පබසරා ටෙලි සිතුවම විකාශය වන්නට මත්තෙන් නිපුණිකා හේවාගමගේ ගේ පුවත්පත් ලිපියක් සරසවියේ පළ වෙද්දී ඇය එතරම්ම ජනප‍්‍රිය තාරකාවක නොවීය. අද වන විට නිපුණිව රසිකරසිකාවන් හඳුනන්නේ සැබෑ නමට වඩා පබසරා යන නමිනි. මේ දිනවල පොඩි මාමා ටෙලි සිතුවමේ උත්පලා වන්නී ද ඇයයි.
කොහොමද නිපුණි?
බොහොම සතුටින්, සැහැල්ලූවෙන් ජීවිතය ගෙවනවා.
උත්පලා හරිම මධ්‍යස්ථ චරිතයක්. ඔබත් එහෙද?
බොහෝ විට.. මමත් ආස දෙයක් දිහා මධ්‍යස්ථව බලන්න.
මේ වෙන කොට නිපුණි හු`ගක් ජනප‍්‍රිය වෙලා?
ඔබ මෙහි මුලදි සඳහන් කළා වගේ පබසරා කියලා තමයි හැමෝම අමතන්නේ. මං හිතන්නේ නිළියකට අන්වර්ථ නමක් වැටෙන්නේ හරිම කලාතුරකින්. උදාහරණ විදිහට කිව්වොත් උපේක්ෂා අක්කට පබා, ශෙරිල්ට අමා වගේ. මමත් ඉතින් පබසරා වුණා. එහෙම වෙන්න වාසනා ගුණයත් තියෙන්න ඕනෑ.
ඔබ ඇයි නිළියක් වුණේ?
මට අහම්බෙන් අවස්ථාවක් ලැබුණා. මං ඊට බෑ නොකියා හා කිව්වා. දිගටම ර`ගපාන්න කතා කළ.
ඒ වෙන කොටත් ඔබ නීතිඥවරියක වන්නටයි හීන මව මවා හිටියේ?
ඔව්.
දැන් ඒ බලාපොරොත්තුව කෝ?
ඒක පෑල දොරින් යන්න ගියා.
දුක නැද්ද?එහෙම ලොකු දුකක් නැහැ.
නීතිඥවරියක වුණා නම් නිළියකට වඩා සල්ලි හොයන්න තිබුණා?
භසචමබසන් ්‍යැඅ්ට්ප්ටැ - ඨදිිසච ඛ්බන් භැඅි
ඒ කතාව නම් හරි. නමුත් සල්ලිම නෙවෙයිනෙ ජීවිතේ.
නිළි වෘත්තිය එපා වෙන අවස්ථාවනුත් ඇති?
එහෙම අවස්ථා නම් තියෙනවා. පාන්දර ෂූටිං යන කොට, මහ ? වෙලා ගෙදර එනකොට වෙන වෘත්තියක් කළා නම් හොඳයි කියලා හිතෙනවා.
එහෙනම් දැන්වත් නිළිකම අතහැරලා නීතිය පිළිබඳ ඉගෙන ගන්නකො?
එක අතකින් රංගනය හොඳයි. නීතිඥවරියක වුණා නම් මානසික පීඩනයත් වැඩියිනෙ. නිළියක් වීම හිතට එක අතකින් සැනසීමක්. මොකද නීතිඥයකු නිතර ගනුදෙනු කරන්නේ මිනිස්සුන්ගේ ප‍්‍රශ්නත් එක්කනෙ.
නිපුණි හරි කපටියි. පෙරලූන පිට දැන් හොඳයි කියනවා වගේ උත්තරයක්.
නැහැ, මං කිව්වේ රංගනය දැන් මට හොඳයි කියලා.
නිළියක් විදිහට ඔබට සමාජයෙන් ගෞරවයක් ලැබෙනවාද?
ඔව්. මට නම් හොඳ පිළිගැනීමක් තියෙනවා.
වාසි එහෙමත් ලැබෙනවා ඇති?
කොහොමත් තැනකට ගියත් හඳුනගන්න නිසා වැඩක් කර ගන්න වුණත් පහසුයි. ඒත් මං කවදාවත් මගේ ජනප‍්‍රියකමෙන් අයුතු ප‍්‍රයෝජනයක් ගන්නේ නැහැ.
නිපුණි ආයෙ ඉපදෙන්න ප‍්‍රාර්ථනා කරන්නේ මොන රටේද?
කතා දෙකක් නැහැ ලංකාවේමයි.
ඇයි ඉන්දියාව වගේ රටක අකමැතිද?
ඉන්දියාවෙ ඉපදුනා නම් නිළියක් වෙලා ලෝ ප‍්‍රකට වෙන්න තිබුණා. නමුත් පුංචි වුණත් කලා ලොව පුංචි වුණත් ලංකාවට මං හරිම ආදරෙයි.
නිපුණිට අවස්ථාවක් ලැබුණොත් තමන්ගේ ගති ගුණයක් වෙනස් කර ගන්න?
මට ඉක්මනට කේන්ති යනවා. කොච්චර ඉවසන්න හැදුවත් බැහැ. මං ඒ වරයෙන් මට තියෙන ඒ නරක ගති ගුණය වෙනස් කර ගන්නවා.භසචමබසන් ්‍යැඅ්ට්ප්ටැ - ඨදිිසච ඛ්බන් භැඅි
ඔබ වැඩියෙන් අපහසුතාවයකට පත් වූ මොහොත මතක් කළොත්?
පාසල් යන කාලේ බස් එකේ ගෙදර එනකොට කවුදෝ ඇවිත් මගේ ඇ`ගට හේත්තු වුණා. මම දැන් ඒ මිනිහට හිරවෙලා. මට හරිම කේන්තියි. ඒත් කරකියා ගන්න දෙයක් නැහැ. ඒ වෙලාවේ මං කොච්චර අපහසුතාවයට පත් වුණාද කියලා කිව්වොත් වචනත් නැහැ ඒ ගැන කියන්න.
නිපුණි ඇයි තෝරා බේරා ගෙන යාළුවො ඇසුරු කරන්නේ?
මේ ක්ෂේත‍්‍රයේ විතරක් නෙවෙයි කොයි ක්ෂේත‍්‍රයේ වුණත් හැමෝම විශ්වාස කරන්න බැහැ. ඉතින් මම විසින්ම තෝරා බේරා ගත් අතිශය විශ්වාස කරන්න හැකි යාළුවෝ අතලොස්සක් තමයි මං ආශ‍්‍රය කරන්නේ.
කෝ ඔබේ දේශපාලනයට සබඳකම් තියෙන පෙම්වතා?
එයා හොඳින් ඉන්නවා.
නිපුණිත් කවදා හරි දේශපාලනයට අවතීර්ණ වේවිද?
මෙහෙමයි. එයාගෙ පවුලේ අය තමයි දේශපාලනයට සම්බන්ධයි. පෙම්වතා ව්‍යාපාරිකයෙක්. ඔහු එන්නේ නැතුව මං කොහොමද දේශපාලනයට එන්නේ.
ඔබේ පෙම්වතාට දර්ශන තලවලට පැමි”මට තහනම් කර තිබෙන හේතුව මොකක්ද?
මං කවදාවත් එයාට නීති රීති දාලා නැහැ. එයාමයි නෑවිදින් ඉන්නේ.
ඔබ ර`ගපානවට ඔහු කමැතියි?
ඔව්.
විවාහ වුණායින් අනතුරුවත්?
තවම විවාහයට දින දාගෙන නැහැ. බැන්දට පස්සේ ගන්න තීරණ ගැන තවම හිතලා නැහැ.
පොඩි මාමා දර්ශන තලයේදී ඉන්න කොට ඔබේ වැඬේම නිතරම හිනාවෙන එකලූ. ඇත්තද?
හරියට හරි. පොඩි මාමා ලෙස ර`ගපාන්නේ ප‍්‍රියන්ත සෙනෙවිරත්න. ඔහු ඉන්න තැන හිනා නොවී සිටියොත් තමා දක්ෂකම.
කවුරුන් හෝ ඔබ ගැන ඔබේ මුහුණටම කියපු හොඳම වදන මොකක්ද?
නිපුණි ඔයා හරිම නිහතමානි කෙනෙක්’


0 comments:
Post a Comment