහැ නේද?

අනේ මන්දා. උත්තර දෙන්න අමාරුයි.

ඉස්සර නම් ඔබ පේ‍්‍රම සබඳතා ගැන විවෘතව කතා කළා?

එහෙම තමයි. මිනිස්සු වෙනස් වෙන්න එපැයි. මගේ වෙනස්වීම් ගැන ඔයාලා කරදර වෙන්න එපා.

ආපසු නළුවකුට ආදරේ කරන්න පුළුවන්ද?

පුළුවනි. මං වගේ ශක්තිමත් ගෑනියකට මොනවද කරන්න බැරි. කොහොමත් නිළියක තේරුම් ගන්න නළුවෙක්ට ගොඩක් ‍ලේසියි.

ඔබේ ජීවන අරමුණ මොකක්ද?

හිනා වෙන්න ජීවත්වීම

ආදරය කියන්නේ මොකක්ද?

මගේ මුළු ජීවිතේම ආදරේ තමයි. මං ජීවත් වෙන්නේ ආදරය කරන්නයි.

එතකොට ලිංගික ජීවිතය?

ලිංගිකත්වය ඉතාම වටිනා දෙයක්. ජීවිතයට අත්‍යවශ්‍යම දෙයක් 

ප්ලාස්ටික් සැත්කම් ගැන මොකද හිතන්නේ?

දෙවියන්ගේ නියමය අනුව අපි වයසට යනවා ලෝකේ කාට හැන්ගුවත් ඒ බව තමන්ට හංගන්න බැහැ. ඒ නිසා මම නම් ඒවා කරන්නේ පරිස්සමින්.

කැමැතිම කෑම?

ඉන්දියන් පැණි රහ සේරටම මං කෑදරයි. විශේෂයෙන්ම ලඞ්ඩුවලට වැඩිපුර ආසයි.

ලෝකයේ බයම දේ මොකක්ද?

හොල්මන් සහ අවතාර හොල්මන්. චිත‍්‍රපටවල රÛපෑවට මම නම් බයම දේ කළුවර සහ අන්ධකාරය තමයි.

දුරකථනයට කොයිතරම් ඇබ්බැහි වෙලාද?

නෑ. එහෙම වෙලා නැහැ. මං ඒක අතට ගන්නේත් කලාතුරකින්.

කුමරිනී ප‍්‍රතාපසිංහ

Dating Local Club

Developer

Cras justo odio, dapibus ac facilisis in, egestas eget quam. Curabitur blandit tempus porttitor. Vivamus sagittis lacus vel augue laoreet rutrum faucibus dolor auctor.

0 comments:

Post a Comment