ලංකාව සමලිංගික අයිතීන් පිළිගන

by December 05, 2014 1 comments
ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් සමලිංගිකයන්ගේ අයිතිවාසිකම්ද තහවුරු වී ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව හමුවේ
ශ‍්‍රී ලංකාව විසින් පිළිගැනීම ඓතිහාසික පියවරක් බව සමලිංගිකයන් වෙනුවෙන් පෙනී සිටින සම බිම සංවිධානය පවසයි.

නම හෙළි නොකළ එම සංවිධානයේ ප‍්‍රකාශකයෙක් ජිනීවාහි, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවේ දී මේ සම්බන්ධයෙන් දැක්වූ අදහස් පිළිබඳව සංදේශය සමග සාකච්ඡුාවකට සහභාගී වෙමින් කියා සිටියේ ශ‍්‍රී ලංකාව වෙනුවෙන් සමුළුවට සහභාගී වූ නිලධාරීන් දැක්වූ ප‍්‍රතිචාරය සුවිශේෂී එකක් බවයි.

ඔහු තව දුරටත් කියා සිටියේ ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ වගන්ති අංක දොළහ අනූ අංක එක යටතේ සියලූම ලිංගික අනන්‍යතාවයන් දරන පුද්ගලයන් සමාන කොට සලකන බවට පැහැදිලිවම සඳහන් වන අතර එම වගන්තියේ අනූ අංක දෙක යටතේ සිය ලිංගික අනන්‍යතාවය මත යම් අයෙකු වෙනස් කොට සලකන්නේ නම් හෝ පීඩාවට ලක් කරන්නේ නම් එය ව්‍යවස්ථාවට පටහැණි බව සටහන් වන බවයි.

සමුළුවේදී ශ‍්‍රී ලංකා බලධාරීන් විසින් ඉදිරිපත් කළ ප‍්‍රතිචාරය ශ‍්‍රී ලංකාව තුල සම ලිංගික අයිතිවාසිකම් සුරැුකීම සම්බන්ධයෙන් සිදු වූ වැදගත් සිදුවීමක් බවයි ඔහු කියා සිටියේ.

Dating Local Club

Developer

Cras justo odio, dapibus ac facilisis in, egestas eget quam. Curabitur blandit tempus porttitor. Vivamus sagittis lacus vel augue laoreet rutrum faucibus dolor auctor.

1 comment: