කාන්තා ක‍්‍රිකට් ලිංගික අල්ලස් චෝදනා සොයන්න කමිටුවක්

by December 05, 2014 0 comments
ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායම තෝරාගැනීමේදී ලිංගික අල්ලස් ලබාදෙන බවට එල්ලවන චෝදනා
සම්බන්ධයෙන් සොයාබලන බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය කියයි.

කෙසේවුවද ක‍්‍රිකට් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පවසන්නේ කාන්තා ක‍්‍රිකට් ක‍්‍රීඩිකාවන්ගෙන් ලිංගික අල්ලස් ලබාගැනීමක් සිදුවන බවට චෝදනා එල්ල වුවද ඒ සම්බන්ධයෙන් මෙතෙක් නිල පැමිණිල්ලක් ලැබී නොමැති බවයි.

එසේ වුවද ඒ පිළිබඳ සොයාබැලීමට කමිටුවක් පත්කරන ලද බවත්, එම කමිටුව අදාළ චෝදනා ආශ‍්‍රිතව පළවූ මාධ්‍ය වාර්තා පදනම් කරගනිමින් කරුණු සොයා බලන බවත් ඈෂ්ලි ද සිල්වා මහතා පවසා තිබේ.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ උප සභාපති මොහාන් ද සිල්වා, ලේකම් නිශාන්ත රණතුංග, සහකාර ලේකම් හිරන්ත පෙරේරා, තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය යන මහත්වරුන්ගෙන් සමන්විත කමිටුවක් මේ පිළිබඳ සොයා බලන බව වාර්තා වේ.

Dating Local Club

Developer

Cras justo odio, dapibus ac facilisis in, egestas eget quam. Curabitur blandit tempus porttitor. Vivamus sagittis lacus vel augue laoreet rutrum faucibus dolor auctor.

0 comments:

Post a Comment