පාසල් දැරිය අපයෝජනය කර එය වීඩියෝ කළ පෙම්වතා සීඞී පට ප‍්‍රදේශයේ බෙදාහැරලා

by November 26, 2014 0 comments
15 හැවිරිදි පාසල් පෙම්වතිය මිතුරකුගේ නිවසට ‍කැදවා ගෙන ගොස් දුෂණයට ලක්කර එය විඩියෝ ගත කොට අදාල සීඞී පට මිතුරන් මගින් බෙදාහැරිය සැකකාර පෙම්වතා හා ඔහුගේ මිතුරන් තිදෙනකු
මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
වයස අවුරුදු 18 සහ 19 වයසේ පසුවන්නන් වෙති. දැරිය හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ ජාතික පාසලක ඉගෙනුම ලබන අවස්ථාවේ ප‍්‍රධාන සැකකරු එම දැරිය සමග පේ‍්‍රම සබදතාවයක් ‍ගොඩනගාගෙන ඇත. පසුගිය ජනවාරි මාසයේ දිනක සැකකරුගේ මිතුරකුගේ නිවසකට ගෙන ගොස් මෙසේ ඇයව දුෂණයට ලක් කොට එම අවස්ථා විඩියෝ ගත කර ඇත.

එම දර්ශන ඔහු විසින් සංයුක්ත පටිවලට ගෙන මිතුරන් තිදෙනෙකු අතට පත් කර එය ප‍්‍රදේශය බෙදාහැරිමට කටයුතු කර ඇති බව අනාවරණයවී ඇත. ප‍්‍රධාන සැකකරු හා මිතුරන් ‍තිදෙනාද මේ අවස්ථාවෙන් දැරියගෙන් අයුතු ප‍්‍රයෝජන ලබා ගැනිමේ අපේක්ෂාවෙන් මෙම සංයුක්ත පටිවල දසුන් පෙන්වන බව පවසමින් දැරියට තර්ජනය කොට ඔවුන් සමග එන ලෙසද දිගින් දිගටම බලපෑම් කොට ඇත.

සිද්ධියෙන් පසුව දැරියගේ පාසල් ගමනද නතරව ඇත. දැරියටවූ හිරිහැර සම්බන්ධයෙන් අදාල පොලිස් ස්ථානයට කරන ලද පැමිණිල්ලට නිසි ක‍්‍රියා මාර්ග නොගැනීම සම්බන්ධයෙන් දැරියගේ පාර්ශවයෙන් දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික‍්‍රමරත්න මහතාට කරන ලද පැමිණිල්ලක් අනුව අදාල පරික්ෂණ සිදුකිරිමට මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය භාර ස්ථානාධිපති පොලිස් පරික්ෂක වරුණි බෝගහවත්ත මහත්මිය ඇතුළු නිලධාරින්ට පවරන ලදී.

Dating Local Club

Developer

Cras justo odio, dapibus ac facilisis in, egestas eget quam. Curabitur blandit tempus porttitor. Vivamus sagittis lacus vel augue laoreet rutrum faucibus dolor auctor.

0 comments:

Post a Comment