මේනකාට, ආක්ෂාට වරෙන්තු නිකුත් කළාද..? අපිට උසාවි වාර දෙකක් මඟහැරුණා - මේනකා

by November 26, 2014 0 comments
ආක්ශායි - මේනකයි තවත් නිරූපිකාවක් එක්ක පසුගිය දවසක රූපලාවණ්‍යාගාරයකදී ගුටි කෙළියක් ගියා කියලා තැන තැන කතා වුණා. මේ පටලැවිල්ල උසාවියටත් ගියා
. ඊට පස්සේ ආයෙත් ආරංචියක් ආවා මේනකයි ආක්ශාවයි අත්අඩංගුවට ගන්න යනවා කියලා. කතා නම් කාටත් කියන්න පුළුවන් නේ.

මේනකා.... මොකද මේ යට ගියපු ප‍්‍රශ්නයක් ආයෙත් උඩට ආවේ?
මම තුන් හතර වතාවක්ම ඔය පැමිණිල්ලට උසාවි ගියා. නමුත් පැමිණිල්ල දාපු කෙනා ආවේ නෑ. එයා උසාවි යන්නේ අපි දෙන්නට අපහාස කිරීමේ චේතනාවෙන් විතරයි. එයාට  ඕන අපිව උසාවි ගෙනල්ලා රස්තියාදු කරවන්න.

ඔයාලා උසාවි ගියා නම් වරෙන්තු නිකුත් කරන්නේ නැහැ නේද?
උසාවි ගාණේ යනවාට වැඩිය මටත් වැඩ තියෙනවා. එතකොට මමයි ආක්ශයි දෙන්නම ලංකාවේ හිටියෙත් නෑ. අපිට උසාවි වාර දෙකක් මඟහැරුණා. ඇත්තටම අපිත් ඒක ඔළුවේ තියාගත්තේ නෑ. අපිව කවුරුත් දැනුවත් කළෙත් නෑ. කොහොම හරි මෙහෙම දෙයක් ගැන අපි දෙන්නම දැන ගත්තේ ගොසිප් වෙබ් අඩවියකින්. එතකල් දන්නේ නෑ.

එතකොට වරෙන්තු කතාවේ ඇත්ත නැත්ත මොකක්ද........?
වරෙන්තු නිකුත් කළා කිව්වාට අද වෙනකල් කිසිම කෙනෙක් අපිට කෝල් කරලාවත් නෑ. ගොසිප් එකක දාපු එක විතරයි. අපි චෙක් කරලත් බැලූ‍වා. එහෙම දැන ගන්න ලැබුණේ නෑ.


මේ ප‍්‍රශ්නේ කතා කරලා විසඳගන්න පුළුවන් මට්ටමට තවමත් ඇවිත් නැද්ද?
කතා කරලා විසඳන්නත් ඉතින් මේ මනුස්සයා උසාවියට එන්න  ඕනනේ. එයාට  ඕන නෑ විසඳගන්න. අපිව රස්තියාදු කරලා අපහාස කරන්න විතරයි  ඕන. විසඳගන්න  ඕන නම් පළමුවැනි වතාවෙම උසාවියට එනවනේ.

මේනකයි ආක්ශයි මේ ප‍්‍රශ්නේ කතා කරලා විසඳගන්න සූදානම්ද?
කතා කරලා විසඳගන්න තරම් අපි වැරැුද්දක් කරලා නැහැනේ. ඔන්න අපි වැරැුද්දක් කළා නම් කතා කරන්න දෙයක් තියෙනවා. නොකරපු වැරැුද්දකට වැරැුදිකාරයෝ වෙන්න අපි සූදානම් නෑ.

ඔය කියන්නේ නීතියෙන් මිසක් ගොඩින් බේරගන්න අදහසක් නෑ කියලද?
ඔව්. අනිවාර්යයෙන්ම. ඇත්තටම මෙතනදි මගේ යාළුවා ආක්ශාටවත් මට තරම් හානියක් වුණේ නෑ. මගේ ප‍්‍රශ්නයකුත් නෙමෙයි දුරදිග ගියේ. මම මගේ යාළුවාට බනිනවා නෙමෙයි. නමුත් මීඩියාවල අය ජනප‍්‍රියයි කියලා මගේ නම යූස් කරනවා. හැබැයි එක සම්මාන උළෙලකදිවත් මගේ ඒ ජනප‍්‍රිය නම මතු වෙන්නේ නෑ. ඇත්තටම මම මේ ප‍්‍රශ්නයේ තුන්වැනි පාර්ශ්වය.

මේනකාට නිරපරාදේ උසාවි ගාණේ රස්තියාදු වෙන්න සිදුවෙලා වගේ?
ඔව්. මගේ දෙයක් නෙමෙයි. ඒත් දාලා තියෙන්නේ මගේ නම. මේ ප‍්‍රශ්නයට මගේ සම්බන්ධයක් නෑ. මම මගේ යාළුවා එක්ක ඉඳලා (ආක්ශා* වෙච්ච දෙයක් විතරයි. මගේ යාළුවා එතනදි බහින්බස්වීමක් වුණා කියලා මම අදටත් පිළිගන්නවා. හැබැයි මේ කියන විදියට ගහමරා ගන්නෙ නම් නෑ. මේ ප‍්‍රශ්නෙදි පැමිණිලි පාර්ශ්වයට නම් වෙබ්අඩවිවලින් පුදුම උදව්වක් කරන්නේ. ඇත්තමයි මම අද කතා කරන්නේ හරිම කලකිරීමෙන්. අපේ ආත්ම ගෞරවය ගැන ඒ අයට කිසිම හැඟීමක් නෑ.

මේ නඩුහබ නිසා මේනකාගේ ඉදිරි ගමනටත් බාධා ඇති වෙනවා නේද?
කවදාකවත් නෑ. අදටත් මම හොඳ තැනක ඉන්නවා. මගේම කියලා ව්‍යාපාරයක් කරගෙන මම පාඩුවේ ඉන්නවා. මගේ වැරැුදි හොයන්න  ඕන වුණාම මට කතා කරන්නේ නැතිව ඒවා පළ කරනවා. මේ වෙබ්අඩවි, මම මහා පරිමාණයෙන් ව්‍යාපාරයක් ඇරඹුවාම නිකමට ඒ ගැන අහන්න කතා කළේ නැහැ. මගේ දියුණුව ඒඅයට වැඩක් නෑනේ.


මේ මාධ්‍යයෙන් වෙන අසාධාරණය මේනකාට විතරක් තියෙන ගැටලූ‍වක්ද?
මේක මගේ වෙලාවත් වෙන්න ඇති. ඒකනේ මම මොනවත්ම කියන්නේ නැත්තේ. මට කාත් එක්කවත් හැප්පෙන්නවත් මේ ප‍්‍රශ්නය දුරදිග ගෙන යන්නවත්  ඕනකමක් නෑ. අපි ගැන විවේචනය කරලා අපි ගැන ලියන කියන අත්වලින්මයි තව ටික දවසකින් අපිව අගය කරන්නේ.

කොහොමින් කොහොම හරි අන්තිමේදි මේනකා අහක යන බාල්දියක් පෙරළගත්තා?
අනිවාර්යයෙන්ම ඔව්. ඔය කියන කෙනාව මගේ යාළුවා (ආක්ශා* නිසා මමත් ආශ‍්‍රය කළා. බුදුහාමුදුරුවොත් දේශනා කළානේ බාලයන් ඇසුරු කරන්න එපා කියලා. ඒ නිසා තමයි මේ සේරම ප‍්‍රශ්න.

ආක්ශයි මේනකයි කියන ගහට පොත්ත වගේ හිටිය යාළුවෝ දෙන්නගේ මැද්දටත් ප‍්‍රශ්න ආවා එහෙනම්.
මමයි ආක්ශයි අතර මේ නිසා ප‍්‍රශ්නයක් ඇති කරගෙන නෑ. අපි දෙන්නටම කනගාටුවක් තියෙන්නේ. මේ වෙච්ච දේ ගැන ආක්ශත් පසුතැවෙනවා. මොකද මේ ප‍්‍රශ්නවලට මාවත් මැදිහත් වුණේ ආක්ශා ඒ ළමයව ආශ‍්‍රය කළ නිසානේ. අන්තිමට ඒ ආශ‍්‍රය නිසා ආක්ශගේ ජීවිතය පවා වෙනස් වුණා.

මේ සිද්ධියෙන් මේනකා පාඩමක් ඉගෙන ගත්තද?
අනිවාර්යයෙන්ම. මම මගේ ෆීල්ඞ් එකේ මට ලැබෙන වැඩ තෝරලා බේරලා භාර අරගෙන මගේ පාඩුවේ ඉන්නවා. ව්‍යාපාර කටයුතු ටිකත් බලාගෙන මේ ගමන බොහොම පරිස්සමෙන් යනවා.

ඔය කතාව අමූලික බොරුවක්... ආක්‍ෂා
ආක්‍ෂා මොකක්ද මේ වෙබ් අඩවිවල පැතිරෙන කතාව?
ඔව් මමත් දැක්කා.  ඕක අපිට මඩ ගහන්න ඒ වෙබ් අඩවි ප‍්‍රසිද්ධ කරන්න කරපු වැඩක් කියලයි මම හිතන්නේ.

ඒ කියන්නේ ඔයාව ඔයාගේ අම්මව, මේනකාව, අත්අඩංගුවට ගන්න වරෙන්තු නිකුත් කරලා තියෙනවා

කියන එක බොරුවක්ද?
ඔව්. අපිට එහෙම කවුරුත් ඔය වගේ දෙයක් දැනුම් දීලා නැහැ. එහෙම දෙයක් තියෙනවා නම් අපි දැනගන්න  ඕනෙනේ. ඒත් එහෙම දෙයක් නෑ. අපි ඔක්කොම හොඳින් ඉන්නවා. මම මගේ වැඩකරගෙන මගේ ගෙදර ඉන්නවා. මේනකත් මේ සිද්ධියට සම්බන්ධ නෑ. එයත් එයාගේ වැඩ කරගෙන පාඩුවේ ඉන්නවා.

ගින්නක් නැතිව දුමක් නඟින්නේ නෑනේ. අඩුම ගාණේ පරණ සිද්ධිය ගැන ආයෙම කතා කරන්න හේතුවක් ඇතිනේද?
ඇත්තටම ඔය සිද්ධිය පරණ සිද්ධියක්. මම හිතන්නේ ඒක කවුරු හරි අවුස්සලා අරගෙන එහෙම නැතුව වෙන හේතුවක් නැහැ.

ඔයයි. මේනකයි ඈඳුණ මේ කතාව තාම ඉවරයක් නෑ නේද?
ඒ ප‍්‍රශ්නයත් එතැනින් ඉවර වුණා. ඒක ආයෙම කතා කරන්න මම කැමැති නැහැ. ඒක ආයෙම ඇදලා ගන්න මට  ඕනෙත් නැහැ. එහෙම තියෙද්දි තමයි පරණ සිද්ධියක් වෙබ් අඩවියකින් මේ විදියට මතු කරලා තියෙන්නේ.

ඇත්තටම මේ විදියට ඔයාලට මඩ ගහන්න කාටද වුවමනාව තියෙන්නේ?
ඊර්ෂ්‍යාව කාටවත් නවත්තන්න බෑ. මේක ඒ වෙබ් අඩවියට කවුරු දුන්නද, කවුද ඒක කළේ කියලා අපි දන්නේ නෑ. අපිට ඒක කිසි ප‍්‍රශ්නයකුත් නෙවෙයි. ඒ ගැන හිතන්නේ නැතුව මම මගේ වැඩකටයුතු කරගෙන යනවා. මේනකත් එයාගේ අලූ‍ත් ෂොප් එකේ වැඩත් එක්ක කාර්ය බහුල වෙලා ඉන්නවා.

ඔය වගේ කතා පැතිරෙන එක ඔයාගේ චරිතයට හානියක් නෙවෙයිද?
නෑ. ජනප‍්‍රිය අයට කොහොමත් කටකතා හැදෙනවනේ. ජනප‍්‍රිය අය ගැන මිනිස්සු කොහොමත් කතා කරනවනේ. ඒවා සාමාන්‍ය දේවල්.

හැබැයි ඉතිං මේ කතා කරන්නේ ඔයාගේ හොඳ ගැන නම් නෙවෙයි. ඔයාගේ නරක ගැන කතා කළත් ඔයාගේ ජනප‍්‍රියත්වයට ප‍්‍රශ්නයක් නැද්ද?
ඇත්ත. ගොඩක් වෙලාවට හොඳට වඩා කතා කරන්නේ නරක දේවල් ගැනනේ. ඔය මොන කතාව පැතිරුණත් මිනිස්සු දන්නවා මං ගැන. මම කරන දෙයක් සාධාරණව කරනවා කියලා එයාලා දන්නවා. ඉතිං මම ඔය කතා ඔළුවට ගන්න එකේ තේරුමක් නැහැනේ. අපි ජනප‍්‍රිය නිසානේ ඔය වගේ කතා කියන්නේ කියලා ඒවා කියන්න දීලා බලාගෙන ඉන්නවා.

ඔය කතා පැතිරෙද්දි ඇත්තටම මේ දවස්වල ආක්‍ෂා මොනවද කරන්නේ කියලත් කියමු නේද?
මම මගේ වැඩ වගයක් කරගෙන යනවා. මගේ රසික රසිකාවියන්ට සුබ ආරංචියක් කියන්න තියෙනවා. ඒක ඉදිරියේදී කියන්නම්. ඊට අමතරව සුපුරුදු විදියට රූපවාහිනි වැඩසටහන්වලට සම්බන්ධ වෙලා ඉන්නවා.

තිළිණි කෞශල්‍යා විජේසිංහ
වාසනා සුරංගිකා විතානගෙ

Dating Local Club

Developer

Cras justo odio, dapibus ac facilisis in, egestas eget quam. Curabitur blandit tempus porttitor. Vivamus sagittis lacus vel augue laoreet rutrum faucibus dolor auctor.

0 comments:

Post a Comment