අප කවුරුත් මෙලොව ඉපදී ඇත්තා සේම මෙලොවින් සමුගැනීමද එකසේ පොදු ධර්මතාවයකි. අපගේ ආදරනීයයන් අප සමග එකට ජීවත් වී අප අතරින්සමුගන්නා විට අපට ඇතිවන්නේ දැඩි ශෝකයකි. කෙනෙකු මියගියවිට සිරුර ආදාහනය කිරීම කළ පසු ඒ අය සිහිපත් කරන්නට ඉතිරි කරන අළුවලට විවිධ සංස්කෘතීන්හි විවිධ දේ කෙරේ.
ඇතැම් සංස්කෘතීන්හි අළු අසුබ දෙයක් ලෙස සැලකෙන නමුත් මියගිය අය සිහිපත් කළ හැකි හොඳම දේ ලෙසද ඇතැම්හු සලකති.
ස්විස්ටර්ලන්ත සමාගමක් වන අල්ගෝර්ඩන්සා සමාගම විසින් මේ අදාහනය ක‍්‍රියාවලියට එහා ගිය අපූරු ක‍්‍රියාවලියක් හදුන්වාදී ඇත. එනම් මියගිය පුද්ගලයාගේ අදාහනය කරනු ලැබූ සිරුරේ ඇති අළු යොදා ගනිමින් එම අළුවලින් දියමන්ති නිර්මාණය කිරීමයි.
මේ සදහා ඔවුන් විශේෂිත යන්ත‍්‍ර භාවිතා කරන බවත් මෙහිදී නිපද වන දියමන්ති ඉතා අනර්ඝ තත්වයේ පවතින බවත් එම සමාගම සදහන් කරයි.
මෙහි ඇති වටිනාකම වන්නේ අළු අසුබ යයි සිතන අයටද මෙම දියමන්තිවලට සුබදායි වටිනාකමක් දිය හැකිවීමයි.
මෙම දියමන්ති නිපදවීම සදහා භාවිතා කරනුයේ අදාහනයේ පිලිස්සීමෙන් ලැබෙන කාබන් අංශූන්ය.







0 comments:
Post a Comment