ගුරුවරියකට නූලක් පැන්නූ සිසුවෙකුට ගුරුවරුන්ගෙන් ප‍්‍රහාරයක්.

by September 13, 2014 0 comments
කහටගස්දිගිලිය මධ්‍ය මහා විද්‍යාලයේ 11 වසර ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඉසුරු උදාන ඉලංගතිලක සිසුවාට එම විද්‍යාලයේ ගුරුවරුන් දෙදෙනෙකු සහ විදුහල්පතිවරයෙකු පහරදීමේ සිද්ධියක් හිරු ප‍්‍රවෘත්ති අංශයට
වාර්තා වුණා. පෙරේදා දිනයේදී මෙම සිසුවාට පහරදී ඇත්තේ එම පාසලේම ගුරුවරියකට වශී ගුරුකමක් කර නූලක් පැන්නවීමට උත්සාහ කළැයි චෝදනාව මතයි. ඒ සම්බන්ධයෙන් ගුරුවරුන් පිරිසක් සිසුවාගෙන් ප‍්‍රශ්න කිරීමේදී පිටුපසින් පැමිණි වෙනත් ගුරුවරුන් දෙදෙනෙකු, තමන්ට පහරදී ඇදගෙන ගිය බවයි අදාළ සිසුවා සඳහන් කළේ. මෙම ශිෂ්‍යයා මේ වනවිට අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබනවා. මේ සම්බන්ධයෙන් කහටගස්දිගිලිය පොලිසිය වෙත සිසුවාගේ පියා විසින් පැමිණිලි කළද සිද්ධියට අදාළ සැකකරුවන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති බවයි ඉසුරු උදාන සිසුවාගේ දෙමාපියන් චෝදනා කරන්නේ. මේ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීම සඳහා අදාළ විදුහලේ විදුහල්පතිවරයා සහ එහි ගුරුවරුන් සම්බන්ධ කරගැනීමට හිරු ප‍්‍රවෘත්ති අංශය උත්සාහ කළද එය ව්‍යවර්ථ වුණේ ඔවුන් දුරකථනවලට ප‍්‍රතිචාර නොදැක්වීම හේතුවෙන්.

Dating Local Club

Developer

Cras justo odio, dapibus ac facilisis in, egestas eget quam. Curabitur blandit tempus porttitor. Vivamus sagittis lacus vel augue laoreet rutrum faucibus dolor auctor.

0 comments:

Post a Comment