රංගන ශිල්පිනියක් වීමට පෙර පින් තියෙන්න ඕන - උදාරි

by November 26, 2014 0 comments
 ඕන උදාරි වර්ණකුලසූරිය ඉතාම කෙටි කලකින් ජනප‍්‍රියත්වයේ හිණි පෙත්තට ම නැගි රංගන ශිල්පිනියක්. පසුගිය කාලයේදී රංගනයෙන් ඉවත්වී සිටියේ ඇය මවු පදවියට උරුමකම් කී නිසයි. උදාරි මේ දිනවල නැවත කාර්ය බහුල වී සිටින්නේ ටෙලිනාට්‍ය සහ චිත‍්‍රපට කීපයකම

රූපගතකිරීම්වලට දායක වී සිටින නිසයි. අප උදාරිව එක්කර ගන්නේ ඇයගේ නවතම තොරතුරු විමසා බලන්නටයි.

උදාරි, මොනවද අලූත් තොරතුරු?

හොඳින් ඉන්නවා. අවුරුදු දෙකකට පසුව මම ආයෙත් රංගන කටයුතු පටන් ගත්තා. නිල්වලා ආයතනය නිෂ්පාදනය කරනිආදර දෑසක්’ ටෙලිනාට්‍යයේ මුල් කොටස්වල රූපගතකිරීම් වලට පසුගිය දවස්වල සහභාගි වුණා. මේ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය කරන්නේ සඳුන් රාජකරුණා.

ඔබ සෑහෙන කාලයකට පස්සෙ නේද ආයේ ර`ගපාන්න ආවේ?

ඔව් අවුරුදු 2 ක් විතර මම රංගනයෙන් ඉවත්වෙලා හිටියේ දුව ලැබෙන්න සිටි නිසා. දැන් දුවට අවුරුද්දයි මාස 8 යි.

දුව ලැබුණේ ලංකාවේ රෝහලකදීද?

මගේ සැමියා වෛද්‍යවරයෙක්. එයා වැඩකරන්නේ සිංගප්පූරුවේ රෝහලක. ඒ නිසා මගෙ දුව ඉපදුණේ සිංගප්පූරුවේ රෝහලකදි. දරුවා ලැබිල අවුරුදු එකහමාරක් විතරම මම සිංගප්පූරුවේ හිටියා. ඒ× දරුවා‍ගේ මුල් එන්නත් එහෙම ලබා දෙන්න. ඒ වගේ ම මගේ සැමියත් දරුවා ළÛ ඉන්න ආසයිනේ. ඒ නිසයි මම සිංගප්පූරුවේ හිටියේ.



දැන් දිගටම ඉන්නේ ලංකාවේද?

මේ දිනවල ආදර දෑසක් ටෙලිනාට්‍යයේ රූපගත කිරීම් නිසයි මම ලංකාවට ආවේ. ඒ වැඩ ඉවරවෙලා නැවත සිංගප්පූරුවට යනවා.

ඔබේ සැමියා දිගටම සිංගප්පූරුවේ රැුකියාව කරාවිද?

ඔහු තව අවුරුදු 5 ක් විතර සිංගප්පූරුවේ රෝහලේ වැඩ කරාවි. ඉන්පසුව ලංකාවට ඇවිත් ඔහුගේ ම රෝහලක් ආරම්භ කරන්න අදහසක් තියෙනවා. රටවල් ගණනාවක වැඩ කරල ලබපු අත්දැකීම් ඔහුට තියෙනවනේ.

මවක් වීම ඔබට දැනෙන්නේ කොහොමද?

ලෝකයේ උතුම්ම පදවිය තමයි මවු පදවිය. මවක් වීමේ නියම සතුට දැනෙන්නේ මවක් වූ කාන්තාවකටම පමණයි. ඊට කලින් ඒ ගැන කොච්චර ඇසුවත් කොච්චර කියවල තිබුණත් ඒ හැ`ගීම නියම විදියට දැනෙන්නේ නෑ. මගෙ දුව තමයි මම දැකපු පළමුවැනි අලූත උපන් දරුවා. මීට ඉස්සර මම කවදාවත්ම නෑදෑයෙකුගේවත් අලූත උපන් දරුවෙක්ව දැකල තිබුණේ නෑ. දරුව දැකපු මුල්ම අවස්ථාවේ විශාල සතුටක් වගේම බයකුත් මට ඇති වුණා. මේ ජීවිතය ජීවත් කරවන්න  ඕන නේද කියන හැ`ගීම මට ඇති වුණා. සිංගප්පූරුවේදි මට කවුරුවත් උදව්වට හිටියේ නෑ. දරුවාගේ හැම වැඩක් ම කරගත්තේ මමමයි. මගෙ අම්මට එන්න විදියක් තිබුණේ නෑ. එයා හිටියේ ඇ‍මෙරිකාවේ. මගෙ තාත්තා මගෙ ළ`ග සිටියා. නමුත් ඒ වගේ වෙලාවක පිරිමියෙකුට කරන්න පුළුවන් උදව් අඩුයි.

මේ දවස්වල ඔබ දරුවාව කවුරු ළ`ග තියලද ෂූටිං වලට යන්නේ?

දැන් දුවට යමක් තේරෙනවනෙ. මගෙ තාත්ත තමයි දුවව බලා ගන්නේ.

ඔබේ දුවට අධ්‍යාපනය ලබාදෙන්නේ කොහේදීද?

බොහෝ දුරට සිංගප්පූරුවේදී.

කලක් රංගනයෙන් ඉවත් වීම පාඩුවක් කියල ඔබට හිතෙන්නේ නැතිද?

නැහැ කොහෙත් ම නෑ. හැමදේකටම වඩා මවක් වීම මට වටිනවා. මම මගේ මුල්ම චිත‍්‍රපටය වන පායා එන්න හිරුසේ චිත‍්‍රපටයේ ර`ගපාල එය තිරගත වෙන්න කලින් විවාහ වුණා. ඒ වෙලාවේ ගොඩක් දෙනෙක් මගෙන් අහපු ප‍්‍රශ්නයක් තමයි, ඉක්මනින් විවාහවීම මගේ ජනප‍්‍රියත්වයට මගේ ඉදිරි ගමනට බාධාවක් නෙමෙයිද කියන එක. මම ඒක පිළිගන්නේ නෑ. මම විශ්වාස කරන විදියට විවාහයෙන් පසුව මගේ ජනප‍්‍රියත්වයේ අඩුවක් වුණේ නෑ. ඒ වගේ ම තමයි දුව ලැබෙන්න මම ගත කළ අවුරුදු දෙක නිසාත් මගේ ජනප‍්‍රියත්වයට බාධාවක් වුණේ නෑ. මං ආදරය කරන රසික රසිකාවියෝ හැමදාම මාත් එක්ක ඉන්නවා. මම ර`ගපෑ පළමු ටෙලිනාට්‍යයයෙන් ම වස‍රේ ජනප‍්‍රිය ම නිළියට හිමි සම්මානය මට හිමිවුණා. එදා මට තිබුණු පිළිගැනීම අදත් මට තියෙනවා.



පේ‍්‍රක්ෂක ආදරය ඔබට සුන්දර අත්දැකීමක් ද?

ඇත්තෙන් ම ඔව්. ඒක හරිම සුන්දර අත්දැකීමක්. අදටත් කුරුණෑගල ත‍්‍රිකුණාමලය, අනුරාධපුරය වැනි ප‍්‍රදේශවල ඉඳල මාව සොයාගෙන ගෙදරට එන පේ‍්‍රක්ෂකයො ඉන්නව. රටක මිනිසුන්ගේ ආදරය ලබන්න වාසනාවක් තියෙන්න  ඕන. මට මේ සමාජයේ ආදරය ලැබුණේ මම කලාකාරිනියක් වූ නිසයි. ඒ නිසා කලාවට මගේ විශාල ගෞරවයක් තියෙනවා.

ඔබේ දියණිය කවදා හරි රංගනයට එන්න හැදුවොත්?

කවදා හරි දුව තමයි එයාගෙ අනාගතය තීරණය කළ යුත්තේ. දුවගෙ අම්ම රංගන ශිල්පිනියක් වුණත්, තාත්තා වෛද්‍යවරයෙක් වුණත්, ඒ දෙකටම වඩා වෙනස් ක්ෂේත‍්‍රයක් දුව තෝරාගනීවිද දන්නේ නෑ. මගෙ දුව රංගනයට එන්න හැදුවොත් මම කිසිම විරුද්ධත්වයක් දක්වන්නෙ නෑ. කලාව කියන්නෙ ඉතාම ගෞරවාන්විත ක්ෂේත‍්‍රයක්.

ඔබ දායක වෙලා තියෙන සිනමා නිර්මාණ මොනවාද?

සිහිනය දිගේ එන්න”, පායා එන්න හිරුසේ” චිත‍්‍රපටවලට මේ වන විට මම දායක වෙලා තියෙනවා. ඉදිරියේදී චිත‍්‍රපට ගණනාවකට ඇරයුම් ලැබිල තියෙනවා. ඉදිරියේදී ටෙලි නාට්‍යවලින් වගේ ම චිත‍්‍රපට වලිනුත් මගේ පේ‍්‍රක්ෂකයින් ඉදිරියට මම එනවා.

කවදා හරි ඔබේ සැමියා ඔබට රංගනයෙන් ඉවත් වෙන්න කියලා කිව්වොත්?

මට රංගනයෙන් ඉවත් වෙන්න කියල කියනවා නම්, මේ වන විටත් එයා මට එහෙම කියලා. ඒ මොකද අපි දෙන්නා හඳුනා ගන්නා විටත් මම රංගන ශිල්පිනියක්. ඔහු මගේ රංගන කටයුතුවලට කැම÷ැතියි. ඔහු මගේ වෘත්තියට ගරු කරනවා. ඒ නිසා මගේ සැමියා මගේ රංගන ජීවිතයට කවදාවත් ම බලපෑම් කරන එකක් නෑ. රංගනයෙන් ඉවත් වෙනවා කියන තීරණයේ මම නැහැ. රංගන ශිල්පිනියක් වීමට පෙර පින් තියෙන්න  ඕන කියලයි මම හිතන්නේ.

කලා ක්ෂේත‍්‍රයේ මොන වගේ බලාපොරොත්තු ද ඔබට තියෙන්නේ?

මම මේ රටේ ජනප‍්‍රියම රූපවාහිනී නිළිය වුණානේ. එතැනට නැවත යාමයි මගේ බලාපොරොත්තුව. ඉන්පසුව දක්ෂතම නිළියට හිමි සම්මානය කවදා හරි ලබන්නත් පුංචි ආශාවක් තියෙනවා. ඒකට උපරිමයෙන් කැප වෙනවා.

ඔබ ගායනා කළ ගීතයක් අන්තර්ජාලයේ තියෙනව නේද?

ඔව් ඒ ගීතය මම නිර්මාණය කරගත්තේ 2010 අවුරුද්දේ. ගීතය ගායනා කළේ මම. ගීතය රචනා කළේ සම්පත් ප‍්‍රනාන්දුපුල්ලේ. සංගීතය භාතිය, සන්තුෂ්ගේ. ඒ ගීය මගේ සැමියට මම දුන්නු උපන්දින තෑග්ගක්. එහි රූපරචනා කළේ සිංගප්පූරුවේදි. රූපරචනයට පෙනී ඉන්‍්නේ මගේ සැමියාමයි.

ඒ කියන්නේ ඉදිරියේදී ගායනයටත් යොමුවෙන්න අදහසක් ඔබට තියෙනවාද?

නැහැ. වෘත්තීය මට්ටමෙන් ගායනයට යොමු වෙන්න අදහසක් නෑ. මගේ ක්ෂේත‍්‍රය විදියට රංගනය තෝරාගෙන ඉවරයි.







Dating Local Club

Developer

Cras justo odio, dapibus ac facilisis in, egestas eget quam. Curabitur blandit tempus porttitor. Vivamus sagittis lacus vel augue laoreet rutrum faucibus dolor auctor.

0 comments:

Post a Comment