අයි.එස්. සටන්කාමීන් හා ඇෆ්ගන් ත‍්‍රස්ත සංවිධානයක් එක්වෙයි.

by September 05, 2014 0 comments
ඇෆ්ගනිස්ථානයේ කි‍්‍රයාත්මක ත‍්‍රස්තවාදී සංවිධානයක් ඉස්ලාමීය රාජ්‍යයක් සඳහා සටන් වදින ඉස්ලාම් අයි.එස්. සංවිධානය වෙත
සහාය පළ කිරීමට තීරණය කර තිබෙනවා. නෙස්බ් - ඊ - ඉස්ලාමික් නැමැති මෙම ත‍්‍රස්ත සංවිධානය ඇෆ්ගනිස්ථාන තලෙයිබාන් සංවිධානයේ කොටසක් ලෙස කි‍්‍රයාත්මකයි. මෙම ත‍්‍රස්ත සංවිධානය ඉස්ලාම් අයි.එස්. සටන්කාමීන් සමඟ එක්වුවහොත් එය මුලූ ලොවට තර්ජනයක් විය හැකි බව විචාරකයන් පෙන්වා දෙනවා. දැනට ඇෆ්ගනිස්ථානය තුළ ත‍්‍රස්ත සංවිධාන 14ක් ක‍්‍රියාත්මක බව සඳහන්. ඉස්ලාම් අයි.එස්. සංවිධානය ඉරාකයේ සහ සිරියාවේ යුද වදින්නේ වෙනම ඉස්ලාමීය රාජ්‍යයක් බිහි කිරීම සඳහායි. මීට පෙර තවත් ඉස්ලාමීය ත‍්‍රස්ත සංවිධානයක් වන බෝකෝ හරාම් උතුරු නයිජීරියාවේ වෙනම ඉස්ලාමීය රාජ්‍යයක් ද ප‍්‍රකාශයට පත්කළා.

Dating Local Club

Developer

Cras justo odio, dapibus ac facilisis in, egestas eget quam. Curabitur blandit tempus porttitor. Vivamus sagittis lacus vel augue laoreet rutrum faucibus dolor auctor.

0 comments:

Post a Comment