අරලියගහ මැදුරේ
මූදු වතුර - උණු වතුර
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද සිය තනතුරේ රාජකාරී අරලියගහ මන්දිර කාර්යාල පරිශ‍්‍රයේදී
ආරම්භ කළා. නමුත් අගමැතිවරයා හා මෛත‍්‍රි වික‍්‍රමසිංහ මහත්මිය පදිංචිය සඳහා අරලියගහ මන්දිරයට නොපැමිණෙන බව අගමැති කාර්යාලය නිවේදනය කර තිබෙනවා.
අද එහි පැවති
ආගමික වතාවත් සඳහා මහා සංඝරත්නය සහභාගීවුණා.
ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර , ත‍්‍රීකුණාමලයේ ආනන්ද, කොටුගොඩ ධම්මාවාස, ගිරාඹේ ආනන්ද , මාදුළුවාවේ සෝභිත, බානගල උපතිස්ස ඇතුළු සංඝරත්නය එයට එක්වූහ.
එහිදී අනුශාසනාවක් කළ ධම්මාලංකාර හිමියන් අවධාරණය කළේ යහපාලනයක් හා ශිලාචාර ආණ්ඩුවක් යළි ස්ථාපිත කිරීමේදී දේශපාලනඥයින් මෙන්ම නිලධාරීන් ද අවංකව හා
කැපවීමෙන් කටයුතු කළ යුතු බවකි.
මේ අතර අරලියගහ මන්දිරය මහජනතාවට ප‍්‍රදර්ශනය කළ යුතු බවට පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක පසුගියදා ප‍්‍රකාශයක් කර තිබුණා. ඔහු කියා සිටියේ අගමැති පේ‍්‍රමදාසගෙන් පසු එය ජනපති මන්දිරය ලෙස තබාගත් බොහෝ දෙනා වරින්වර සිදු කළ ප‍්‍රතිසංස්කරණ ගැන කිසිවක් මාධ්‍යයට වාර්තා නොවූ බවත් අද වනවිට අරලියගහ මන්දිරයේ වැඩිදෙනෙකු නොදන්නා විශ්මිත ඉදිකිරීම් ඇති බවත් කිව්වා.
ඒ අතර මුහුදු වතුර පිහිනුම් තටාකයක් හා උණුවතුර පිහිණුම් තටාකයක්ද තිබෙන බවත් එම මුහුදු වතුර දින දෙකකට වරක් මාරු කිරීමට විශේෂ ඒකකයක්ද ස්ථාපිත කර තිබුණ බවත් ඔහු කියා තිබුණා.
මේ හේතුවෙන් මහජන මුදලින් අති සුඛෝපභෝගී ජනපතිවරුන් අරලියගහ මැදුරේ ගතකළ ජීවිත ගැන මහජනතාව දැනුවත් කිරීමේ වැදගත්කම ඔහු පෙන්වාදී ඇත.


0 comments:
Post a Comment