සිවිල් සමාජයේ සාමය රැකීමට පමණක් නොව අවට පරිසරයේ දුගද හමන කසල කාණු පිරිසිදු කිරීමට තරම් කිරුනික වූ ආදර්ශමත් පොලිස් නිළධාරීන් පිරිසක් ඇල්පිටියේදී අපට හමු විය.
කුරුදුගහහැතැක්ම නගරයේ ප‍්‍රධාන කාණු පද්ධතිය අබේසේකර වැඩිහිටි නිවාසය අසල සිට නගරය දෙසට කසල පිරී පණුවන් හා මදුරු කීටයන් පිරී අපවිත‍්‍ර වී තිබෙනු ඇල්පිටිය ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ නෙත ගැටීමෙන් පසු පොලිස් නිළධාරීන් යොදවා කාණු පද්ධතිය පිරිසිදු කර කසල ඉවත් කිරීමට වහාම පියවර ගැනීම ආදර්ශමත් සිද්ධිය වේ
.
ඇල්පිටිය ජේෂ්ඨ පොලිස් අධිකාරී අතුල වීරසිංහ මහතා දෛනික වැඩ කටයුතු ආරම්භ කරන්නේ හිම්දිරි පාන්දර 4.30ට පමණ ශාරීරික ව්‍යායාම සදහා කිලෝමීටර් තුනක් පමණ පාගමනින් ඇව්දීමේ සුපුරුදු කාර්යයත් සමගිනි.
ඉකුත් දිනක කුරුඳුගහහැතැක්ම නගරය මැදින් පාගමනින් යන විට නගරයේ කාණු පද්ධතියෙන් එන ඳුගද පිළිබදව හෙතෙම අවධානය යොමු කරද්දී මදුරු කීටයන් හා පණුවන් පිරි කාණු පද්දතිය දැක සිය ජංගම දුරකතනයෙන් ඇල්පිටිය මූලස්ථාන පොලිස් පරික්ෂක රොහාන් පුෂ්පකුමාර මහතා අමතා මේ පිළිබ`දව දැනුම් දී අපවිත‍්‍රව තිබූ කාණු පද්ධතිය පිරිසිදු කිරීමේ යෝජනාව දැනුම් දී පැය දෙකක් යන්නට මත්තෙන් පොලිස් රාජකාරී කටයුතුවලට බාධාවක් නොවන අයුරින් මෙම කටයුත්ත සදහා නිළධාරින් තිහක් පමණ යොදවා තිබූ බව එහි ගිය අපට දක්නට ලැබුණි.
ඇල්පිටිය මූලස්ථාන පොලීසියේ නිළ දරු දැරියන් රැසක් එක්ව ප‍්‍රධාන මාර්ගයේ තිබූ අපිරිසිදු පණුවන් පිරී සිටි කාණූ පද්ධතිය පමණක් නොව අෙබිසේකර වැඩිහිටි නිවාසයේ නේවාසික වැඩිහිටි මව් පියන් හතලිස් දෙනෙකු රැදී සිටින කාමර ඇදන් මෙට්ට මදුරු දැල් ඇද ඇතිරිලි පිරිසිදු කර සෝදා වැඩිහිටි පියවරුන්ගේ කොන්ඩා රැවුල් කපා නාවා පිරිසිදු කිරීමට තරම් කඩි රැලක් ලෙස එක් වීමට පොලිස් නිළධාරීන් කාරුනික වීම රටටම ආදර්ශවත් සත් ක‍්‍රියාවක් ලෙස බෙහෝ පිරිසකගේ පැසසුමට ලක් විය
.
තාච්චි උදලූ යකඩ ඉනි කැති විල බැරෝ පිහි වැනි උපකරණ පොලිස් නිළධාරීන් වැඩ කටයුතු කරද්දී අසල්වැසියනගේ නොමද සහය ඔවුන්ට හිමි විය.ඇල්පිටිය අම්බලන්ගොඩ මාර්ගයේ ඇති කුරුඳුගහහැතැක්ම නගරය දකුණු පලාත් සභාවට අයත් ප‍්‍රධාන මාර්ගය ඇල්පිටිය ප‍්‍රදේශිය සභා බල ප‍්‍රදේශයට අයත් වූවකි.
එහි කාණු පද්ධතිය මාර්ග සංවර්ධන අධිකාරිය මගින් නියමිත ප‍්‍රමිතියට සකස් කර මගී ගැවසෙන බස් නැවතුම හා සෙසු ස්ථාන වල කොන්ක‍්‍රීට් ලෑලි ආවරන යෙදා තිබුන ස්ථාන දිගු කලකින් පිරිසිදු නොකිරීම නිසා පොලීතීන් ප්ලාස්ටික් වැනි ඉවත ලන දෑ කාණූ පද්ධතියේ රැදී සිරවී අපවිත‍්‍ර ජලය බැස යාම අවහිර වී තිබුණි.
අපවිත‍්‍ර ජලය බැස නොයාමෙන් ජලය එක් රැස් වී දුගද හමන තත්වයකට පත්ව තිබියදී ඇල්පිට්ය ජේෂ්ඨ පොලිස් අධිකාරී අතුල වීරසිංහ මහතාගේ අවධානය යොමු වීමෙන් පසු ඇල්පිටිය පොලිස් ස්ථානාධිපති රොහාන් පුෂ්පකුමාර මහතා ඇතුලු පොලිස් නිළධාරීන් හා නිළධාරිනියන් නිළ ඇදුමෙන් හා සිවිල් ඇදුමෙන් සැරසී උදෑසන අට පමණ වන විට නියමිත ස්ථානයට පැමිණියහ.
එම සියලු නිළධාරීන් එක්ව අපවිත‍්‍රව තිබූ කාණු පද්ධතිය හා වැඩිහිටි නිවාසය පිරිසිදු කිරීමට එක් වූයේ රාජ ඌෂ්නයෙන් පිරිපුන් නිළ ඇදුමේ පිත්තල බොත්තම් යට උනුවන රත්තරන් හදවත් ඇති උදාර දරුවන් පොලීසිය තුලත් සිටින බව පසක් කරමින් හා දුටු සැමගේම සිත්වල ඒ බව ජනිත කරමිනි.
අපවිත‍්‍ර වූ කාණු වල පිරී තිබූ ඇල්පිටිය බල ප‍්‍රදේශයේ කසල ඉවත් කිරීමට ට‍්‍රැක්ටර් රථයක් ලබා ගැනීමට බොහෝ වෙහෙසක් දැරීමෙන් පසු කරන්දෙනිය ප‍්‍රදේශිය සභාවේ සභාපති ගාමිණි අමරවංශ මහතා එය ඉටු කරමින් ලබා දුන් සහය අගය කරන බව පොලීසිය සිහිපත් කළේය.
ඇල්පිටිය පොලිස් ස්ථානයේ පරිසර අංශයේ අපරාධ අංශයේ ලමා හා කාන්තා කාර්යාංශයේ හා රථවාහන අංශයේ ස්ථානාධිපතිවරුන් ඇතුලු නිළධාරින් හා නිළධාරිනියන්ද මෙම උතුම් සත්කාරයට දායකත්වය ලබාදුන් අතර කුරු`දුගහහැතැක්ම නගරයේ ත‍්‍රීරෝද රථ සංගමය හා තරුණ පිරිස ශ‍්‍රමයෙන් ද ව්‍යාපාරික පිරිස තේපැන් සංග‍්‍රහ ආදිය ලබාදීමෙන් මෙම සත්කාරයට දායකත්වය ලබා දුන් බව ජේෂ්ඨ පොලිස් අධිකාරී අතුල වීරසිංහ මහතා කීවේය.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)


0 comments:
Post a Comment