පාසල් ගමන නවතා ඇය නිවෙසට ගෙනගොස් අනියම් සැමියාගේ ඇසුරට පත්කොට ලිංගික අපයෝජනයකට ලක්කර තිබේ.
පොලිස් මාධ්‍ය ඒකකය සඳහන්
කෙළේ පසුගිය 21 දින සිදුවී ඇති එම සිද්ධිය සම්බන්ධයෙන් එම විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිවරයා විසින් පොලිසියට පැමිණිලි කර ඇති බවයි.
එම සිද්ධියට සම්බන්ධ මව සහ අනියම් සැමියා පොලිස් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කොට ඇති බවද පොලිස් මාධ්‍ය ඒකකය පැවැසීය.
සැකකාර මව 38 හැවිරිදි වියේ පසුවන අතර සැකකාර අනියම් සැමියා 62 හැවිරිදි වියේ පසුවන බවද පොලිසිය සඳහන් කෙළේය.
පොලිස් මාධ්‍ය ඒකකය පැවැසුවේ රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි කාන්තාව පසුව ඇප මත නිදහස් කර ඇති බවයි.
සිද්ධියට මැදිවූ පාසල් දැරිය වෛද්‍ය පරීක්ෂණයකට ඉදිරිපත් කොට තිබේ.
මහරගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.


0 comments:
Post a Comment