ඇමති මර්වින් මාධ්‍යට අදහස් පළ කරද්දී බාහිර පුද්ගලයෙකුගෙන් තර්ජන
මින් ඉහත බොහෝ අවස්ථාවල වාර්තාව තිබෙන්නේ ඇමති මර්වින් සිල්වා විසින් යම් යම් අයට සිදුකරන තර්ජන පිළිබඳවයි
. නමුත් ඊයේ ඊට පරස්පර සිදුවීමක් වාර්තා වුණා.
ඊයේ මාලක සිල්වාගේ නඩු විභාගය නැරඹීම සඳහා උසාවි ගොස් සිටි ඇමති මර්වින් සිල්වා මාධ්‍ය හමුවේ අදහස් පළකරමින් සිටි අවස්ථාවක එතැනට පැමිණි පුද්ගලයෙකු
ඇමති මර්වින් සිල්වාට තර්ජනය කිරීම එම සිදුවීමයි.
ඊයේ පැවති නඩු විභාගයේදී අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා ඇතුළු 6 දෙනෙකු ලබන 28 වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ
අතිරේක මහේස්ත‍්‍රාත් එම්. සහාබ්දින් මහතා නියෝග කර තිබුණ අතර එයට පෙර උදේ වරක් නඩුව කැඳවා හඳුනාගැනීමේ පෙරට්ටුවට අදාළ විදේශිකයින් නොපැමිණ සිටි නිසා නැවත නඩුව දහවල් දක්වා කල් දමා තිබුණ අවස්ථාවේ ඇමතිවරයා මාධ්‍ය අමතමින් සිටියදී මේ සිද්ධිය වාර්තා වුණා.
අමාත්‍යවරයා මාධ්‍යයට අදහස් පළ කරමින් සිටින අතරතුරදී එම ස්ථානයට කඩා වැදුණු පුද්ගලයෙකු ඔහු මාධ්‍යයට කියන දේට එකට එක කියමින් කලබලයක් ඇති කළා. මේ හේතුවෙන් ඇමතිවරයා සහ ආරක්ෂකයින් ඔහු සමග වාද කළ අතර නොසන්සුන් තත්ත්වයක් හට ගත්තා.
පසුව ඔහු ඔවුන්ට බැණවැදී සුදුපැහැති ජීප් රථයක නැගී පළාගිය අතර ඔහුට බැණ වදිමින් මර්වින්ගේ ආරක්ෂකයින් ඔහුගේ වාහනය අසළටම ගියත් ඔහු ඔවුන්ව ගණනකට නොගෙන ස්ථානයෙන් පිටව ගියා.
මෙම පුද්ගලයා කවුරුන්දැයි තවම හඳුනාගෙන නැත.
මාධ්‍ය වෙත අදහස් පළකිරීමේදී ඇමතිවරයාගේ මුහුණේ වෙනදා තිබෙන එඩිතර බව වෙනුවට දුක් සහිත ස්වරූපයක් තිබුණ බවද වාර්තා වුණා.
Dating Local Club
DeveloperCras justo odio, dapibus ac facilisis in, egestas eget quam. Curabitur blandit tempus porttitor. Vivamus sagittis lacus vel augue laoreet rutrum faucibus dolor auctor.


https://www.youtube.com/account_monetization
ReplyDelete