උෂ්ණාධික ඩුබායි නගරයේ “හිම” හදන්නේ මෙහෙමයි

by January 16, 2015 0 comments

හිම කියන්නේ උෂ්ණාධික නගරයක් වන ඩුබායි වල සාමාන්‍යෙයන් දකින්න පුළුවන් දෙයක් නෙවෙයි. සෙල්සියස් අංශක 40 ක සාමාන්‍ය උෂ්ණත්වයක් ඇති ඩුබායි හි අවම උෂ්ණත්වය සාමාන්‍යෙයන්
සෙල්සියස් අංශක 13.8 ක පමණ අගයකයි පවතින්නේ. ඒත් දැන් දක්ෂ ගෘහ නිර්මාණශිල්පීන් කිහිපදෙනෙක් ඩුබායි නගරයේ එළිමහනේ “හිම“ නිර්මාණය කරන්නට සමත් වෙලා.
The Heart of Europe (THOE) නම් වන ඩුබායි හි ප්‍රථම කෘතීම දූපත් සමූහයේ නිර්මාණකරුවන් විසිනුයි මේ අපූරු කර්තවයට අතගහලා තියෙන්නේ. මේ වසරේ මුලදී බාහිර පරිසරයට නිරාවරණය කර තැබිය හැකි හිම නිර්මාණයට මේ කණ්ඩායම වැඩ ආරම්භ කලා. මේ වන විට නත්තල පාදක කරගනිමින් හිම බබෙක් සාදා ප්‍රදර්ශණය කිරීමට මේ කණ්ඩායමට හැකි වෙලා.
මෙලෙස නිර්මාණය කරන හිම භූගත නල මාර්ග මඟින් සිසිල් වන අතර හිම දියවීම සිදුවී මතුපිට රැස්වන ජලය යම ක්‍රියාවලියක් මඟින් නැවත හිම බවට පත් වනවා. ඒ වගේම සෙල්සියස් අංශක 27 වැනි උෂ්ණත්වයකදී පවා දියනොවී පැවතීමට මේ හිම වලට හැකියාව තිබෙනවා.
මේ හිම නිර්මාණය කිරීම අනාගතයේදී නගර අංලකරණයටත් පාරිසරික උෂ්ණත්වය අඩුකිරීමටත් යොදාගන්නා බව THOE හි විධායක නිළධාරී Josef Kleindienst පැවසූවා.

Dating Local Club

Developer

Cras justo odio, dapibus ac facilisis in, egestas eget quam. Curabitur blandit tempus porttitor. Vivamus sagittis lacus vel augue laoreet rutrum faucibus dolor auctor.

0 comments:

Post a Comment