ලෝක සංචාරක දිනයට සිසුන් දැනුවත් කෙරේ.

by September 29, 2014 0 comments

Share Image
ShareShareShare
Monday, 29 September 2014 - 11:55
සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට ශ්‍රී ලංකාව තරම් වෙනත් රටක් ලෝකයෙ කොතැනකවත් නොමැති බව තම විශ්වාසය යැයි හලාවත - බංගදෙණිය, කරුකුපනේ පිහිටි අනන්තය සංචාරක හෝටලේ නේවාසික කළමණාකරු දේව් ජෝර්ජ් මහතා පැවසීය.
ලෝක සංචාරක දිනය නිමිත්තෙන් හලාවත
සහ අවට පාසල්වල සිසුන් වෙනුවෙන් පැවති සංචාරක කර්මාන්තය සම්බන්ධයෙන් වූ වැඩසටහනක් අවසානයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් නේවාසික කළමනාකරු දේව් ජෝර්ජ් මහතා එසේ පැවසීය
.
මෙම වැඩසටහනට එක් වූ පාසල් සිසු සිසුවියන්ට හෝටල් කර්මාන්තය සම්බන්ධයෙන් මූලික දැනුමක් ලබා දීම මුලින්ම සිදු වූ අතර ඉන් අනතුරුව, මුළුතැන් ගෙය, නේවාසික කාමර පරිහරණය, උපකරණ භාවිතය සම්බන්ධයෙන් මෙන්ම ජීවිතාරක්ෂක ක්‍රම සම්බන්ධයෙන්ද මූලික දැනුමක් ලබා දෙන ලදි.
අප සමග තව දුරටත් අදහස් දැක්වූ අනන්තය සංචාරක හෝටලයේ නේවාසික කළමනාකරු දේව් ජෝර්ජ් මහතා මෙසේද පැවසීය.
වර්තමානයේ අප රට සංචාරකයින්ගේ පාරාදීසයක් බවට පත් වෙමින් පවතිනවා .ඒ සදහා අවශ්‍ය වන හෝටල් මේ වන විට හලාවත, කල්පිටිය, පාසිකුඩා වැනි ප්‍රදේශවල ඉදි වෙමින් පවතින බව කිව හැකියි. ඉදිරියේදී අප රටට පැමිණෙන බවට විශ්වාස කරන සංචාරකයින් වෙනුවෙන් මෙම තරු පන්ති හෝටල් ඉදිකිරීම ආරම්භ කර තිබෙන්නේ. නොබෝ දිනකින් මෙම හෝටල්, සංචාරකයින් වෙනුවෙන් විවෘත වනවා. නමුත් අවාසනාවකට සංචාරක කර්මාන්තයට අවශ්‍ය කරන සේවක පිරිස යම් ආකාරයකට අඩු බවක් දක්නට ලැබෙනවා. ඇතැම් පිරිස් සංචාරක කර්මාන්තය සදහා යොමු වන්නේ කිසිදු පුහුණුවක් නොමැතිවයි. එවිට ගැටලු ඇති වීමට ඉඩ තිබෙනවා. ඒ නිසා කළ යුත්තේ මුලින්ම සංචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන් නිසි දැනුමක් ලබා ගැනීමයි. ඒ සදහා අවශ්‍ය කරන පහසුකම් මේ වන විට අප රට තුළ නිර්මාණය වී තිබෙනවා.
අපේ රටේ ඕනෑම තැනක සිට පැය කීපයකින් සීත දේශගුණයක් ඇති නුවරඑළිය වැනි ප්‍රදේශයකට යා හැකි වනවා. ඒ වාගේම තවත් පැය කීපයකින් වන සතුන් දැක ගැනීම සඳහා වන උද්‍යාන වලට පිවිසීමේ හැකියාව තිබෙනවා. තවත් පැය කීපයකින් මුහුදු වෙරළට ළගා විය හැකිව තිබෙනවා.
මේ ආකාරයට ගත් කළ සංචාරක ව්‍යාපාරයට ලෝකයේ උචිතම රට වන්නේ ශ්‍රී ලංකාව බව කිව හැකියි.ඒ බව ලෙව පුරා සිටින සංචාරකයින්ද දන්නා කරුණක්.ඒ නිසා තමයි ඔවුන් අපේ රටට මෙතරම් ආදරයක් කරන්නේ.අනාගතයේදී අපේ රටේ විශාලතම විදේශ විනිමය ලැබෙන ක්‍රමෝපාය වන්නේ සංචාරක කර්මාන්තය බවට විවාදයක් නැහැ.ඒ නිසා රටට විදේශ විනිමයක් අත් කර දෙමින් හොද ආදායමක් ලබන්නට සංචාරක කර්මාන්තයේ වෘත්තීයක් තෝරා ගන්නා ලෙස මෙරට සිටින තරුණ තරුණියන්ට අපි ආරාධනය කරනවා.
























Dating Local Club

Developer

Cras justo odio, dapibus ac facilisis in, egestas eget quam. Curabitur blandit tempus porttitor. Vivamus sagittis lacus vel augue laoreet rutrum faucibus dolor auctor.

0 comments:

Post a Comment