"ලොක්කා පරදින බව මං දැන සිටියා.. නොකිව්වේ බයට..."

by January 16, 2015 0 comments


මහින්ද රාජපක්ෂ මහතා ජනපති ධූරය ලැබීමත් සමගින් වසර ගණනාවක්ම එතුමාගේ ප්‍රධාන ජ්‍යොතිශාත්‍රඥයා කටයුතු කරනු ලැබුවේ ගාල්ලේ සුමනදාස අබේගුණවර්ධන ය. පසුගිය දා
නිමාවට පත්වුණු ජනපතිවරණයෙදී මොවුන් දිගින් දිගටම අනාවැකි ඵල කරමින් කියා සිටියේ යත වශයෙන්ම මහින්ද රාජපක්ෂ මහතා පෙර සේම ජයග්‍රහණය උරුම කරගන්නා බවයි. එමෙන්ම ජනවාරි අට වැනි දා හිටපු ජනපති මහින්දට වාසනාව උදාවන බව ද ඔහු කියා තිබිණි. මහින්ද රාජපක්ෂ සිවුවරක්ම ජනපති වන බවත් ඔහු ස්ථිරවම කියා සිටියේ ය.

එහෙත් මේ වන විටත් ඔහු ඇද හැලූ බේගල් ගැන මුළු ලංකාවම දන්නේ, රටේ ජනාධිපති සිය වදන්වලින් මුලාවට පත්කිරීමට ඔහුට පුළුවන්කම ලැබුණත්, මිනිසුන්ට නම් ඔහුගේ අනාවැකි විහිළු වැනිය. මෙවර ද ඔහුගේ අනාවැකිය වැරදුනි. ඒ ගැන විමසීමට මාධ්‍ය විසින් දුරකථනය හරහා ඔහුවා සම්බන්ධ කරගැනීමෙන් ඔහු මාධ්‍යට පිළිතුරු දී තිබුණේ කේන්තියෙනි.
"පිස්සු නැතිව ඉන්න නෝනා. ඔහේලා අපිට මඩ ගහලා තව කතා කරන්නත් එනවා.." යනුවෙන් මාධ්‍යවේදිනියකට පැවසූ අබේගුණවර්ධන දුරකතනය විසන්ධි කර තිබුණි.

මේ අතර ඉන්දියාවේ එන්ඩීටීවී රූපවාහිනිය පැවසුවේ මේ ඡන්දයෙන් සුමනදාසගේ අනාවැකි හැකියාව පිළිබඳ අවසාන පරීක්ෂණය මෙය බවයි.

මේ අතර චන්ද්‍රසිරි බණ්ඩාර නම් නක්ෂත්‍රකරු ද මහින්ද රාජපක්ෂ මහතා දිනන බව රූපවාහිනී සාකච්ඡාවක දී අනාවැකි පළ කළේය. මහින්ද රාජපක්ෂ පරාජය වුවහොත් වෙඩි තබා ගන්නා බව ඔහු කීවේය.

නීතිවේදියකු ද වන මාපලගම විමලරත්න නම් තවත් නක්ෂත්‍රකරුවකු ද පැවසු‍වේ මහින්ද රාජපක්ෂ දිනන බවයි. ඔහු පරාජය වුවහොත් තමා ගිනි තබා ගන්නා බව ද ඔහු කීවේය.

මේ අතර ගාඩියන් පත්‍රය පවසනුයේ නියමිත කාලයට වඩා දෙවසරකට කලින් පැවැත්වූ ජනපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ ජය ගන්නා බවට සුමනදාස අනාවැකි කී බවයි.

1503 – 1566 කාලයේ නක්ෂත්‍ර අනාවැකි පල කළ මයිකල් නොස්ට්‍රඩාමස් නම් ප්‍රංශ ඇපොතිකරිවරයාගේ අනාවැකි සියල්ල ද හරි නොගිය බව ද සුමනදාස ගාඩියන් පත්තරයට කියා ඇත.

"මම ඔහුට ලොකු දෙයක් කළා. නමුත් ජනාධිපති වෙන්නත් වාසනාවක් තියෙන්න ඕනෑ..."

කෙසේ හෝ වේවා පසුගිය බ්‍රහස්පතින්දා සිට සුමනදාස මාධ්‍යයෙන් වසන් වී සිටියි.


හිටපු ජනපති නැකත්කරුවන් බෙහෙවින් විශ්වාස කළ බවත් ගාඩියන් පත්‍රය කියයි. හිටපු ජනපතිට වසර 32ක් තිස්සේ ජ්‍යෝතිෂ උපදෙස් දුන් සුමනදාසට ද යස ඉසුරු අහිමි වූ බව ගාඩියන් පත්‍රය සඳහන් කරයි.

ඒ එෆ් පී ප්‍රංශ පුවත් සේවය සමඟ සාකච්ඡාවක දී අබේගුණවර්ධන පිළිගත්තේ තමා දැනට වසන් වී සිටින බවයි. එහෙත් තමාගේ අනුගාමිකයන් තමා අත නොහරින බව විශ්වාස යැයි ද ඔහු කියා ඇත.


‘මම මිනිසුන් සමඟ විශේෂයෙන් මාධ්‍ය සමඟ කතා කිරීමෙන් වැළකී සිටිනවා. මට ලොකු අනුගාමිකයන් පිරිසක් ඉන්නවා. ඔවුන් මා අත්නොහරිතියි මා සිතනවා....‘


සිකුරාදා අලුයම් කාලයේ ඡන්ද ප්‍රතිඵල ලැබීමත් සමඟ රාජපක්ෂ සැනසීමට තමා උත්සාහ කළ බවත් ඔහු කීවේය. රාජපක්ෂ එදා උදෙන්ම අරලියගහ මන්දිරයෙන් පිටත්ව ගිය බවත්, ඊට කලින් තමා පදිංචිව සිටි බංගලාවේ යතුර ද කාරය ද රියදුරා ද බාරදී, රාජ්‍ය බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ද ඉවත් වූ බව සුමනදාස ප්‍රංශ පුවත් සේවය සමඟ කීවේය.

රාජපක්ෂ එම ඡන්දයෙන් පරාජය වන බව තමා දැන සිටි නමුත් ඒ බව ඔහුට පැවසීමට තමාට ශක්තියක් නොතිබූ බව ද ගාල්ලේ පදිංචියට ගිය සුමනදාස පවසා තිබුණි.

"රාජපක්ෂ පරදින බව කිව්වා නම් ඔහු මානසික වශයෙන් බිඳ වැටෙනවා.... ඔහුගේ පරාජය තවත් බරපතල වන්නට තිබුණා.... මෙම ප්‍රතිඵලය ඔහුගේ කේන්දරයේ ලියැවී තිබුණා.... අපේ සර්ගේ කේන්දරේට වඩා විරුද්ධ වාදියාගේ (මෛත්‍රීපාල සිරිසේනගේ) කේන්ද්‍රය බලවත්..."
එහෙත් රාජපක්ෂ ජනපතිවරණය පවත්වන බවට පසුගිය නොවැම්බර 20 වැනි දා පස්වරු 1.32ට ගැසට් නිවේදනයට අත්සන් කරද්දී අබේගුණවර්ධන ඔහුට උපදෙස් දුන්නේ එය බෙහෙවින්ම බලවත් සුබ නැකතක් බවත් මහින්දගේ ජය නියත බවත් පවසමිනුයි.
 

සුදුසු දිසාව බලා නැකතට ඡන්දය ප්‍රකාශ කළ යුතු බවට ඔහු රාජපක්ෂට උපදෙස් දුන්නේය. ඔහුගේ ජය තහවුරු කිරීම සඳහා සම්ප්‍රදායික සෙත් ශාන්ති ද කළේය. සුමනදාස පැවසුවේ සිරිසේන තමාගේ මිත්‍රයකු බවයි. එහෙත් සිරිසේන රජයෙන් ඉවත්ව යන බව ඔහුගේ නක්ශස්ත්‍රයට නොපෙනුණු බව ද ඔහු පිළිගනී.2010 මැතිවරණයේ දී රාජපක්ෂ පරදිතියි 2009 දී සුමනදාසගේ සගයකු අනාවැකියන් පළ කළේය. ඔහු අත්අඩංගුවට ගෙන සිරගෙට යැවූ බවත්, ඒ නිසා නරක ආරංචිය රාජපක්ෂට පැවසීමට සුමනදාස අදිමදි කරන්නට ඇති බවත් ගාඩියන් පත්‍රය කියයි.

2005 හා 2010 දී රාජපක්ෂ දිනන බව අබේගුණවර්ධන ප්‍රකාශ කළේය. කිසිම නක්ෂත්‍රකරුවකුට සියයට සියයක් නිවැරදිව අනාවැකි පළ කළ නොහැකි බවත්, නොස්ට්‍රඩාමස්ට ද එසේ කළ නොහැකි වූ බවත් සුමනදාස කීවේය.

"හැම කෙනකුටම ජනපති විය නොහැකියි. එහෙම නම් මටත් රුපියල් 75000ක් ඇප තබා ස්වාධීන අපේක්ෂකයකු වී ජනාධිපති වන්න ඉඩ තිබුණා. සාස්තර කියන විට සියයට පහක වැරදීම්වලට ඉඩ හැරිය යුතුයි.

පොදු රාජ්‍ය මණ්ඩලයේ සබාපතිකම බාර නොගන්නා ලෙස මම ඔහුට කීවා. රාජපක්ෂට කලින් එමහ තනතුර දැරූ ඕස්ට්‍රේලියා අගමැතකි ජුලියා ගිලාඩ් පැරැදුණා. ඒ තනතුර කටු ඔටුන්නක් භාර නොගත්නැයි 2013 දී රාජපක්ෂට මං කිව්වා. බලන්න ගිලාඩ්ට වුණු දේ.... ඒ දේම අපේ සර්ටත් වුණා."

Dating Local Club

Developer

Cras justo odio, dapibus ac facilisis in, egestas eget quam. Curabitur blandit tempus porttitor. Vivamus sagittis lacus vel augue laoreet rutrum faucibus dolor auctor.

0 comments:

Post a Comment