මෙරට සංහිඳියා කි‍්‍රයාවලියට දකුණු අප‍්‍රිකානු විශේෂ නියෝජිතයෙක්.

by September 23, 2014 0 comments
මෙරට සංහිඳියා කි‍්‍රයාවලිය සඳහා සහාය වීමට දකුණු අප‍්‍රිකාව සූදානම් බව එරට පාලක අපි‍්‍රකානු ජාතික කොංග‍්‍රසය ඊයේ නිල වශයෙන් ප‍්‍රකාශ කළා. එහි මහලේකම් ග්වේඬේ මන්ටාෂේ,
ජොහැනස්බර්ග් නුවර දී ඊයේ කියා සිටියේ ඒ සඳහා විශේෂ නියෝජිතයෙකු පත් කිරීමට ද සූදානම් බවයි. දකුණු අප‍්‍රිකානු නියෝජ්‍ය උප ජනාධිපති සිරිල් රමෆෝසා පසුගිය ජුලි මාසයේ ශ‍්‍රී ලංකාවේ සංචාරය කළ අතර එහිදී දකුණු අප‍්‍රිකානු මාදිලියේ සත්‍ය සහ සංහිඳියා කොමිසමක් මෙරට ස්ථාපිත කිරීම පිළිබඳව ද සාකච්ඡා කළා.

මෙරට සංහිඳියාව උදෙසා පුළුල් වගවීමේ කි‍්‍රයාවලියක් අත්‍යවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය යළි අවධාරණය කරනවා. නවනීදන් පිල්ලේගෙන් පසු නව ජගත් මානව හිමිකම් කොමසාරිස් ලෙස පත්වූ සෙයිඞ් රාද් අල් හුසේන් කුමරු හෙට නැවතත් එම ප‍්‍රකාශය අවධාරණය කිරීමේ නිවේදනයක් සිදුකරන බව වාර්තා වනවා. ජිනිවා මානව හිමිකම් මණ්ඩලය වෙත ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් වන පරීක්ෂණ පිළිබද වාචික ප‍්‍රකාශයක් හෙට ඔහු ඉදිරිපත් කිරීමට නියමිතයි.

අදාළ ප‍්‍රකාශය මේ වන විට මාධ්‍ය වෙත අනාවරණ වී ඇති අතර එහි දැක්වෙන්නේ යුද්ධයෙන් පසු නැවත පදිංචි කිරීම සහ ප‍්‍රතිසංස්කරණ කටයුතු ආදියෙන් ලක් රජය ප‍්‍රශංසා කටයුතු ප‍්‍රගතියක් අත්කරගෙන ඇති බවයි. එහෙත් මෙතෙක් සිදුවූ සහ සිදුවන මානව හිමිකම් උල්ලංගණය කිරීම් සම්බන්ධයෙන් පුළුල් වගවීමේ කි‍්‍රයාවලියක් අනිවාර්ය අවශ්‍යතාවක් ලෙස එහි සදහන් කර තිබෙනවා. ජගත් මානව හිමිකම් මණ්ඩලය ශ‍්‍රී ලංකාව පිළිබදව සිදුකෙරෙන පරීක්ෂණයට සහාය වන ලෙස නව මානව හිමිකම් කොමසාරිස්වරයා එහිදී නැවතත් ලක් රජයෙන් ඉල්ලා සිටිනු ඇති.

මේ අතර, දැනට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය සදහා නිව්යෝක් නුවරට ගොස් සිටින විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් නව මානව හිමිකම් කොමසරිස්වරයා මුණ ගැසීමට අදහස් කරන බව ද වාර්තා වනවා. එම හමුව නිව්යෝක් නුවර දී සිදුවන්නේ ද නැතිනම් ජිනීවා හිදී සිදුවන්නේ ද යන්න මෙතෙක් ප‍්‍රකාශයට පත් වී නැහැ.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසි වාරයට සහභාගිවීම සඳහා ඇමරිකාව බලා ගිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ රාත‍්‍රියේ නිව්යෝක් නුවරට ළඟා වූ අතර අද කාලගුණ සමුළුවට සහභාගි වනවා. ජනාධිපතිවරයා ජගත් සංවිධාන මහා මණ්ඩලය අමතන්නේ හෙටයි.

Dating Local Club

Developer

Cras justo odio, dapibus ac facilisis in, egestas eget quam. Curabitur blandit tempus porttitor. Vivamus sagittis lacus vel augue laoreet rutrum faucibus dolor auctor.

0 comments:

Post a Comment