කොණ්ඩෙ තඹ කරපු බීබර්ට සෙලීනා කලදේ

by January 16, 2015 0 comments

බටහිර ගීත ලෝලී යොවුන් පරපුර ආදරය කරන ජනප්‍රිය ගායක ගායිකා යුවළක් තමයි, සෙලිනා ගෝමස් සහ ජස්ටින් බීබර්. මේ දෙදෙනා පෙම්වතුන්
බව කාටත් සැඟවිය නොහැකි රහසක්. පෙම් යුවළක් වී සිටියත් දෙදෙනා අතර වරින් වර ගැටුම් හට ගත් අයුරු කවුරුත් දන්නවා.

මේ දිනවල ජස්ටින් සහ සෙලිනා අතර පවතින්නේ අමනාපයක්. ඉතින් ජස්ටින් බීබර් දැන් වෑයම් කරන්නේ තමන් වෙතින් ඈත්ව සිටින සෙලීනාගේ අවධානය යොමු කරගන්නයි. පසුගිය දිනවල විවිධාකාර උපක්‍රම කල්පනා කළ බීබර් අන්තිමේදී තමන්ගේ හිසකෙස් තඹ පැහැයෙන් වර්ණ ගැන්වූවා. මේ බව සෙලිනාට දැනගන්න සැලැස්වූවා.



ඔහු සිතූ අයුරින් සෙලින් මේ තඹ පැහැති කොණ්ඩය දෙස බැලුවා. ඒත් අවාසනාවකටදෝ සෙලිනා ඔහු සමඟ කතා කරන්න නම් ආවේ නැහැ. ටික දිනක් ගත වෙද්දී ඇමෙරිකානු ගුවන් විදුලි චැනලයක වැඩ සටහනකට සහභාගිවූ සෙලිනා ගෙන් මේ ගැන විමසීමක් කෙරුණා. මේ යොවුන් ගායිකාව කියා සිටියේ තමන් බීබර්ට ගෞරව කරන නමුදු ආදරය ලබා ගන්නට උත්සාහ කිරීම ගැන සතුටක් නැති බවයි.






Dating Local Club

Developer

Cras justo odio, dapibus ac facilisis in, egestas eget quam. Curabitur blandit tempus porttitor. Vivamus sagittis lacus vel augue laoreet rutrum faucibus dolor auctor.

0 comments:

Post a Comment