අතුරුදන් රාජගිරියේ විදුහල්පතිවරයාගේ නැවත පැමිණීමත් අභිරහසක්

by November 26, 2014 0 comments
පසුගියදා ජනපතිවරයා සිය විදුහලේ උත්සවයකට එන්නට සූදානම්ව සිටියදී අතුරුදන්වුණ රාජගිරිය හේවාවිතාරණ මහ විදුහලේ විදුහල්පති චිත‍්‍රපාල
නාගසිංහ විදුහල්පතිවරයා ගැන සතියක් තිස්සේ කිසිදු තොරතුරක් නැතිව තිබියදී ඊයේ රාත‍්‍රියේ 9 ට පමණ ඔහු වාසය කළ ඔහුගේ වැඩිමල් සොයුරුගේ නිවසට පැමිණි නමුත් එම පැමිණීම සිදුවූ ආකාරය තවම අභිරහසක් බව කියැවෙනවා.
උත්සවය පැවති දවසේ නාගසිංහ විදුහල්පතිවරයා ඔහුගේ යතුරු පැදියෙන් සහකාර විදුහල්පතිවරයාගේ නිවසට ගොස් ඉන් ටික වේලාවකට පසු අතුරුදන් බවට අවසන් වාර්තා සටහන්වී තිබුණ අතර ඔහු අතුරුදන් වනවිට ඇඳ සිටි ඇඳුම් වෙනුවට හමුවන විට අලූත් ඇඳුම් ඇඳ සිටිමත් ඒවා ලැබුණ ආකාරය පැහැදිලි කිරීමට 
ඔහු අපොහොසත්වීමත් සැකයට තුඩුදී ඇත. එසේම අතුරුදන්වන අවස්ථාවේ තිබුණ ඔහුගේ යතුරු පැදිය නොතිබීමත් ඔහු පොළොන්නරුවේ සිට කොළඹට පැමිණි බස් ටිකට් පත් පමණක් සාක්කුවේ තිබීමත් සැකයට භාජනයවූ කරුණු අතර තිබෙනවා.


මෙම විදුහල්පතිවරයාගේ අයියා කොළඹ විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරයෙකුවූ අතර විදුහල්පතිවරයා අතුරුදන්ව සිටි කාලයේ අයියාට මල්ලී ගැන හෝඩුවාවක් සැපයෙන එක්තරා දුරකථන අමතුමක් ලැබී තිබුන අතර පොලිසිය ඒ ගැන තොරතුරු ගවේෂණය කරමින් සිටියදී ඊයේ රාත‍්‍රියේ හදිසියේම ඔහු පැමිණ තිබුණා.

එසේ පැමිණි ඔහු කියා ඇත්තේ උත්සවය පැවති දවසේ උදේ නිවසේ සිටියාට පසු තමන්ට කිසිම දෙයක් මතක නැති බවත් තමා දැඩි නින්දක සැතපී පොළොන්නරුවේ පරාක‍්‍රම සමුද්‍රය අසළ ගසක් යට සිටියදී තම සොයුරාගේ පවුලේ උදවිය සිහිනයෙන් දැක හදිසියේ අවදිවූ බවත් පමණක්ය. ඊයේ රාත‍්‍රියේ පොලිසිය පැමිණ ඔහුගෙන් විවිධ ප‍්‍රශ්න කිරීම් කර සිද්ධවූ දේ දැනගන්නට උත්සාහ කළත් ඔහු කිසිවක් මතක නැති බව කී අතර ඔහුගේ සිරුරේ කිසිදු බාහිර තුවාලයක් නොතිබී ඔහු කියා ඇත්තේ තමාව රෝහල් ගත කරන ලෙසයි.


ඒ අනුව ඔහුගේ ඉල්ලීම මත ඊයේ ඔහු ශ‍්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර ඇත. ඔහුගේ මානසික පීඩනය සලකා රෝහල් වෛද්‍යවරු ඔහුට විවේක ගන්වන ලද අතර පසුව අද උදෑසන පරීක්ෂා කිරීමේදී ඔහුට කිසිදු රෝගයක් නැති බවටද තොරතුරු සනාථ කෙරිණි. රෝහල් අධ්‍යක්ෂවරයා පවසන්නේ ඔහුට සිද්ධවූ දේ මතක නැති බව තවමත් පවසන බවයි.

මෙම කීර්තිමත් විදුහල්පතිවරයා සතියක පමණ කාලයක් තිස්සේ අතුරුදන්ව සිටියදී විදුහලේ ගුරුවරුන් දෙමාපියන් ඔහු සොයාදෙන ලෙස උද්ඝෝෂණද සිදු කළ අතර මාධ්‍ය ඔස්සේ ඔහු ගැන විවිධ වාර්තා පළවිය. මේ අතර පොලිස් පරීක්ෂණ වලට හසුව තිබුනේ ඔහු පාලනය කරන පාසලේ අවට මත්ද්‍රව්‍ය ජාවාරම්වලට එරෙහිව ඔහු හඬක් නැගූ නිසා ඔහු ඒ සම්බන්ධයෙන් උත්සවය පැවති දිනයේ ජනපති හමුවී යමක් කරන්නට සිටි බවත් එම හමුවීම වැළැක්වීමට කිසියම් කරදරයක් සිදුව තිබූ බවත්ය.
කෙසේ වෙතත් විදුහල්පතිවරයා සිද්ධවූ දේ මතක නැති බව කියන්නේ තර්ජන වලට බියෙන්ද යන්න ගැනද දැන් සැක මතුව ඇත.

Dating Local Club

Developer

Cras justo odio, dapibus ac facilisis in, egestas eget quam. Curabitur blandit tempus porttitor. Vivamus sagittis lacus vel augue laoreet rutrum faucibus dolor auctor.

0 comments:

Post a Comment