ලංකා‍වේ අය වැඩි‍යෙන්ම ‍බොන්නෙ ‍ පෝය දාට - සුද්දා කියන කතාව

by November 26, 2014 0 comments
වහිනවා කියන දවසට පායනවා. පායනවා කියන දවසට වහිනවා.

පිට පිටම හැට වතාවක් ලංකාවට පැමින ඇති මා සහ ම‍ගේ බිරිය ‍මේ වන විට ලංකාව පුරාම සංචාරට ‍‍කොට ති‍බෙනවා. ලංකාව ඉතාම සුන්දර රටක්
. මම ලංකාවට ආද‍රෙයි වි‍දේශ සංචාරකයන්ට සිනහවකින් සංග‍්‍රහ කිරීමට කැමැත්තක් දක්වන මිනිසුන් ලංකා‍වේ තරම් ‍වෙනත් කිසිම රටකදී මා දැක නැහැ. 

ඒ ව‍ගේම නරක මිනිස්සුත් මට මුණ ගැසී ති‍බෙනවා යැයි වසර පහ‍ළොවක පමණ කාලයක සිට ‍මේ වන විට හැට වතාවක් ලංකාවට පැමිණ ඇති  ඕලන්ද ජාතික ඇ‍ඩොල්ෆ් සහ ඔහු‍ගේ බිරිය ‍ජොෂෆින්ස් ‍නෙර්මාන්සු ‍පැවසූහ.

මට ‍මෙහිදී දක්නට ලැබුණු ‍දෙයක් තමයි අලූත් අවුරුද්දට, නත්තල් උත්සව සමයට, ‍පෝය දවස්වලට ලංකා‍වේ මත්පැන් අ‍ලෙවි කරන බාර් වහලා දමනවා. වහන්න කලින් දව‍සේ මත්පැන් මිලදී ගන්න විශාල පිරිසක් බාර් ළග ‍පොර කනවා. 

බාර් වහන නිසා වහන්න කලින් දව‍සේ ‍බෝතල් ‍දෙක තුන මිලදී අර‍ගෙන ‍ගෙවල්වලට රැු‍ගෙන යනවා. මම දකින විදියට ‍පෝය දවස්වලට බාර් වැහුවට වැඩක් නෑ. කලින් දව‍සේ අර ගත්ත ‍බෝතල් ති‍බෙන නිසා ‍පෝය දවසට තමයි වැඩි‍යෙන්ම මත්පැන් ‍බොන්නේ. 

අ‍පේ ර‍ටේත් ලංකා‍වෙත් මා දකින ‍‍වෙනස ඒකයි. මම ලංකා‍වේදී තවත් ‍වෙනසක් දැක්කා. ලංකා‍‍වේ කාලගුණය ගැන කියන අනාවැකි ‍බො‍හෝදුරට වැරදියි. වහිනවා කියන දවසට පායනවා. පායනවා කියන දවසට වහිනවා. මම ‍මේක දිගු කාලයක සිට දකින ‍‍දෙයක්. 

මම ලංකාවට නැවතත් එනවා. මම හික්කඩුවට හරිම කැමතියි. ‍මෙ‍හේ ‍හොද මුහුදු ‍වෙරළක් ති‍යෙනවා. මම ලංකාවට ආපු හැට වත‍ා‍වෙන් පනස් වතාවක්ම නැවතිලා හිටි‍යේ ‍මේ ‍හෝටල‍යේ. අපි ‍දෙන්න ‍මේ මාස 18 වැනිදා ලංකා‍වෙන් පිටත් ‍වෙලා අ‍පේ රටට යනවා. 

මම කිසි දිනක ලංකාව අමතක කරන්‍නේ නැහැ. ‍මේ තරම් සුන්දර රටක් මම දැකලත් නැහැ කියමින් ‍මෙම සංචාරක යුවළ අ‍පෙන් සමු ගත්තේය.

Dating Local Club

Developer

Cras justo odio, dapibus ac facilisis in, egestas eget quam. Curabitur blandit tempus porttitor. Vivamus sagittis lacus vel augue laoreet rutrum faucibus dolor auctor.

0 comments:

Post a Comment