වර්ෂා, මධු සහ භූමිකා ලෙස එකිනෙකට වෙනස් රංගනයක යෙදෙමින් බොහෝ කලකට පසු නැවත පුංචි තිරයට එක්ව සිටින ඇය උදාරි වර්ණකුලසූරියයි.
උදාරි කොහොමද කාලෙකට පස්සේ?
බොහොම හොඳින් ඉන්නවා මව් පදවිය ලබන්න වසර දෙකහමාරකට විතර මට ක්ෂේත‍්‍රයෙන් තාවකාලිකව සමු ගන්න සිදු වුණා. ඉතින් මේ මගේ දෙවන ආගමනයයි. මම අයින් වෙන කාලේ ජනප‍්‍රිය නිළියට හිමි සම්මානය අරගෙනයි අයින් වුණේ. නමුත් වසර දෙකහමාරකට ඈත් වෙලා ඉදිද්දි මම හිතුවා මාව මගේ පේ‍්‍රක්ෂකයන්ට අමතක වෙලා ඇති කියලා නමුත් ජනප‍්‍රියත්වයට කිසිම බාධාවක් වෙලා තිබුණේ නැහැ.
ඔබ නැවත රංගනයට සම්බන්ධ වෙන්නේ ක්ෂේත‍්‍රයේ නව මුහුණු බොහොමයක් එක්ක. එය ඔබට අභියෝගයක් වුණේ නැද්ද?
එය මට ලොකු අභියෝගයක් වෙයි කියලා හිතුණා. මොකද ක්ෂේත‍්‍රය එකම තැන රැුදෙන්නේ නැහැ කියලා මං දැනන් හිටපු නිසා. එය එසේ විය යුතුයිනේ. ඒ ඔස්සේ මම නැවත සම්බන්ධ වීමේදි තරගකාරීත්වයක් නොතිබුණාම යැයි කියන්නත් බැහැ. නමුත් මගේ කියන ප‍්‍රතිරූපය ඒ වන විටත් නැති වෙලා තිබුණේ නැහැ. එ නිසා නැවත ක්ෂේත‍්‍රයට සම්බන්ධ වීමේදි එය මට එතරම් අභියෝගයක් වුණේ නැහැ.
උදාරිට දැන් ලැබී තිබෙන චරිත සංසලාට වඩා ජනප‍්‍රිය වේවිද?
ආදර දෑසක්‘හි මුතු සහ භූමිකා ලෙසත් කළු අරලියා හි වර්ෂාටත් ඉතාමත් හොඳ ප‍්‍රතිචාර ලැබෙනවා. මම නැවත රංගනයට සම්බන්ධ වීමේදි එක හා සමාන චරිත තෝරා ගත්තේ නැහැ.
ආදර දැසක්‘හි මවගේ චරිතය ඔබට පහසු වුණායි කියලත් ආරංචි?
ඔව්. මොකද මම සැබැ ජීවිතයේදිත් මව් පදවිය ලබා ඇති නිසා අමමා කෙනෙක් විදිහට මට ඒ චරිතයට හොඳ සධාරණයක් ඉෂ්ට කරන්න පුළුවන්වෙයි.
ඹා්රස-උ්රබ්නමක්ිදදරසහ්-අඅඅගටදිිසචිසබය්ක්ගජදප
නැවත කාර්යබහුල වීම දියණියගේ වැඩ කටයුතුවලට බාධාවක් නොවෙයිද?
නැහැ. දුවට වසර එකහමාරක් යන තෙක් මම තනියමයි ඇයගේ වැඩ කටයුතු සේරම කළේ. අපේ අම්මලට පුළුවන් නම් අපිව තනියම උස් මහත් කරන්න මටත් ඒ දේ කරන්න පුළුවන්. එත් මගේ ෂුටිං පටන් ගත්තට පස්සේ එයාව තනියම තියන්න බැහැනේ. ඒ නිසා දැන් එයාගේ අත් උදව්වට කෙනෙක් ඉන්නවා. මං ෂූටිං යන මුල් කාලේ දි නම් දුව ටිකක් මාව හොයලා තියෙනවා. නමුත් දැන් ගෙදරට එන අයටත් කියනවාලූිඅම්මි ෂුටිං ගියා‘කියලා. රංගනය ඔබේ විනෝදාංශය නම් ඔබේ වෘත්තීය කුමක්ද?
මම ගෘහණියක් සහ අම්මා කෙනෙක්. මම මුලික තැන දෙන්නේ මගේ පවුලට හා දරුවා ගේ අධ්‍යාපන කටයුතු වලටයි. මම රැුකියාවක් කරනවාට මගේ සැමියා කැමැති නැහැ. මොකද ඔහු කාර්යබහුල වෛද්‍යවරයෙක් නිසා. ඉතින් ෂුටිං නැති දවස් වලට මම ගෙදරට වෙලා බබා බලාගෙන ඉන්නවා.
දුවගේ අනාගත කටයුතු සමඟ ඔබට රංගනයට සමු දෙන්න වුණොත්?
අවුරුද්දේ 365 දවසම මම රංගනයටම වෙන් කරලා නැහැ. දරුවාගේ අධ්‍යාපනය සහ ඇගේ අනාගතය තමා දෙමාපියන්ගේ එකම බලාපොරොත්තුව එය මටත් පොදුයි. දුවගේ පෙර පාසල් කටයුතු සඳහා දෙසැම්බර් මාසයේදි සිංගප්පුරුවට යන්න සිදු වෙයි. නමුත් මම රංගන කටයුතු නවත්වන්නේ නැහැ. ෂුටිංවලට කාල වේලාව වෙන් කර ගෙන දුවගේ කටයුතු වලට බාධා නොවන පරිදි රංගන කටයුතු වල යෙදේවි.
උදාරිගේ රංගනයට කෙදිනක හෝ සැමියා ගෙන් තහංචි වැටුණොත්?
දැන් අපි විවාහ වෙලත් වසර හයක් පමණ වෙනවා. නමුත් මේ වන තුරු මගේ රංගන කටයුතු වලට ඔහුගෙන් කිසිම බලපෑමක් නැහැ. ඉතින් මම නම් හිතන්නෑ ඉදිරියටත් එවැනි බලපෑමක් කරයි කියලා.
ක්ෂේත‍්‍රයට පැමිණ ටික කලක් යන්නට මත්තෙන්ම ඔබට ඇයි මෙතරම් කට කතා හැදුණේ?
ඊට හේතුව මම සාමාන්‍ය ජනප‍්‍රිය නිළියක් නොවී අසාමන්‍ය ජනප‍්‍රියත්වයක් තිබෙන නිළියක් වීම වෙන්න ඇති. ඒ කියන්නේ සාමාන්‍ය නිළියකට වඩා ජනතාවගේ කැමැත්ත සහ ප‍්‍රසිද්ධිය කියන දේ මට තියෙනවා. මේ දෙක දෙකක් නේ. හොඳින් හෝ නරකින් ප‍්‍රසිද්ධ වෙන්න පුළුවනි. නමුත් ජනතාවගේ ජනප‍්‍රියත්වය ලබන්න බැහැ. ඉතින් මට මේ දෙකම අඩුවක් නැතිව තියෙන නිසා වෙන්නැති මට ඔය කතා හැදෙන්නේ.
රංගනය ඔබේ විනෝදාංශය වුණාට ඊට අය කරන ගණන නම් හරිම ඉහළයි?
ඊට හේතුව මගේ හැකියාවට වටිනා කමක් තිබිය යුතුයි නිසයි. විනෝදාංශයක් වුණත් අපේ ශ‍්‍රමයට වටිනාකමක් දිය යුතුයි.
මවක් වුණත් ඔබේ විලාසිතා වල නම් වෙනසක් වී නැති හැඩයි?
විලාසිතාවලට මව් පදවිය බලපාන්නේ නැහැ. වයසට, කාලයට හා තමාට උචිත විදිහේ විලාසිතා පමණයි මම තෝරා ගන්නේ. ඉතින් මගේ විලාසිතා වලට මව් පදවිය මම බලපෑමක් කර ගන්නේ නැහැ.
දුව ගැන ඔබේ බලාපොරොත්තුව?
මට එයාව ලොව ජනප‍්‍රිය විශ්ව විද්‍යාලයකට යවලා උගන්වන්න ඕනේ නැහැ. රටට වැඩදායි, ලොවට බරක් නොවෙන, ගුණවත් නැණවත් දරුවෙකු රටට බිහි කිරීමයි මගේ බලාපොරොත්තුව.
අම්මා වගේ ¥වටත් නිළියක් වෙන්න ඕනේ යැයි කිව්වොත්?
ආසාවෙන් උදව් කරනවා.



0 comments:
Post a Comment