නාඳුනන පිරිසක් විසින් පැහැර ගනු ලැබීමෙන් අනතුරුව පොලිසියට ගිය අවස්ථාවේ ගණිකාවක
ලෙසින් අ`ගවා අපහාස කරමින් පොලිස් නිලධාරීන් තමන් තවදුරටත් අපහසුතාවයට පත් කළ බව සෙනසුරාදා රාත‍්‍රියේ අනුරාධපුරයේදී පැහැර ගැනීමට ලක් වූ දෙදරු මවක වන මයුරි ඉනෝකා කුමාරි ජයසේන පවසයි.
එකොලොස් මස් වියැති නිවුන් දරු දෙදෙනාට කිරි පිටි මිලදී ගැනීමට අනුරාධපුර කඩමණ්ඩියට ගිය අවස්ථාවේ හදිසියේම ත‍්‍රී රෝද රථයට ගොඩ වූ සද්දන්ත පුරුෂයකු තමාට පරුෂ වචනයෙන් බැන වැදී, මුහුණට තුවක්කුවක් එල්ල කොට තම දෑත් ගැට ගසා ඇස් බැඳ වෙනත් වෑන් රථයකට දමා ගෙන පැය එකහමාරක් පමණ පරුෂ වචනයෙන් බැන වදිමින් ගමන් කළ බව ඇය කියා සිටියාය.
පොලිස් නිලධාරීන් බව හඳුන්වා ගත් පිරිසක් විසින් පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ රැුගෙන යාමෙන් අනතුරුව මේ දක්වා අතුරුදහන්ව සිටින සිය සැමියා මධුෂ්ක හරිෂ් ද සිල්වා සොයා දෙන මෙන් ඉල්ලමින් උද්ඝෝෂණවලට එක්වීම තමා මෙසේ පැහැරගනු ලැබීමට හේතුව බව මයුරි ඉනෝකා ජයසේනගේ අදහසයි.
උඹේ කට වැඩියි. උඹ ජීවත් වෙනවද මැරෙනවද කියන එක උඹ තීරණය කරන්න ඕනි. උඹ ස්ටේජ් ගානේ නැග්ගට වැඩි දුර යන්න දෙන්නේ නැහැ. මහත්තයා ගැන හොයන එක නතර කරපන් කිව්වා යනුවෙන් පැහැරගත් පිරිස රථය තුළදී තමාට තර්ජනය කළ බව ඇය පවසන්නීය.
මරණ බයෙන්
මගේ දරුවෝ දෙන්නගේ තාත්තත් නැති හින්දා මට ඒ දෙන්නව ගොඩක් මතක් වෙලා කවදාවත් නැති මරණ බයක් ආවා,ල යයි මයුරි ඉනෝකා ජයසේන සංදේශයේ සරෝජ් පතිරණ සම`ග සිදුවීම විස්තර කරමින් කියා සිටියාය.
මට ගොඩක් විදිහට දැනෙන්නේ එයාලා ඇත්තටම ආරක්ෂක අංශයේ නිලධාරීන් කියලා. ඒ වගේ සන්නද්ධ කණ්ඩායමක් වගේ මට හැෙ`ගන්නේ
2013 සැප්තැම්බරයේ සිට අතුරුදහන්ව සිටින සැමියා සොයන මයුරි ඉනෝකා කුමාරි ජයසේන
ඉන් අනතුරුව වාහනයේ ගමන් කළ පිරිස ඇය කිසියම් ස්ථානයක හැර දමා ගොස් තිබේ.
ලපිස්තොලේ ආයෙත් මගේ බෙල්ලට තිබ්බා. තියලා කිව්වා උඹ දැන් තීරණය කරපං ජීවත් වෙනවද මැරෙනවද කියලා. උඹ මොකක්ද කරන්නේ කියලා ඉස්සරහට තීරණය කරපං කියලා මට තර්ජනය කරලා මාව එතන දාලා ඒ වාහනේ ගියා.
ඇය හැර දමා ගිය ස්ථානයේ සිට අසල පිහිටි නිවසකට ගොස් කෑ ගසා ආධාර ඉල්ලා සිටි අවස්ථාවේ එහි සිටි නිවැසියන් ගැට ගසා තිබූ තම දෑත් ලිහා දැමීමට පවා ඉදිරිපත් නොවූ බවත් ඇය සඳහන් කරයි. සුළු මොහොතකින් සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් පැමිණ තමා ගණිකාවක් යැයි හැ`ගවෙන අයුරින් අපහසුතාවට පත් වන ආකාරයේ ප‍්‍රශ්න ඇසූ බවට මයුරි ඉනෝකා ජයසේන පොලිසියට චෝදනා කරයි.
ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්
අනුරාධපුර පොලිසියේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහේෂ් සේනාරත්න ඇතුළු පිරිසක් මගේ මහත්තයාගේ අතුරුදහන්වීමට සම්බන්ධ බවට මම සැක කරනවා යනුවෙන් චෝදනා කරන ඇය කියා සිටියේ එම සැකය පිළිබඳව තමන් ඉහල පොලිස් නිලධාරීන්ට සහ අධිකරණයටද දැනුම් දී තිබෙන බවයි.
මට කිසිම තැනකින් සාධාරණ පිළිතුරක් ලැබුණේ නැහැ. මේ වෙනකොට ඇත්තටම දරුවෝ දෙන්නත් එක්ක මර බයේ තමයි ජීවත් වෙන්නේ,ල යනුවෙන් ඇය වැඩි දුරටත් පැවසුවාය. පැහැර ගැනීම සඳහා පැමිණි පිරිසේ සිටි කිසිවකු හෝ හඳුනා ගැනීමට හැකි වුයේදැයි විමසූ අවස්ථාවේ මට ගොඩක් විදිහට දැනෙන්නේ එයාලා ඇත්තටම ආරක්ෂක අංශයේ නිලධාරීන් කියලා.
ඒ වගේ සන්නද්ධ කණ්ඩායමක් වගේ මට හැෙ`ගන්නේ. එයාලගේ කතා බහෙනුත් කොහොමත් මට දැනෙනවා ඒක ඉහළින් වෙන දෙයක් කියලා යනුවෙනුයි ඇය පිළිතුරූ දුන්නේ. පැහැර ගැනීමට ලක් වීමට පෙර ගමන් ගත් ත‍්‍රීරෝද රථයට ගොඩ වූ පුද්ගලයන් හඳුනා ගැනීමට හැකි බවත් ඇය කියා සිටියාය.
මයුරි ඉනෝකා කුමාරි ජයසේන ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට එරෙහිව එල්ල කරන මෙම චෝදනා පිළිබඳව විමසීම පිණිස පොලිස් ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ ඇමතීමට බීබීසී සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය.


:)) :)) :)) :)) :)) :))
ReplyDelete