අල්කයිඩා තර්ජනය ගැන ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව අවදියෙන්.

by September 04, 2014 0 comments
දකුණු ආසියාවේ සිය මෙහෙයුම් ආරම්භ කරන බවට අල්කයිඩා නායකයා කර ඇති ප‍්‍රකාශය පිළිබඳව ලක් රජයේ අවධානය යොමු වී ඇතැයි කැබිනට් ප‍්‍රකාශක, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප‍්‍රකාශ කළා. අල්කයිඩා නායක අයිමාන් අල් සවහිරි
අන්තර්ජාලයට අද (04) මුදාහැරි වීඩියෝ පටය පිළිබඳව ඉන්දියාවද කඩිනම් ප‍්‍රතිචාර දක්වා තිබෙනවා. විනාඩි 55 ක වීඩියෝ පටිගත කිරීමක් නිකුත් කරමින් අල්කයිඩා නායකයා කියා සිටියේ තම සංවිධානයේ දකුණු ආසියාතික මෙහෙයුම් ආරම්භ කිරීම සඳහා ඉන්දියානු ශාඛාව ස්ථාපිත කරන බවයි. 

එම අනතුරුදායක ප‍්‍රකාශය පිළිබඳව සාකච්ඡා කිරීමට ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විශේෂ ආරක්ෂක රැස්වීමක්ද අද කැඳවා තිබුණා. ඒ අනුව ත‍්‍රස්තවාදී කටයුතු පිළිබඳව දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය එරට ප‍්‍රාන්ත කිහිපයකටම දැනුම්දී ඇති බවයි ඉන්දීය මාධ්‍ය අද වාර්තා කළේ. 

මේ අතර, ශී‍්‍ර ලංකාවේ ත‍්‍රස්ත විශේෂඥයෙකු වන මහාචාර්ය රොහාන් ගුණරත්න ප‍්‍රකාශ කළේ අල්කයිඩා නායක අයිමාන් අල් සවහිරිගේ ප‍්‍රකාශයට දකුණු ආසියානු රටවල නායකයින් කඩිනම් ප‍්‍රතිචාර දැක්විය යුතු බවයි. 

අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කියා සිටියේ පුද්ගලයින්ට වීසා නිකුත් කිරීමේදී දැඩි අවධානය යොමුකරන බවයි.

Dating Local Club

Developer

Cras justo odio, dapibus ac facilisis in, egestas eget quam. Curabitur blandit tempus porttitor. Vivamus sagittis lacus vel augue laoreet rutrum faucibus dolor auctor.

0 comments:

Post a Comment