ආක්ෂා ඉන්දියාවට නිතර යනව එනවා නේද? මම මගේ ව්‍යාපාර කටයුතුවලට පිටරට යනවා. ඒ ව්‍යාපාර කටයුතු විශ්වාස කරලා මට වෙන කෙනෙකුට දෙන්න බැහැ
. ඒ නිසා මට ඒ වෙනුවෙන් යන්න වෙනවා. ඒ වගේම ඉන්දියාවේ කමර්ෂල් එකකට හරි මොකක් හරි නිර්මාණයකට සම්බන්ධ වෙන්න තිබුණොත් මම යනවා.
මගේ මැනේජර් කෙනෙක් ඉන්දියාවල ඉන්නවා. ඉතින් වැඩක් තිබ්බොත් විතරයි මම ඉන්දියාවට යන්නේ. සමහරු ඒ ගැනත් කටකතා පතුරනවා. ඉදිරියේදි මම නර්තනයෙන් සම්බන්ධ වුණ චිත‍්‍රපටයක් රිලීස් වෙන්න තියෙනවා.
ජාත්‍යන්තරයට යන්න හැමෝටම බැහැ. ඔබට ඒ අවස්ථාව ලැබුණේ කොහොමද?
ස්වර්ණවාහිනියෙන් කරපු ෆෙන්ඞ්ස් රූපගත කළේ ඉන්දියාවේ. ඉතින් මට ඒ කාලේ ඉන්දියන් අය එක්ක වැඩ කරන්න ලැබුණා. ඒ වගේම මගේ ආච්චි ඉන්දියන්. මගේ නෑදෑයෝ, යාළුවෝ ඉන්දියාවේ ඉන්නවා. මට හින්දි, ටැමිල්, තෙලිඟු භාෂා හොඳට පුළුවන්. ඒ නිසත් මට ඉන්දියාවේ වැඩ කරන්න අවස්ථාව ලැබුණා.
නිතර පේන්න නොහිටියත් ඔබ මතකයේ රැුඳුණු චරිතයක්ද?
ඔව්. ජනප‍්‍රිය වෙන්න හැමදාම ටී.වී. එකේ පේන්න ඉන්න ඕනේ නෑ. අපි කරන නිර්මාණය මතක හිටින විදිහට කළොත් පේ‍්‍රක්ෂකයෝ හැමදාම අපිට ආදරය කරනවා. කොහොමත් මම කරන ඕනම වැඩකට සාධාරණයක් කරන කෙනෙක්. ඒක රඟපෑමෙදි වගේම මගේ ව්‍යාපාරයෙදි, මගේ ගෙදර වැඩවලදිත් සිද්ධ වෙන දෙයක්.
ඔබ රංගනයෙදි සුපිරි චරිතයක්ද?
මම සුපිරියි කියලා කියන්නේ නෑ. මට හැම දේම ඉගෙන ගන්න තියෙනවා. හැබැයි ඉතින් කවුරු හරි කිව්වොත් මම රංගනයට සුපිරි චරිතයක් කියලා ඒක අහන්න මම කැමැතියි.
ආක්‍ෂා පෙරළිකාර චරිතයක්ද?
මම ඒක දන්නේ නෑ. හැබැයි ගොඩක් අය මං ගැන කතා කරනවා කියලා මම දන්නවා.
මොනවද ඔච්චරටම ඔයා ගැන කතා කරන්න තියෙන්නේ?
මම ඕන කෙනෙක් එක්ක කතා කරනවා. ලොකුකම් නෑ කියලා සමහරු මට කියනවා. ඉතින් සමහරු හම්බවුණාම මට කියනවා ඔයා හරිම හොඳයි අපි ඔයා ගැන කතා වෙනවා කියලා.
ගොසිප්වලින් කතාබහ වෙන චරිතයක් වෙන්න වුවමනා නැද්ද?
අනේ............ මට ගොසිප්වලින් ජනප‍්‍රිය වෙන්න වුවමනාවක් නෑ. ජනප‍්‍රිය වෙන්න විශේෂ දේවල් නොකළට මම ලස්සනට අඳින පලඳින චරිතයක් කියලා කතාබහට ලක් වෙනවා.
ලස්සනට ඇන්දම ජනප‍්‍රිය වෙන්න පුළුවන්ද?
ලස්සනට හිටියට මදි චරිතයත් හොඳ වෙන්න ඕන. හැබැයි ලස්සන කියන දේ නළුවෙක්ට නිළියෙක්ට වැදගත්. ඉතින් මම ඒ ගැන හිතලා වැඩ කරනවා වගේම ජනතාව ඉදිරියට එන කෙනෙක් විදියට මං ගැන හිතලා වැඩ කරනවා.
ඔබ ඇඳුම් පැලඳුම් තෝර ගන්නේ අනිත් අයගේ ආකර්ෂණය වෙන්න හිතාගෙනමද?
අනෙක් අයට ආකර්ෂණය වෙන්න නෙවෙයි. මම කැමැති දේ තමයි මම අඳින්නේ. මම ඉන්න රට අනුව ලිමිට් එකකට තමයි ඇඳුම් තෝර ගන්නේ.
නර්තන ශිල්පිනියක් වුණ ඔබ නර්තන තරගවලට ඉදිරිපත් වුණා. ඒත් තරගවලින් ඔබට සාධාරණයක් වුණේ නෑ නේද?
ඔව්. ඔය දේවල් අපේ රටේ විතරක් නෙවෙයි හැම තැනම සිද්ධ වෙනවා. මම හිතන්නේ තරගවලදි දක්ෂතාව වගේම වාසනාවත් තියෙන්න ඕන. දෙයක් ලැබෙන්න තිබුණොත් ඒක ලැබෙනවා. නොලැබෙන්න තිබුණොත් ඒක නොලැබිලා යනවා.
ඔබට ලැබීම්ද නොලැබීම්ද වැඩි?
මට ලැබීම වැඩියි. මම ඒ අතරින් වාසනාවන්තයි.
ආක්‍ෂා නිවේදිකාවක් විදියට සාර්ථකයි කියලා හිතනවද?
මම ප‍්‍රසන්ටර් කෙනෙක් වෙන්න හිතපු කෙනෙක් නෙවෙයි. නමුත් මට ඒ අවස්ථාව ලැබුණා. මුලින් බයෙන් පටන් ගත්තට මම දැන් මගේ හැකියාව දියුණු කරගෙන තියෙනවා. හැබැයි මම සියයට සියයක් සාර්ථක නෑ. නමුත් මම හැම තිස්සෙම කරන වැඩසටහන හොඳටම කරන්න උත්සාහ කරනවා.
ඔබ දැන් පෙම්වතියක්ද?
තවම නෑ. මට කෙනෙක් හිටියා කියලා මුළු ලෝකෙම දන්නවා. ඒත් දැන් මට පෙම්වතෙක් නෑ. මම දැන් හරි කෙනා ලැබෙනකල් මඟ බලාගෙන ඉන්නවා.
තිළිණි කෞශල්‍යා විජේසිංහ


0 comments:
Post a Comment