මුහුණ දීමෙන් පසුව ඉතා අසාධ්‍ය තත්ත්වයේ පසුවෙයි. ඊයේ (25 වැනිදා* සිදුවූ මෙම අනතුර නිසා සැත්කමකට මුහුණ දුන් හියුස් තවමත් කොමා තත්වයෙන් දැඩි සත්කාර ඒකකයේ පසුවෙයි.
සිඕනි නුවරින් අද (26 වැනිදා* ලැබුණු වාර්තාවලින් කියැවුණේ ඕස්ටේ‍්‍රලියානු ආරම්භක පිතිකරුවාට අද දිනයේ තවත් ස්කෑන් පරීක්ෂණ කිහිපයකට මුහුණ දීමට සිදුවන බවයි.
ඉන්දීය පිලට එරෙහිව තව නෙබෝ දිනකින් ආරම්භ වන ටෙස්ට් තරගාවලියේදී නැවතත් ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම නියෝජනය කිරීමට සුදානමින් සිටි 25 හැවිරිදි හියුස්, ෂෙෆීල්ඕ පළිහ තරගාවලියේ තරගයකට සහභාගි වෙමින් සිටියදී, නිව් සවුත් වේල්ස් ප‍්‍රාන්ත කණ්ඩායමේ ෂෝ්න් ඇබට්ගේ පන්දුවක් හිසේ වැදීම නිසා සිහිසුන්ව බිම ඇද වැටුණේය.
ඒ වන විට ඔහු දකුණු ඕස්ටේ‍්‍රලියා කණ්ඩායම වෙනුවෙන් ලකුණු 63 ක් ලබා සිටි අතර කී‍්‍රඩාංගණයට ගෙනවන ලද හෙලිකොප්ටරයක ආධාරයෙන් ඔහුව රෝහලට ගෙන යන ලදී.
පන්දුව හිසේ වැදීම හේතුවෙන් මොළයේ සිදුවී ඇති ලේ ගැලීමක් නිසා මේ වන විට ඔහු කෝමා තත්ත්වයේ පසුවෙයි.
මෙම සිදුවීම නිසා නිව් සවුත් වේල්ස් පිල සහ බටහිර ඕස්ටේ‍්‍රලියානු පිල අතර තරගය අතහැර දමන ලදි.



0 comments:
Post a Comment